Coss Ear2
lakbima.lk
COSS Ear 1

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුවැල්ල ප්‍රදේශයේ තියන අහුපිණිඇල්‍ලේ ඉහළ කොටසේ අද්භූත රූමත් කාන්තාවක් සැරිසරනවාය කියන ප්‍රවෘත්තිය පහුගිය දවස්වල සමාජ ජාල වෙබ් අඩවිවල පළ වුණා. අපේ පේරාදෙණියේ සුගත් දොස්තර මහත්තයා කොහොමත් මේ වගේ අද්භූත විශ්වාස සම්බන්ධයෙන් විද්‍යාත්මක ගවේෂණ කරන්න කැමති කෙනෙක්. ඒ හින්දා පහුගිය දවසක එතුමා තමන්ගේ හිතවත් දොස්තර මහත්වරු දෙතුන් දෙනෙකුත් එක්ක අහුපිණිඇල්ල පැත්තේ සංචාරය කළා. ඒ ආරංචියේ තිබුණු විශේෂත්වය තමයි ඒ අද්භුත කාන්තාව හුඟ දෙනෙකුගේ නෙත ගැටෙන්නේ දවල් කාලයට වීම.
 
කාත් කවුරුත් නැති තැන්වලදී තනියම ගමන් කරන අය ඉස්සරහට එන ඒ අද්භූත කාන්තාව එක සැනින් අතුරුදන් වෙන බවට තමයි ආරංචි පැතිරිලා තිබුණේ. කොහොම හරි තමන් ආව වාහනේ උඩුවැල්ල ගමේ ගෙදරක මිදු‍ලේ නතර කරපු මේ දොස්තර මහත්වරු කණ්ඩායම ඔය කියන පාළු ඉසව්ව හරහා දිය ඇල්ල පැත්තට යමින් හිටියා. 
 
සුගත් දොස්තර මහත්තයා කොහොමත් අංක එකේ පරිසරවේදියෙක් වගේම දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඒ හින්දා ඇල්‍ලේ උඩ කොටසේ දී තමන්ගේ මිතුරු පිරිස අතරින් ටිකක් මෑත් වුණු සුගත් මහත්තයා ඒ ඇල්ල මුදුනේ මනස්කාන්ත දර්ශන කීපයක් කැමරාවට හසු කර ගන්න පුංචි අඩි පාරක් දිගේ ටිකක් ඉස්සරහට ගියා; එහෙම ගිහින් සුදුසු තැනකදී එක මනස්කාන්ත දර්ශනයකට කැමරාව මානන කොටම කවුරුහරි තමන්ගේ උරහිසට අත තියන බව අපේ මිත්‍රයාට තේරුණා. එක පාරටම තරමක චකිතයකින් හිස හරවලා බලන කොට තමයි සුගත් මහත්තයට තේරුණේ හැරමිටියක් ගත්ත වයසක ආච්චි කෙනෙක් බව. අම්මා මේ ගමේමද? ඒ ආච්චිගෙන් සුගත් මහත්තයා බොහොම සුහද විදියට ඇහුවා. නමුත් ඒකට කිසිම උත්තරයක් නොදුන්නු ඒ ආච්චි බොහොම අහිංසක විදිහට හිනාවුණා. 
 
කොහොම හරි ඉතින් ඒ පින්තූර ගැනීම ඉවර කරලා අනික් දොස්තර මහත්තුරුත් එක්ක දිය ඇල්ල ළඟට ආපු සුගත් මහත්තයා ඒ අද්භූත කාන්තා රූපය ගැන ගම්මුත් එක්ක කතා කළා. 
 
“ඔය ගෑනු කෙනාගේ හොල්මන නම් අහිංසකයි සර්; ඒත් දැන් බේරෙන්න බැරි අනික් හොල්මනෙන් තමයි. එක සැරයක් පෙනුණාට පස්සේ ඒ හොල්මන ඒ පෙනුණු මනුස්සයගේ පස්සෙන් ගෙදරටම යනවලුනේ. එක ගැමියෙක් කිව්වා.
 
‘මොකක්ද එතකොට ඔය කියන අනික් හොල්මන' සුගත් මහත්තයාත් ලොකු කුතුහලයකින් ඇහුව. එතකොට ඒ ගැමියා 'ඇයි සර් මීට කලින් අහලා තිබුණේ නැද්ද ඇයි පිටිපස්සෙන් ඇවිත් උරහිස්සට තට්ටු කරන අර හැරමිටියක් ගත්තු ආච්චිගේ හොල්මන.'

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2214

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3206

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3479

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1409

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3358

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2468

Please publish modules in offcanvas position.