Coss Ear2
lakbima.lk
COSS Ear 1

මව් සෙනෙහෙ උපමා කොට ලියැවුණු කවි ගී ලක්ෂ ගණනක් ඇත්තේය. මානවයා බිහි වූ දා පටන් ආත්මගතව එන මේ සෙනෙහස මහා මන්දිරයේ, අතු පැ‍ලේ කියා වෙනස් වන්නේ නැත. එහෙත් මේ මව් සෙනෙහස අපට දකින්නට ලැබෙන්නේ කැලණි ගඟ පිටාර ගලා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්ව කොටුවිල ගාමිණී විද්‍යාලයේ රැඳී සිටින අම්මා කෙනෙකුගෙනි.  ඩෙස් බංකුවලින් තැනූ  තාවකාලික යහනක දරුවා නළවන මේ අම්මා අපට කියා දෙන්නේ මහ වැසි, සුළි සුළං, ගංවතුර ඈ මධ්‍යයේ වුව මව් තුරු‍ලේ දරුවාට ඇති රැකවරණයේ අපූර්වත්වයයි. 
 
ඡායාරූපය - ප්‍රියන්ත ගමගේ

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාපතිවරයාගේ උපදෙස් මත 582 වන බලසේනාවේ භට පිරිස් හොරණ, වගාවත්ත ප්‍රදේශයේ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල නියැලී සිටී.  එම ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් නිවසක පැවැති දානමය පින්කමක් සඳහා ජලයේ වුවද ධාවනය කළ හැකි වර්ගයේ සන්නද්ධ රථයකින් මහා සංඝරත්නය වැඩම කරවූ අයුරු.

කුලියාපිටියේ ගංවතුර තත්ත්වය සමග මාර්ග ගමනාගමනයට බාධා ඇතිවූ නිසා ආදාහනාගාරයට ගෙනයාමට නොහැකිව තිබූ මෘත දේහයක් කුලියාපිටිය නගර සභාපති ලක්ෂ්මන් අධිකාරී මහතාගේ මැදිහත් වීමෙන් ට්‍රැක්ටර් රථයකින් රැගෙන ගිය අයුරු.
 
ඊ. ඇම්. සෝමසිරි - කුලියාපිටිය

ගංවතුර තර්ජනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 4256 ක පුද්ගලයන් 12760 ක් අවතැන්වී සිටින බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. අවතැන් වූ පිරිස් වෙනුවෙන් සුරක්ෂිත ස්ථාන 59 ක් මේ වන විට ස්ථාපනය කර ඇත.

ආපදාවට ලක්වූ ප්‍රදේශ වල තත්ත්වය සොයා බැලීම සදහා වාරි මාර්ග,ජල කළමනාකරණ හා ආපදා කටයුතු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා එම ප්‍රදේශ වල නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.






ජුඩ් සමන්ත

 

 

 


ත්‍රස්තවාදය පරදා ලක්වාසී සියලු ජනතාවට නිදහස් නිවහල් රාජ්‍යයක් උදාකර දීමට දිවිහිමියෙන් සටන් වැදුණු වීරෝධාර රණවිරුවන්ට උපහාර පිදෙන වාර්ෂික රණවිරු සැමරුම මෙවරද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (19) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙහිදී රණවිරු ස්මාරකය වෙත පුෂ්‍පෝහාර දැක්වූ ජනාධිපතිවරයා මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට සිය උත්තමාචාරය පිරිනැමීය.


සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට සහ ඉන්දියාව සමග අත්සන් කිරීමට යන එට්කා ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහා ඊයේ (17) දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් එක්දින වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව අපහසුතාවට පත්වූහ. ඒ හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව වෛද්‍යවරුන් නොමැති වීමෙන් අපහසුතාවට පත්ව සිටි අයුරු. 

ඡායාරූපය - ප්‍රියන්ත ගමගේ

Page 1 of 47

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.