Coss Ear2
lakbima.lk
COSS Ear 1

බෞද්ධ දර්ශනය සහ යහපාලනය

රාජ්‍ය පාලනය සහ ලෞකික දෙයක් වුවත් බෞද්ධ දර්ශනය අනුව යහපත් හා විධිමත් රාජ්‍ය පාලනයක් තිබිය යුතු බව පිළිගනී. එබැවින් රටක යහපාලනයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වන රාජ්‍ය ප්‍රතිපත්තීන් බුද්ධ දේශනාවන්හි  ඉදිරිපත් කර ඇත. රාජ්‍යයේ ආරම්භය දෙස ආපහු හැරී බැලීමේදී පුද්ගල ක්‍රියාකාරකම් හේතුවෙන් හටගත් ගැටුම් නිරාකරණය  කර ගැනීමට තමන්ට ඉහළින් පුද්ගලයකු සිටිය යුතු බව ජනතාව තීරණය කළේය. සියලුදෙනාගේ සම්මතයෙන් හෙවත් මහා සම්මතයෙන් පුද්ගලයකු පත්කර ගත්හ. යුක්තිය පසිඳලීම  වෙනුවෙන් ඔහුට අස්වැන්නෙන් කොටසක් මහජනයා විසින් පිරිනමා ඇත. මෙය ලෝකයේ මුල්ම බදු පිළිවෙතයි. සමාජයේ තිබූ දූෂණයන් පිටුදැක යහපාලනයක් ඇතිකොට  ජනතාව රංජනය කරන්නා හෙවත් සතුටට පත් කරන්නා යන අරුතෙන් රාජා යන නම ඔහුට පට බැඳිණ.
අග්ගඤ්ඤ සූත්‍රයේ පැහැදිලි කෙරෙන අන්දමට රාජ්‍ය බිහි වන්නේ දේව නියමයෙන් නොව සමාජ සම්මුතියකිනි. පසුකාලීනව බටහිර  දේශපාලන විචාරකයන් සමාජ සම්මුතිවාදය නමින් ඉදිරිපත් කරන ලද්දේ මෙම සංකල්පයයි. රාජ්‍ය පාලකයා යනු සාමූහික සම්මතයකින් පත්කරනු ලබන සමාජය විසින් පවරන ලද වගකීම් ඉටුකරන්නෙකි. ධර්මයෙහි සහ සියලු ජනයා කෙරෙහි සමාජයෙහි සමානාත්මයෙන් රාජ්‍ය විචාරීම ඔහුගේ වගකීම වේ.
බෞද්ධ ධර්මය අනුව පාලකයන් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු ධර්මානුකූල කරුණු 07ක් අවධාරණය කර ඇත. 1. දසරාජ ධර්මය, 2. දස සක්විතිවත්, 3. සප්ත අපරිහානි ධර්ම, 4. සතර සංග්‍රහ වස්තු, 5. සතර බ්‍රහ්ම විහරණ, 6. පංචශීල ප්‍රතිපදාව, 7. සතර අගතියෙන් ඉවත්වීම එම කරුණු 07  වේ.
පාලකයා චරිතවත් පුද්ගලයකු විය යුතුය. එසේ නොමැති වූ විට මහජන මුදල් අයහපතට යොමු වේ. එසේම නුසුදුසු අය පාලනයට හවුල්කර ගනී. සීලය තුළ එසේ අයහපත් දේ සිදුනොවේ. රාජ ධර්මයන්ද පාලකයා තුළ තිබිම වැදගත්ය. පක්ෂග්‍රාහී
නොවී නීතිය අභිභවා නොයා, ආවේගශීලී නොවී මානසික ශික්ෂණයකින් කටයුතු කිරීම වැදගත්ය. එසේම අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම වැනි රාජ ධර්මයන් සේම පලිගැනීම් අනවශ්‍ය බදු බර ජනයා මත නොපැටවිය යුතු බව බුදු දහමේ ඉගැන්වෙන අතර පත්කර  ගන්නා පාලකයා එවැන්නෙක්ද යන්න අතීතය සහ අනාගතය සසඳමින් තේරුම් ගැනීමට රටවැසියා සමත් විය යුතුය.
බුදු දහම පෙන්වාදෙන රාජ්‍ය පාලන ක්‍රමයට ප්‍රකට නිදසුනක් සපයන්නේ ධර්මාශෝක රජුගේ පාලනයයි. මිනිසුන්ට මෙන්ම සතා සීපාවටද රෝහල් ඇති කිරීම, සියලු ආගමිකයන්ට සැලකීම, පරිසරය රැකීම වැනි ක්‍රියාවන් ඔහුගේ පාලනය තුළ දැකිය හැකි විය. ධර්මාශෝක රජුගේ රාජ්‍ය ප්‍රතිපත්තිය  මෙරටට හඳුන්වාදෙනු ලැබුවේ එතුමාගේ පුත් මිහිඳු මාහිමියන් විසිනි. දෙවනපෑතිස්ස රජුට උන්වහන්සේ පැවැසූ දෑ මහා වංශ ටීකාවේ සැකෙවින් පැහැදිලි වේ. මහරජ මේ භූමිය අපා, දෙපා, සිව්පා, බහුපා යනාදී සියලු සතුන්ගේ සහ අහසේ පියාසර කරන පක්ෂීන්ගේ උරුමයයි. ඔබ මෙහි හිමිකරුවා නොව තාවකාලික භාරකරුවා පමණි මෙරට පාලනය කළ බොහෝ රජවරුන් මෙම උපදේශය සිහියේ තබාගෙන රට පාලනය කළේය. බුදුදහමේ සඳහන් රාජ්‍ය ප්‍රතිපත්ති තිබෙන්නේ කවුරුන්ගේ අභිවෘද්ධිය උදෙසාද යන්න මින් ගම්‍ය වේ. රාජ්‍ය පාලකයා අනුගමනය කළ යුතු දස රාජ ධර්මයන් බුදු දහමේ සඳහන් වේ. 1. දානය, 2. සීලය, 3. පරිත්‍යාගය, 4. සෘජු භාවය, 5. මෘදු භාවය, 6. තපස, 7. අක්‍රෝධය, 8. අවිහිංසාව, 9. ඉවසීම, 10. අවිරෝධතාව එම දස රාජ ධර්මයන්ය.
ආර්ථික ප්‍රතිපත්තියද රාජ්‍ය පැවැත්මට ඉතා වැදගත්වේ. බෞද්ධ ආර්ථික ක්‍රමය පිළිබඳව  නූතන ආර්ථික විශේෂඥයන්ගේද අවධානය යොමුවී තිබිම සුවිශේෂී තත්ත්වයකි. බහු භාණ්ඩිකත්වයෙන් හා අධි පරිභෝජනයෙන් මිදුන සරල ජීවන රටාවක් බෞද්ධ දර්ශනයෙන් ඉගැන්වේ. 
නිෂ්පාදනය, විධිමත් භාණ්ඩ බෙදාහැරීම හා නිවැරදි කළමනාකරණය රටක ආර්ථික දියුණුවට අත්‍යවශ්‍ය සාධක වේ. දීඝනිකායේ කූටදත්ත සූත්‍රයේ එම අංශ තුනට බෙදා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත. උත්සාහ වීර්යයෙන්, කය වෙහෙසී දාඩිය හෙලීමෙන්, දැහැමි උපායකින් ධනය උපයා ගත යුතු බව කූටදත්ත සූත්‍රයෙහි පැහැදිලි කර ඇත. රාජ්‍යයෙන් සියලුදේ ලැබෙනතෙක් බලා සිටීම වරදක් බව මේ අනුව පෙනී යයි.
රටේ පවතින නීති කැඩීම නොකළ යුතුය. ඒවා රැකගත යුතුය. නීති සම්පාදනය සදාචාරාත්මකව පංචශීලය මත පිහිටුවිය යුතු බව බුදුදහමේ ඉගැන්වේ. ශාසනයේ ආයුෂ විනය බවත්, රාජ්‍යයක ආයුෂ නීතිය බවත් බුදුරදුන් දක්වා ඇත. ලිච්ඡවීන් අරබයා දේශනා කළ සප්ත අපරිහානි ධර්මය ඉහත සඳහන් කරුණු අඩංගු වේ. නූතන සමාජය භෞතිකමය වශයෙන් දියුණු වී තිබුණත් නවීණ තාක්ෂණය කොයි ආකාරයට යොදාගත්තද බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් විශේෂයෙන් ලිච්ඡවීන් උදෙසා දේශනා කළ ධර්මයේ අදටත් තිබෙන සමාජ වලංගු භාවය කෙතරම්ද යන්න විමසා බැලිය යුතුය. වැඩිහිටියන්ට ගරු සත්කාර කළ යුතු අතර ඔවුන්ගේ උපදෙස් ගරු කළ යුතුය, සමාජයේ සිටින කාන්තාවන්ට මනා ආරක්ෂාව හා රැකවරණය සැලසිය යුතුය, පැවැදි ශ්‍රමණ බ්‍රහ්මවරුන්ට සිව්පසයෙන් සහ අනෙකුත් උපස්ථාන කළ යුතුය. පවතින පූජනීය ස්ථානයන්ට  රැකවරණය සැලසිය යුතුය. රටේ පාලකයන් නිතර රැස්විය යුතුය. රටේ පාලකයන් සමගිව වැඩකටයුතු කර සමගිව විසිර යා යුතුය, සමගිව රැස්වී කරන ලද සාකච්ඡාවලින් එළැඹෙන නිගමන ක්‍රියාත්මක කිරීමට සමගිව පෙනී සිටිය යුතුය. නූතන ලාංකේය සමාජය තුළ මේ තත්ත්වය දැකිය නොහැකි  වුවත් එම තත්ත්වයන් වර්ධනය කර ගැනීමට සියලුදෙනා සාමූහිකව කටයුතු කිරීම වඩාත් උචිතය. බුදුදහමට අනුව රාජ්‍ය පාලකයන් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප්‍රමාදව කටයුතු කළ යුතුය. එසේ නොමැතිව සතුරු ආක්‍රමණයකදී හෝ ත්‍රස්තවාදී කැරැල්ලකදී සැඟව බියගුළුව පලා යාම බුදුදහම කිසිසේත් අනුමත කරන්නේ නැත. ආක්‍රමණික හෝ ත්‍රස්තවාදියකු ඉදිරියේ සමාජය යටත්විය යුතු නැත. ප්‍රශ්නය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත නොහැකි නම් පෙරළා පහරදිය යුතුය. ඒ ජනතාවගේ නිදහස හා අයිතිය රැක ගැනීම උදෙසාය. එවැනි ගැටුමකට යාමට ඉඩ තිබූ මැණික් පුටුවක් අරබයා චූලෝදර මහෝදර  අතර ඇතිවීමට ගිය ගැටුම බුදුරදුන් මෙරටට වැඩම කර සාමකාමීව විසඳූ බව අප ඉතිහාසයේ සඳහන් වේ. එසේ සාමකාමීව විසඳාගත නොහැකි අවස්ථාවල කටයුතු ආකාරයද බුදුදහමේ දැක්වේ. කෙසේ නමුත් බුදුන් වදාළ සූත්‍රයන්ට අනුව සංවිධිත ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් සංවර්ධනයේ ප්‍රතිලාභ සැමට බෙදී යන අර්ථ ක්‍රමයකට රට යා යුතුව ඇත.
 
thisu@lakbima.lk
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1694

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1374

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2183

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3498

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4283

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4450

Please publish modules in offcanvas position.