Coss Ear2
lakbima.lk
COSS Ear 1

පන්නිපිටියේ තිසර මල්ලිගේ යාළුවෝ එක එක ගමන් බිමන් වලට තිසර මල්ලිගෙ වෑන් එක ඉල්ලාගෙන යන්න පුරුදු වෙලා; ඉල්ලාගෙන එන හැමෝටම වගේ වෑන් එක දීලා පුරුදු කරගත්තු නිසා දැන් ඒක නොදී ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා කියලයි තිසර මල්ලී කියන්නේ. කොහොමත් එන එනකෙනාට මේ විදිහට වාහනේ දෙන එකට තිසර මල්ලිගේ නෝනයි නැන්දම්මයි නම් එච්චරම කැමති වුණේ නැහැ. වාහනේ ඉල්ලාගෙන එන යාළුවොත් මේ කාරණේ දැනගෙන හිටියා.
“අනේ ඔය වාහනේ මොකක් හරි ලෙඩක් තියනවාය කියලා අපේ ළමයා ඊයේ හවසත් ඕක එළියට අරගෙන ආයිමත් ගැරේජ් එකට දැම්මා;  ඒ ළමයා අද උදෙත් බයික් එකේම පිටත් වුණා.” පහුගිය දවසක උදේ වෑන් එක ඉල්ලාගෙන ආපු යාළුවෙකුට තිසර මල්ලීගේ නැන්දම්මා එහෙම කිව්වා.
“‍පොඩ්ඩක් ඉන්නකෝ ඇන්ටි එහෙනම් මම තිසරගෙන්ම අහලා බලන්න” එතකොටම තමන්ගේ සාක්කුවේ තිබුණු සෙලියුලර් ෆෝන් එක කණේ ගහගන්න ගමන් යාළුවා කිව්වා. ඒත්, ඒ වේලාවේ තිසර මල්ලී සයික‍ලේ පදිමින් හිටපු හින්දද කොහේදෝ ෆෝන් එකට උත්තර දුන්නේ නැහැ. “හරි ඇන්ටි ප්‍රශ්නයක් නැහැ. මට වාහනේ ගෙනියන්න පුළුවන්.” තිසර මල්ලීගේ නැන්දම්මාට ඇත්ත වසන් කරපු යාළුවා නැන්දම්මාගෙන් වෑන් එකේ යතුරත් ඉල්ලාගෙන වෑන් එකත් අරගෙන කුරුල්ලා මිටෙන් ඇරියා වගේ එළියට පැන්නා.
“ඇයි මචං උඹ මට කෝල් කළේ. ඒ වේලාවේ මං ‍පොඩි වැඩක හිටියේ.” 
මෙන්න ටික වෙලාවකට පස්සේ වෑන් එක එළවන යාළුවාගෙන් තිසර මල්ලී ඇහුවා. 
“නැහැ මචං මම උඹේ වෑන් එක ඉල්ලන්න යනකොට උඹේ නැන්දම්මා පුංචි බර බරයක් දැම්මා;  වාහනේ මොකක්ද ලෙඩක් තියනවා කියලා; ඒත් මමත් නැන්දම්මාට ගාණට ‍පොතක් පෙරළලා හීන් සැරේම වෑන් එක අරගෙන පැන්නා.” වාහනේ එළවන ගමන් යාළුවා කිව්වා. 
“එතකොට දැන් උඹ ඔය වාහනේ එළවන ගමන්ද” තිසර මල්ලී කලබලෙන් ඇහුවා. “ඔව්. ඔව්. මේකේ මේ ලෝකේ ලෙඩක් නෑ. බං; මම දැන් සීයටම පාගලා තියෙන්නේ. ඒත් මේකට ගාණක්වත් නැහැ.” යාළුවා එහෙම කියනකොට තිසර මල්ලීට දෙවියන් සිහි වුණා. මොකද වාහනේ වෙන කිසිම දෝෂයක් නැතත් තිසර මල්ලී ඊයේ බලනකොට ඒකේ බ්රේක් බින්දුවක්වත් නැහැ.

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2214

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3206

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3479

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1409

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3358

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2468

Please publish modules in offcanvas position.