Coss Ear2
lakbima.lk
COSS Ear 1

එන්සිනාලාගේ ගේ ඉස්සරහ පාරේ සතියකට සැරයක් උදේ වරුවේ යන ඩබල් කැබ් වාහනයක් කාටත් මතකයි. ඒ වාහනේ එලවාගෙන එන්නේ අවුරුදු හැත්තෑවක විතර වයසක නෝනා කෙනෙක්. නමුත් ඒ නෝනා හරිම ක්‍රියාශීලියි. සැහැල්ලු ටීෂර්ට් එකකිනුයි දිග කලිසමකිනුත් සැරසිලා ඉන්න ඒ නෝනා සුදු පාට කැන්වස් සපත්තු දෙකකුත් දාගෙන ඇවිත් කරන්නේ අමුතුම රාජකාරියක්. 
නෝනා එලවාගෙන එන ඩබල් කැබ් වාහනේ පිටිපස්සේ ලොකු ඇළුමිනියම් භාජනයක් පිරෙන්න බතක් තියනවා. වාහනෙන් බහින නෝනා තමන්ගේ අතේ තියන ලොකු හැන්දෙන් ඒ භාජනයට කීප සැරයක් තට්ටු කරනවා. මෙන්න එතකොටම වටපිටාවේ ඉන්න බලු සේනාව වලිග වන වනා සතුටින් ඉපිලෙමින් නෝනාගේ වටේ එකතු වෙනවා. එතකොට නෝනා කරන්නේ ඒ වාහනෙන් ගන්න ප්ලාස්ටික් පිඟන් පිරෙන්න බත් බෙදලා ඒ එක එක සතා ඉස්සරහින් තියෙන එක එතකොට ඒ අයත් වලිග කොට වන වනා බොහොම ආසාවෙන් ඒ කෑම රස කර කර කන හැටි එන්සිනාලත් බලාගෙන ඉන්නවා. පස්සේ අර නෝනා ඒ පිඟන් ටික වාහනේ දාගෙන ආපහු පිටත් වෙනවා. නෝනා මේ වැඩේ දී අත් මේස් පාවිච්චි කරන හින්දා වාහනේ එලවන එකත් ප්‍රශ්නයක් නැහැ. 
මේ නෝනාගේ හැඳි සද්දෙට වගේම වාහනේ සද්දෙටත් වටපිටාවේ ඉන්න බල්ලෝ විනාඩියට දෙකට ඒ වටේ එක්රොක් වෙනවා කියලයි අහල පහල අය එන්සිනාට කිව්වේ. ඒ වගේම නෝනා ප්‍රසිද්ධ නීතිඥවරියක් කියලත් එන්සිනා අහලා තිබුණා. 
ඔන්න පහුගිය දවසක ඒ නෝනා එන්සිනාලාගේ ගේ ඉස්සරහ වාහනේ නතර කරගෙන අසරණ සත්තුන්ට කෑම දිදී ඉන්නකොට ඒ පැත්තේ ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙක් තමන්ගේ වාහනෙන් එතැනින් යන්න ආවා. 
“නෝනාගේ ඔය වැඩේත් නරකම නැහැ; හැබැයි ඉතින් මේ වෙනකොට මේ රටේ මනුස්ස දරුවෝ කී ලක්ෂයක් නම් බඩගින්නේ ඉන්නවා ඇතිද නේද?” නෝනා සත්තුන්ට කෑම දෙන තැන වාහනේ නතර කරපු මේ මුදලාලි ගොර ගොර සද්දෙන් අහන හැටි එන්සිනාටත් ඇහුණා. 
“ඒක නම් ඇත්ත තමයි මුදලාලි; ඒත් ඉතින් බඩගින්න කියන එක මිනිස්සුන්ටයි තිරිසනුන්ටයි කියලා වෙනසක් නෑනේ” එහෙම කියපු නෝනා අර හැන්දත් අතේ තියාගෙනම මුදලාලි ළඟට ආවා. 
“මම නම් හැමදාම නැතත් හැම ඉරිදාවකම අඩුම තරමින් මේ වගේ අසරණ සත්තු තුන් හාරසීයකට හරි කෑම වේලක් දෙනවා” එහෙම කියපු නෝනා ඒ මුදලාලිට තව ටිකක් කිට්ටු වුණා. 
“එතකොට මුදලාලි සතියකට ඔය වගේ අසරණ ළමයි කී දෙනෙකුගේ බඩගිනි  නිවනවද?”
නෝනාගේ ඒ ප්‍රශ්නෙත් එක්කම දඩිබිඩි ගාලා වාහනේට පැන ගත්තු මුදලාලි සුරුස් ගාලා නොපෙනී යන හැටි එන්සිනා බලාගෙන හිටියා.

Page 1 of 12

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1098

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1105

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2802

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.