Coss Ear2
lakbima.lk
COSS Ear 1

එහෙම නම් ඉතින් කතරගම බිස්නස් කරන අයටත් බඩේ පාර තමයි

පහුගිය ‍පොසොන් නිවාඩුවට එන්සිනයි, මහත්තයයි, දරුවෝ දෙන්නයි, තව අහළ පහළ කීප දෙනෙකුයි එක්ක කතරගම වන්දනාවේ යන්න පිටත් වුණා. ‍පොසොන් ‍පෝයට අනුරාධපුරේ වන්දනා කාරයන්ගෙන් පිරිලා ඉතිරිලා යන හින්දා නොයෙකුත් අපහසුතාවලට මූණ දෙන්න සිද්ධ වෙන හින්දා තමයි මෙදා සැරේ කට්ටිය දකුණු පළාතේ වන්දනා ගමනක් සංවිධානය කළේ. සාමාන්‍යයෙන් මේ වගේ නිවාඩු දවස්වල මාතර බෝධිය, වෙහෙරහේන, වැවුරුකන්නල වගේ පුදබිම් වන්දනා කාරයන්ගෙන් පිරිලා ඉතිරිලා යනවා. ඒත් එන්සිනාට අදහා ගන්නවත් බැහැ මෙදා සැරේ ඒ සිද්ධස්ථානවලත් සාමාන්‍ය දවසක ඉන්න සෙනඟවත් දකින්න නැහැ. ඒ විතරක් ‍නෙවෙයි දික්වැල්ල, තංගල්ල වගේ පළාත්වල වෙනදා දකින්න තියන වාහනවත් දකින්න නැහැ. ඒ මදිවට මූද අයිනේ තිබුණු සමහර කඩවලුත් වහලා දාලා; කොහොම හරි තිස්සමහාරාම කතරගම පාරේ නම් සාමාන්‍ය දවස්වලට වඩා අඩු වුණත් තරමක සෙනඟක් හිටපු නිසා එන්සිනාගේ මහත්තයා පාර අයිනේ තිබුණු පලතුරු කඩයක් ළඟ වාහනේ නතර කළා. 
“බලන්නකෝ සර්; මේ එක බහුබූතකාරයෙක් ටීවී එකේ කියලනේ ‍පොසොන් දවස් දෙකේ ආයිමත් ස්වාභාවික විපතක් වෙනවා ඒ හින්දා ගෙවල් ඇතුළටම වෙලා ඉන්න කියල; ඒ හින්දා ආයිමත් සුනාමියක් එනවා කියලා මේ දවස්වල මිනිස්සු ඉන්නේ පණ බයේ ගැහි ගැහී”. ඒ පලතුරු කඩේ මුදලාලි කිව්වා. “පුදුමේ කියන්නේ වෙනදා ලක්ෂ ගාණක් එකතු වෙලා ඉන්න කතරගම අද උදේ තුන් හාරසීයකට වඩා හිටියේ නැහැ” ඔය අතරේ ඒ පලතුරු කඩේ ළඟ නතර කරපු වෑන් එකක හිටපු තව කවුරු හරි කිව්වා.
“එහෙම නම් ඉතින් කතරගම බිස්නස් කරන අයටත් බඩේ පාර තමයි ඔය ඔල්මොරොන්දන් කතාව නිසා.” 
ඒ පලතුරු කඩේ මුදලාලි එහෙම කිව්වේ මූණ හොඳටම නරක් කරගෙන. 
“අනේ එහෙම කියන්න එපා මුදලාලි ඔය හාදයා මීට කලින් කතරගම බිස්නස් කරන අයට හොඳ සල්ලි ඉල්ලමක් පාදලා දීලයි තියෙන්නේ” එතකොට ඒ වෑන් එකෙන් ආපු මනුස්සයා කිව්වේ. “ඒ කොහොමද සල්ලි ඉල්ලමක් පාදලා දුන්නේ?” එතකොට එන්සිනා මහත්තයටත් කලින් ඉස්සරහට පැනලා ඇහුවා. එතකොටම ඒ හාදයා තමන්ගේ කටේ සද්දේ තවත් වැඩි කළා. 
“ඇයි මීට අවුරුදු හතරකට විතර කලින් අහවල් දවසේ කතරගම ගියොත් කතරගම දෙවියෝ සියැසින් දකින්න පුලුවන් කියලා අපේ රටේ ගෙඩි මෝඩයෝ ලක්ෂ දහයක් කතරගම යැව්වෙත් ඔය මගෝඩියාමනේ”.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 549

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1418

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3252

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2618

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3793

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4788

Please publish modules in offcanvas position.