Coss Ear2
lakbima.lk
COSS Ear 1

මැලේසියාවේ පැවැත්වෙන 16වන ආසියානු ආරක්‍ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළුව - 2018සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක,ක්වාලා ලාම්පුර් නුවර පිහිටි මැලේසියානු ජාත්‍යන්තර වෙළඳ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ (Malaysia's International Trade and Exhibition Centre)පැවති සමුළුවේ අවසන් සැසියේ දී මැලේසියානු යුද්ධ හමුදා ප්‍රධානිජෙනරාල් ඩාටෝ ශ්‍රී සුල්කිපල් බින්හජ්කසීම් (General Dato’ Sri Zulkiple bin HjKassim) හමුවිය.

යුද්ධ හමුදාවේ වාර්ෂිකව පැවැත්වෙනප්‍රධාන අංගයක් වන ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2018’ සඳහා සහභාගි වන ලෙස ද එහිදි යුද්ධ හමුදාධිපතිතුමා මැලේසියානු හමුදා ප්‍රධානි වෙත ආරාධනා කරනු ලැබීය. තවද මැලේසියානු යුද්ධ හමුදා ප්‍රධානි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ත්‍රස්තවාදය තුරන්කිරීමට දැක් වූ කාර්යභාරය මහත්සේ පැසසුමට ලක් කළ අතර,එමඟින්මැලේසියානු යුද්ධ හමුදාවට ද එම අත්දැකීම් ප්‍රයෝජනවත් වන බව පැවසූහ.

තවද මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානි මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික පුහුණු වැඩසටහන් පැවැත්වීමේ වැදගත්කම ද පෙන්වා දුන්හ.තවද එහිදි ලුතිනන් ජෙනරාල් සේනානායක විසින් ජාත්‍යන්තර අවධානය දිනාගෙන තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘දියකාවා’ වැනි යුද අභ්‍යාසය සඳහා ඉදිරියේ දී භට පිරිස් සහභාගි කරවන ලෙස ද මැලේසියානු හමුදා ප්‍රධානි වෙත ඉල්ලීමක් කළහ. එමෙන්ම දෙරටේ යුද්ධ හමුදාවන්ට අනාගතයේ දී වැදගත්වන අනෙකුත් පුහුණු වැඩසටහන් පිළිබඳව ද එම සුහඳ හමුවේ දී සාකච්ඡාවට බඳුන්විය.

මෙම හමුව අවසානයේ දෙපිරිස අතර හොඳ හිත සහ සුහඳත්වය වර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

පසුගියදා නැගෙනහිර පළාතේ හෙන්නානිගල පැවැති පාරම්පරික ආදි වාසින්ගේ අවුරුදු උත්සවයකට සහභාගි වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට ආදි වාසියෙකු පාරම්පරික දුනු හරඹ ගැන විස්තර කළ අයුරු. මෙම අවස්ථාවට ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝද සහභාගි වූහ. 
 
ඡායාරූපය- යුද හමදා මධ්‍යස්ථානය 

ලන්ඩන් නුවර සිටින ඵල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිස් පසුගියදා එහි ‍පොදුරාජ්‍ය මණ්ඩලීය ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ. ඒ ‍පොදුරාජ්‍ය මණ්ඩලීය විසිපස් වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා එහි ගිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට විරෝධය පළකරමිනි. ඔවුන්ගේ ප්‍රමුඛතම සටන් පාඨ වූයේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුය, උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු දිය යුතුය යන්නයි. එරට සිටින දෙමළ කොටස් මෙසේ වීදි බසින්නේ සැබවින්ම මෙරට වෙසෙන සිය සහෝදර ජනතාවගේ ප්‍රශ්න නිසාද නැත්නම් තමන්ට තවදුරටත් එංගලන්තයේ සිටින්නට නම් ලංකාවේ ප්‍රශ්න ඇති බව එරට බලධාරීන්ට මෙසේ ඒත්තු ගැන්වුවහොත් පමණක් නිසාමද?

ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් පුළුල් කරමින් ශ‍්‍රී ලංකාව තුළ සෘජු ආයෝජන රැසකට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බවත් බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අද (18) පස්වරුවේ ලන්ඩන් නුවරදී හමුවූ ලියම් ෆොක්ස් මහතා මේ බව සඳහන් කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලියම් ෆොක්ස් මහතා සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ තොරතුරු බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළ ද අන්තර්ගත කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදහස් දක්වමින් කියා සිටියේ අද ශ‍්‍රී ලංකාව තුළ විදේශ ආයෝජනවල වර්ධනයක් ඇතිව තිබෙන අතර සංචාරක ක්ෂේත‍්‍රයේ ද සුවිශේෂී ප‍්‍රගතියක් සිදුව තිබෙන බවයි. සියලු රටවල් සමඟ මිත‍්‍රත්වය ගොඩනගා ගනිමින් ශ‍්‍රී ලංකා රජය ගෙන යන මිත‍්‍රශීලී විදේශ ප‍්‍රතිපත්තිය තුළින් මාතෘ භූමියට ජයග‍්‍රහණ රැසක් උදාකර ගැනීමට හැකිවී තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ විදුලිබල උත්පාදන ක්ෂේත‍්‍රයේ නව ආයෝජන පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර කෘෂිකාර්මික සහ පශු සම්පත් ක්ෂේත‍්‍ර පිළිබඳව ද ප‍්‍රමුඛතාවයක් ලබාදී තිබෙන බවයි.

බි‍්‍රතාන්‍ය රජය නිරන්තරයෙන් ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ලබාදෙන සහය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.
 

මේ අතර ශ‍්‍රී ලංකාවට ඉතාමත් හිතවත් අයුරින් කටයුතු කරන බි‍්‍රතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු සභික බාරෝන් නෙස්බි (Baron Naseby)  සාමිවරයා ද ලන්ඩන් නුවරදී ජනාධිපතිතුමා මුණ ගැසිණි.

ශ‍්‍රී ලංකා රජය අද ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ නෙස්බි සාමිවරයා ශ‍්‍රී ලංකාවේ සැබෑ මිත‍්‍රයකු ලෙස ඒ වෙනුවෙන් ලබාදිය හැකි සියලු සහය ලබාදෙන බවට ද සහතික විය.

එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සංහිඳියා සහ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ද අගය කළ සාමිවරයා පශ්චාත් යුද සමයේ ශ‍්‍රී ලංකාව ඉටුකරමින් සිටින කාර්යභාරය ලොව අන් රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක පවතින බව ද කියා සිටියේය.

එම වැඩපිළිවෙළ පිළිබඳ නිවැරදි සහ ප‍්‍රමාණවත් තොරතුරු යුරෝපීය රටවලට සහ ජිනීවාවලට නිසි පරිදි නොලැබීම කනගාටුවට කරුණක් වන අතර, එම සත්‍ය තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට තම උපරිම සහය ලබාදෙන බවට ද සහතික විය.

ශ‍්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව රටේ සංවර්ධන සහ සංහිඳියා වැඩපිළිවෙළ වෙනුවෙන් නෙස්බි සාමිවරයා ලබාදෙන පෞද්ගලික මැදිහත්වීම පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමීය.

 

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුඑවට සහභාගී වීමට ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ දී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සදහා එක්විය.
 
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිතුමා ඇතුඑ පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගල්වා ආශිර්වාද පළකළහ.
අනතුරුව විහාරස්ථානයේ පැවති ආගමික වතාවත් සදහා ද ජනාධිපතිතුමා එක්විය.
 
ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා, උදාවූ අලූත් අවුරුද්දට ශූභාශිංසන පළකළේය.
 
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුඑ ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්විය.
ඡායාරූප : සුදත් සිල්වා

විල්බැරෝ සෙල්ලම අයිති පුංචි උන්ට මිස වැඩිහිටියන්ට නොවේ. ඒත් පසුගියදා කරදඬු උස් වූ මේ හැඩි දැඩි තරුණයෝ කොළඹ නගරය මැද්දේ පුංචි උන් මෙන් විල්බැරෝ සෙල්ලම කළේ විනෝදයට මිස දිනන්නට නොවේ. ඒ බස්නාහිර පළාත් නගර සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කර තිබූ සිංහල අවුරුදු උත්සවයේදීය. අලුත් අවුරුද්ද පුංචි උන්ගේය. අලුත් අවුරුද්දක වැඩිහිටියන්ද පුංචි උන් බවට පත් කරන්නේ යැයි කියන කතාවට තවත් සාක්ෂි ඕනෑ නැත්තේය. 
 
ඡායා: ලක්රුවන් වන්නිආරච්චි

Page 1 of 43

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1198

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1061

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1657

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3177

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4027

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4160

Please publish modules in offcanvas position.