Coss Ear2
lakbima.lk
COSS Ear 1

ව්‍යාජ වෙස්සන්තර නාඩගම කාලීන සමාජ රංගනය පහුගිය දවසක ගෙදරට හැරෙන පාර අයිනේ එහෙම බැනර් එකක් එල්ලෙනවා දැක්ක එන්සිනා එක පාරටම ගැස්සුණා. අප මහ බෝධිසත්වයාණන් වහන්සේ දාන පාරමිතාව පුරන විදිහ බෞද්ධයන්ගේ හදවත් ඇතුළටම කිඳා බහින විදිහට ඉදිරිපත් කරලා තියන වෙස්සන්තර ජාතකය ‘ව්‍යාජ’ කියලා හැඳින්වීමකුත් එක්ක නාඩගමක් විදිහට ගමේ මිනිස්සුන්ට පෙන්නන්න යාම ගැන එන්සිනාගේ හිත ඇතු‍ලේ තදබල කැළඹීමක් ඇති වුණා. ඔය කැළඹීම අස්සේ ටික වෙලාවක් ඒ බැනර් එක දිහා බලාගෙන ඉන්නකොට තමයි නැටුම්වලට, සංගීතයට උපන් උපන්කම් කියන සූරසේන මාස්ටර් එතැනින් යන්න ආවේ. 
“මොකක්ද මාස්ටර් මේ විකාර බැනර් එක ?”
“මොකක්ද වෙස්සන්තර නාඩගම කියන්නේ” 
මාස්ටර්ව දැක්ක හැටියේ එන්සිනා ඇහුවේ ඒක කාගේ හරි මොළේ අමාරු කරයෙකුගේ වැඩක් කියලා හිතාගෙන. ඒත් එන්සිනාගේ ඒ කතාවට මාස්ටර්ට කට කොණකින් හිනා ගියා. 
“කිව්වම මොකද ළමයෝ ඔය නාඩගම ලිව්වෙ මම; ඔය නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙත් මම” මෙන්න එතකොටම සූරසේන මාස්ටර් කියාපි
“හැම පසළොස්වකටම පන්සලට ගිහින් සිල් සමාදන් වෙන මාස්ටර් මොකද බුද්ධාගමේ උගන්වන දාන පාරමිතාව ගැන මේ වගේ නමක් දමලා නාට්‍යයක් කරන්න හිතුවේ ?”
මාස්ටර්ගේ ඒ කතාවෙන් තක්කු මුක්කු වුණු එන්සිනා ඇහුවා. එතකොටම මාස්ටර්ගේ කට කොණකට ආයිමත් හිනාවක් නැඟුණා. 
මේකට බුද්ධාගමේ කිසිම සම්බන්ධයක් නැහැ ළමයෝ; මේ නාට්‍යය ලියන්න වස්තු බිජය මගේ හිතට ආවේ පහුගිය දවස්වල ටීවී බලනකොට” මෙන්න සූරසේන මාස්ටර් එහෙම කිව්වේ නැතැයි.  
“ඒ මොකක්ද මාස්ටර් ඒ කතාවේ තේරුම ?” එතකොට එන්සිනාත් පටස් ගාලා ඇහුවා. 
“ඇයි ළමයෝ, පහුගිය කා‍ලේ අපේ ටීවී චැනල්වලින් දිගට හරහට” මිනිස්සුන්ට කිව්වේ ගං වතුරෙන් අනාථ වුණු අයට දෙන ආධාර සේරම තමන්ට බාර දෙන්න කියලනේ. ඊළඟට ඒ අය කළේ තමන්ගේ චැනල් එකේ නම අලි අකුරින් ගහපු ලොරිවලින් ගං වතුර නාය යාම වුණු පළාත්වලට ගිහින් ඒවා අසරණ වුණු මිනිස්සුන්ට බෙදලා දීපු එකනේ” සූරසේන මාස්ටර් බොහොම චතුර විදිහට කිව්වා. ඒත් එතකොටම එන්සිනාගේ හිතේ පුංචි කුකුසක් ඇතිවුණා. “ඉතින් ඒක මුල් කරගෙනද ඔය ව්‍යාජ වෙස්සන්තර නාඩගම කියන නාට්‍යය හැදුවේ” ඒ කුකුස අතරින් එන්සිනා ඇහුවා.  “නැහැ ඒකෙන්ම ‍නෙවෙයි මගේ හිතට ඔය වස්තු බිජය ආවේ” එහෙම කියපු සූරසේන මාස්ටර් උගුරේ රැල් බුරුල් ඇරියා. 
“ඒ ආධාර සේරම රටේ මිනිස්සුන්ගෙන් එකතු කර ගත්තු ඒවා; ඒත් ඒවා අනාථ වුණු මිනිස්සුන්ට දෙනකොට ඒ මිනිස්සු  ඒ හාංකවිසියක්වත් නොදැන ඔය චැනල් එකේ අය මතු බුදු වෙන්න ඕනේ වගේ කිය කියා අසරණ කමට පින් දීපුවා කිසිම ලජ්ජාවක් නැතුව ඒවයේ විනාඩියෙන් විනාඩියට ප්‍රචාරය කරපු එකනේ” එහෙම කියපු සූරසේන මාස්ටර් කටේ තිබුණු බුලත් විට හක්කට අරගෙන ‘තුහ්’ කියලා රතු පාට කෙළ පාරක් ගැහුවා.

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2214

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3206

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3479

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1409

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3358

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2468

Please publish modules in offcanvas position.