Coss Ear2
lakbima.lk
COSS Ear 1

දේවාරූඪය වෙනුවට යක්ෂාරූඪයෙන් සාස්තර කියන තැනක් පූගොඩ පැත්තේ තියෙනවාය කියලා පහුගිය දවසක අපේ ගල්හේන මහත්තයට දැන ගන්න ලැබුණා. එතැන තියන ඊළඟ විශේෂත්වය තමයි සාස්තර අහන්න එන කෙනාට ඒ ආපු කාරණය කියලම කතා කරන එක. දැන ගන්න ලැබුණු හැටියට පඬුරු තියලා සාස්තරේ අහන්න සූදානම් වෙන්න ඕනෙත් තමන් ආපු කාරණය කියලා එතැනින් කතා කළොත් විතරයි.
කොහොම හරි අපේ මිත්‍රයා තමන්ගේ හොඳම සගයෙකුත් එක්ක පහුගිය දවසක පාන්දරින්ම මේ සාස්තර ‍පොළට ගියා. මොකද පහුගිය දවස්වල ගල්හේන මහත්තයාගේ ව්‍යාපාරික කටයුතුවලින් පුංචි පුංචි පසුබෑම් කීපයක් තිබුණු හින්දා. මේ දෙන්නා යනකොට සාස්තර ‍පොළේ වැඩි පිරිසක් නොහිටියත් ටිකක් දවල් වෙනකොට මෙන්න සීයක් විතර එතනට එකතු වුණේ නැතැයි. සාමාන්‍යයෙන් මේ වගේ තැන්වල නොම්බර දීමක් හරි පැමිණි අනුපිළිවෙළ අනුව සාස්තර ඇසීමක් සිද්ද වුණත් මෙතනදී යක්ෂාරූඪ වුණු සාස්තරකාරයා ආපු කාරණේ කියලා එක එක්කෙනාට කතා කරන තුරු අනික් අය ඉවසිලිමත්ව ඉන්න ඕනේ.
“අර එක එකාගේ බොරු කේලම් අහලා පවුල් ජීවිතේ කඩා ඉහිරවා ගත්තු එකී වර” 
දේවාලයට ඇවිත් මොන මොනවදෝ මන්ත්‍ර වගයක් ජප කරලා යක්ෂාරූඪ වුණු සාස්තර කාරයා යටි ගිරියෙන් කෑගහලා කිව්වා. මෙන්න එතකොටම සාස්තර අහන්න ආපු පිරිස අතරේ හිටපු බොහොම ලස්සන තරුණ නෝනා කෙනෙක් හීන් සීරුවේම නැගිටලා සාස්තර කාරයා ඉස්සරහට ගියා. 
“අර ලෝකෙ අල්ලන්න ගිහින් උන්හිටි තැනුත් නැති කරගෙන බකංනිලාගෙන ඉන්න එකා වර” අර නෝනට සාස්තරේ කියලා ඉවර වුණු සාස්තර කාරයා ඊළඟට යක්ෂාරූඪයෙන්ම මොර දුන්නා. මෙන්න එතකොට සාස්තර අහන්න ඇවිත් හිටිය හරි හතර රියන් පුරුෂයෙක් හීන් සීරුවෙම නැගිටලා සාස්තර කාරයාගේ පැත්තට ගෑටුවේ නැතැයි.
“මොන දෙයක් කර ගන්න ගියත් නාගන්න, අර ඔල්මොරොන්දංකාර ගොබ්බ වහන්සේ මෙහාට වර” 
මෙන්න ඒ සාස්තරේ කියලා ඉවර වුණු සාස්තර කාරයා ආයිමත් යක්ෂාරූඪයෙන් බෙරිහන් දුන්නා. එතකොටම තරමක් ගැස්සුණු ගල්හේන මහත්තයා තමන්ගේ මිත්‍රයගේ කනට කට ළං කළා. 
“මචං ඔය නම් මටම තමයි කතා කරන්නේ, ඒත් මේ ගෑනු අයත් ඉන්න තැන නැගිටලා ඉස්සරහට යන්නේ කොහොමද?”

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2213

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3206

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3479

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1409

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3358

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2468

Please publish modules in offcanvas position.