Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්ධන මිලට එරෙහිව පුංචි මන්ත්‍රීවරු පාපැදිවලින්

ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය දක්වමින් බෝපේ ‍පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා ඇතුළු මන්ත්‍රීවරු කළු පටි පැළඳ විරෝධතා පුවරු  ප්‍රදර්ශනය කරමින් පාපැදිවලින් ඊයේ (15) පැවැති බෝපේ ‍පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට පැමිණියහ.
මෙකී මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් පාපැදිවලින් ප්‍රාදේශීිය සභාව වෙත පැමිණෙද්දී ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් තණකොළ හා පිදුරු මිටි රැගෙනවිත් මොවුන් ප්‍රාදේශීය සභා කාර්යාලය අසලදී පිළිගනු ලැබිය.  ක‍ලේගානේ හන්දියේ සිට ‍පොහොට්ටුවේ සභාපතිවරයා ඇතුළු  මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන් කළුපටි පැළඳ විරෝධතා පුවරු  ප්‍රදර්ශනය කරමින් රතිඤ්ඤා  පත්තුකරමින් සභා රැස්වීමට සහභාගිවීමට පැමිණියහ. රනිල්ගේ පාලනය දැන් රටම කළුවරේ. මහ බැංකුව කාලා සුද්දා, තෙල් ටැංකිය දැම්මා ඉබ්බා සටන් පාඨ ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් ‍පොහොට්ටුවේ මන්ත්‍රීවරු පැමිණියහ.
මේ අතර එ.ජා.ප. මන්ත්‍රීවරුද මෙයට විරෝධතා පළ කරමින් සභා කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියහ.
 
කමල් විජේහේවා -  ගාල්ල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.