Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපේ ඡායාරූප අංශ ප්‍රධානී සිසිර හේමකුමාර මහත්තයලගේ ගෙවල් පැත්තෙ ඉන්න කලාකාරයෙක් පහුගිය දවසක උන්නැහේගේ කලා ජීවිතයට අවුරුදු විසි පහක් සම්පූර්ණවීම බොහොම උත්කර්ෂවත් විදිහට සැමරුවා.
මීට අවුරුදු විසිපහකට කලින් උන්නැහේ ලියපු කෙටිකතාවක් දිනපතා පුවත්පතක පළවීම තමයි එතුමන්ගේ කලා ජීවිතයේ ආරම්භය විදිහට සනිටුහන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ පත්තර, සඟරාවල උන්නැහේ ලියපු කෙටිකතා හත අටක් කවි පන්ති දහයක් දොළහක් විතර පළවෙලා තියනවා. නමුත් සාහිත්‍යමය වශයෙන් නම් ඒවයේ එච්චර වැදගැම්මක් නැහැ.
කොහොම නමුත් මේ කලාකරුවා ඒ පැත්තේ ඉන්න හොඳට වත්‍පොහොසත්කම් තියන කෙනෙක්. ඒ වගේම උන්නැහේ විනෝදයටත් බොහොම බරයි. ඒ හින්දා තමයි අපේ සිසිර මහත්තයා ඇතුළු තවත් හිතවත්තු කීපදෙනෙක් ඒ පැත්තේ උත්සව ශාලාවක ඒ කලාකරුවා සංවිධානය කරලා තිබුණු සුහද හමුවකට එක්වුණේ.
ඇත්ත වශයන්ම අපේ ගම් ප්‍රදේශයෙන් මේ පියදාස කුරේරා වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු බිහිවීම අපේ ගම් ප්‍රදේශවලට විතරක් ‍නෙවෙයි මේ මුළු පළාතටම ලොකු ආඩම්බරයක්. 
ඒ සතුටු සාදයේ උණුසුම්ම හරියේ දී අපේ සිසිර මහත්තයා රැස්වෙලා හිටපු පිරිස අමතමින් කිව්වා.
දැන් අපේ මේ පියදාස කුරේරා කලාකාරයෙක් හැටියට ලබාගෙන තියන කීර්තියේ හැටියට මම හිතනවා අනාගතයේ මෙතුමාගේ නම මේ ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ විභාග ප්‍රශ්නවලටත් එන්න පුළුවන් කියලා. ඒ කතාවේදී අපේ මිත්‍රයා එහෙම කියනකොට ඒ කතාව අහගෙන හිටපු කවුරුත් වගේ ලොකු උනන්දුවකින් ඒ කතාවට කන්දුන්නා.
ඒ කොහොමද මචං එහෙම වෙන්නේ? 
ඔය අතරේ එක යාළුවෙක් ඇහුවා.
මෙන්න මෙහෙමයි. දැන් මේ පළාතෙන් ජාතියට දායාද වෙච්ච මහගමසේකර, කේ. ජයතිලක, දයානන්ද ගුණවර්ධන වගේ මහා කලාකරුවන්ගේ නම් එක්ක මේ පියදාස කුරේරා කියන නමත් අනාගතයේ පාසල් දරුවන්ගේ බහුවරණ ප්‍රශ්නයක් හැටියට එන්න පුළුවන් අපේ සිසිර මිත්‍රයා කිව්වා.
එතකොට මොකක්ද ළමයින්ගෙන් අහන්න තියෙන ප්‍රශ්නය? එතකොට එතැන හිටපු තව හාදයෙක් ඇහුවා. එතකොට අපේ සිසිර මහත්තයාගේ කටහඬ තව ටිකක් උස් වුණා. ඇයි ඉතින්, ඉහත සඳහන් නම් අතුරින් නොගැළපෙන නම තෝරා යටින් ඉරක් අඳින්න කියන්න පුළුවන්නේ.

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2213

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3206

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3479

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1409

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3357

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2467

Please publish modules in offcanvas position.