අවශ්‍ය ද්‍රව්‍ය
වම්බටු - ග්‍රෑම් 100, කජුමද - ග්‍රෑම් 100
කොස්ඇට - ග්‍රෑම් 100, අළු කෙසෙල් - ග්‍රෑම් 100
රතු තම්පලා - ග්‍රෑම් 100
කරවල හෝ හාල්මැස්සන් - ග්‍රෑම් 100
වට්ටක්කා කැරට් - ග්‍රෑම් 100
රතුලූනු අහුරක්
අමුමිරිස් කරල් 2ක්
රම්පෙ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
අබ ඇට තේ හැඳි 1/2
තෙල් මේස හැදි 2-3ක්
දියකිරි අඬුු කෝප්ප 2
මිටිකිරි - අඬුු කෝප්ප 2
ලුණු රසට අනුව
සාදන ආකාරය
සියලුම එළවළු වර්ග සෝදා කුඩාවට කපා ගන්න. කොස් ඇට තලා පොතු ඉවත්කර සුද්ද කරගන්න. කජුමද පොඟවා ගන්න. රතුලූනු, අමුමිරිස් සිහින්ව ලියා ගන්න. කරවල හෝ හාල්මැස්සන් ඉතාම හොඳින් පිලී යන ලෙස සෝදා ගන්න. දැන් ඇතිලියක් ගෙන එයට තෙල් දමා රත් කර ගන්න. එයට කරවල හෝ හාල්මැස්සන් ටික දමන්න. බැදීගෙන එනවිට රතුලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, අබ ඇට දමන්න. තෙම්පරාදු වී ගෙන එනවිට කොස්ඇට සහ කජු මද එකතුකර දියකිරි ටිකක් දමා තැම්බෙන්නට හරින්න. කොස්ඇට තැම්බිගෙන එනවිට අළුකෙසෙල්, වම්බටු දමන්න. ඒවාද තැම්බිගෙන එනවිට තම්පලා සහ වට්ටක්කා කැරට් දමන්න. හොඳින් තැම්බුණුු පසු මිටිකිරි දමා නටවා ගන්න. ප්‍රදේශයෙන් ප්‍රදේශයට හත්මාලුවට ගන්නා කළමනා වෙනස්වෙයි. සමහර පැතිවල එළවළු වර්ග පමණක් යොදා ගනී
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.