Coss Ear2
lakbima.lk
COSS Ear 1

“ඒකීය” වචනය ව්‍යවස්ථාවේ තිබිය යුතුය

Thisu

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තා කෙටුම්පත මේ වනවිට නිකුත් වී තිබේ. එහි අන්තර්ගත වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමට පත්කළ කමිටු 06 වාර්තාවේ අඩංගු යෝජනාය. මෙම යෝජනා සම්බන්ධයෙන් දැනටමත් රට තුළ විවිධ අදහස් පැතිර යමින් තිබේ. විශේෂයෙන් පවත්නා ව්‍යවස්ථාවේ මෙරට හඳුන්වා දී ඇත්තේ ඒකීය රාජ්‍යයක් ලෙසය. නමුත් කමිටු 06 යෝජනා අන්තර්ගත කළ, සකස් කළ අතුරු වාර්තාවේ යෝජනා 04ක් ඇතුළත් වන අතර එහි 1,2,3, යෝජනාවන්හි ශ්‍රී ලංකාව නොබෙදූ රාජ්‍යයක් ලෙස සඳහන් කර තිබුණද ඒකීය යන වචය එම යෝජනා වන්හි ඇතුළත් නොවේ. ඒවා බොහොමයක් ඒකීය රාජ්‍යයන්ට ප්‍රතිවිරුද්ධ මතවාදයන්ය. කෙසේ නමුත් ඒකීය යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් වීමට මේ රටේ බහුතර සිංහල ජනයා එකඟ වන්නේ නැත. එවැනි යෝජනාවන් වුව ඉදිරිපත් කිරීම මහජනයාගේ අප්‍රසාදයට ලක්විය හැකි කාරණයකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙකී යෝජනා සම්බන්ධයෙන් දැනටමත් සිය අවධානය යොමු කර ඇති අතර දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවත්නා 1 හා 2 වගන්ති ඒ අයුරින්ම පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී තිබේ. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වගන්තියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයකි ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලබයි. එහි 2වන වගන්තියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි යනුවෙනි. එම වගන්තිවල සඳහන් වචනමාලාව වෙනස් නොවිය යුතු බව ශ්‍රීලනිපයේ මෙන්ම ජාතික ඒකාබද්ධ කමිටුවේද අදහස වී තිබේ.
ඒකීය යන වචනය ඉවත් කිරීමේ අරමුණ ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීම බව රට තුළ සිටින සිංහල බෞද්ධ බලවේගයන්ගේ අදහස බැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කළ යුතුව තිබේ.

ශ්‍රීලනිපයේ මතය

මෙම අතුරු වර්තාව පවතින ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාව මෙසේය. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය  ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලයද ඇතුළත් වන්නේය. යනුවෙනි. නමුත් එම තුන්වන වගන්තිය දැනට පවතින ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ මේ ආකාරයටය. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍ය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේය. මෙම වගන්තියේද වෙනස් විය යුතු නැති බව ඒකාබද්ධ විපක්ෂයේ ද අදහස වී තිබේ. ව්‍යවස්ථාවේ දැනට පවතින තුන්වන වගන්තිය වෙනස් නොකළ යුතු බව දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවන්හි ද සඳහන් වේ. එසේම ශ්‍රීලනිපයේ ස්ථාවරයද ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය වෙනසකට ලක්කිරීම නුසුදුසු බවය.
රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 4වන වගන්තිය සඳහා අතුරු වාර්තාවේ සඳහන් යෝජනාවද උචිත එකක් නොවන බව ‍පොදු මතය වී තිබේ. විශේෂයෙන් ඒ සඳහා සිය මතය සඳහන් කර ඇති දිනේෂ් ගුණවර්ධන මහතාගේද යෝජනාව වී ඇත්තේ පවතින ව්‍යවස්ථාවේ 4 වගන්තිය ඒ අයුරින්ම තිබිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ ස්ථාවරයද වනුයේ එයමය.

ජනරජය ශ්‍රී ලංකාව කිරීම

ශ්‍රී ලංකාවේ දේශ සීමාව සම්බන්ධයෙන් සඳහන් පස්වන වගන්තිය ද නව යෝජනා අනුව වෙනසකට ලක්ව තිබේ. එම යෝජනාව අනුව තම අදාළ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුළුල් පැහැදිලි කිරීමක් දක්නට ලැබුණත් පවතින ව්‍යවස්ථාවේ සඳහන් ජනරජය යන වචනය එම වගන්තියෙන් ඉවත්කොට ඒ සඳහා ශ්‍රී ලංකාවේ යනුවෙන් සඳහන් කර ඇත. මෙම වගන්තියද දැනට ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට තිබිය යුතු බව බහුතරයේ අදහස වී තිබේ.
නව ව්‍යවස්ථා යෝජනා අනුව ජාතික කොඩිය වෙනසකට ලක්වන බවට විවිධ මත පළ වුවත් එවැනි වෙනසක් නව යෝජනා තුළද අන්තර්ගතව නැත. දැනට පවතින ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයටම එම වගන්තිය සඳහන්ව ඇත. නමුත් ශ්‍රී ලංකා ජන රජයේ ජාතික කොඩිය යන්න යෝජනාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය යනුවෙනි. නමුත් බරපතළවෙනසක් නොමැත වුවත් ඊට පසුව එන සංශෝධනයන් අනුව එම වචනයේ වෙනස්වීමද එතරම් හිතකර නොමැති බව ජාතික ඒකාබද්ධ කමිටුවේ විවරණ අනුව පෙනී යයි. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රීලනිපය ද කියා සිටිනුයේ එම වගන්තියද දැනට පවතින ආකාරයෙන් තිබිය යුතු බවය.
ශ්‍රී ලංකාවේ ජාතික ගීය සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාවේ 7 වැනි වගන්තියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය. එය අතුරු වාර්තාවේ සඳහන් වනුයේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය යනුවෙනි.
ජනරජය යන වචනය ඉවත් කෙරී ඇත. කෙසේ නමුත් ජාතික ගීය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සංවිධානය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. යන පක්ෂ එම වගන්තියට එක්කර ඇති සංශෝධනය මෙසේය.
ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකා මාතා හා දෙමළ භාෂාවෙන් ශ්‍රී ලංකා තායේ ගීය වන්නේය. මෙම යෝජනාව සඳහා විශේෂ විරෝධයක් මතු වී නොමැත. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එම යෝජනාව අනුමත කර ඇත.

(නව යෝජනාවල බුද්ධාගමටහිමි තැන ලබන සතියට)

thisu@lakbima.lk

තිසූ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 546

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1416

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3252

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2616

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3790

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4788

Please publish modules in offcanvas position.