Coss Ear2
lakbima.lk
COSS Ear 1

විවාහ වුණාට පස්සේ පුබුදුට ඇයි හදිසියේම හිතුණේ කොණ්ඩය හිටවන්න ඕනේ කියලා 
 
මීට පෙර මම රඟ පෑ චරිත නිසා මගේ කොණ්ඩය ඩැමේජ් වෙලයි තිබුණේ. ඉතිං මට ඕන වුණා මගේ කොණ්ඩේ යළි පිළිසකර කරන්න. නළුවෙක් නිසා මම කොණ්ඩෙ ස්ප්‍රේ පාවිච්චි කරනවා. වෙස් ගන්වද්දී තවත් කෙමිකල්ස් පාවිච්චි කරන්නත් වෙනවා. ඔය විදියට බලද්දී නළු නිළියන්ගේ කොණ්ඩේ යෑමේ අවදානම වැඩියි. හැබැයි ඔය විදියට කොණ්ඩේ ගියාම අපිට සමහර චරිත කරන්න බැරි වෙනවා. එතකොට අපිට විග් දාන්න වෙනවා. මම විග් දාන්න කැමති නැහැ. සොබාවිකත්වයට කැමති කෙනෙක් විදියට මම මේකට ක්‍රමයක් හොය හොයා හිටියේ. ඔය අතරේ තමයි මගේ මිතුරන් කිහිප දෙනෙකු මේ විදිහට තමන්ගේ කොණ්ඩය සිටවා ගත්තේ.
ඉතින් මම ඔය විස්තරය බිරිඳ මාෂිටත් කිව්වා. එයත් මේ වැඩේට කැමති වුණා. අන්තිමට මමත් කොණ්ඩය සිටුවා ගත්තා. 
 
පුබුදුගේ කොණ්ඩේ හිටවන ඡායාරූප දැන් අන්තර්ජාලයේත් සැරිසරනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර එහෙම? 
 
ගොඩක් වේලාවට අපි භාවිත කරන කෙමිකල්ස්, ඒ වගේම කාලගුණය, අව්වත් එක්ක අපේ රටේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බොහෝ දෙනෙකුගේ කොණ්ඩෙට හානි වෙලා තියෙනවා. ඉතිං ගොඩක් දෙනා මගේ ෆොටෝස් දැකලා ඇහුවා පුබුදු කොහොමද කොණ්ඩේ හිටෙව්වේ... අපිටත් කරගන්න ඕනේ.... කොහොමද මිල ගණන් එහෙම කියලා. ඉතින් මම ඒ අයට යායුතු නිවැරදි මාර්ගය පෙන්වා දුන්නා. 
 
ඔය විදියට කොණ්ඩය හිටවන කොට වේදනාවක් දැනෙනවාද? 
 
කුහුඹියෙක් කනවා වගේ තමයි දැනෙන්නේ. හැබැයි ඒක ලොකු වේදනාවක් නමෛයි. හැබැයි මාෂී නම් ගොඩාක් බය වුණා කොණ්ඩේ හිටවන්නත් කලින්ම මට රිදෙයි කියලා. පස්සේ එයාගේ බය නැතිවුණා. 
 
විවාහයෙන් පස්සේ  පුබුදු - මාෂී සමරපු පළවෙනි අලුත් අවුරුද්ද බොහෝම සුන්දර ඇති නේද? 
 
සුන්දරයි... සුන්දරයි... (හිනැහී) මෙවර අලුත් අවුරුද්ද තමයි අපි දෙන්නට පවුලක් විදිහට සමරන්න ලැබුණේ. ඉතින් මේ සමරපු අවුරුද්දේ අපි දෙන්නටම බොහෝම ආදරණීය මතක ගොඩක් ඉතිරි වුණා. ඇත්තටම මේ උදාවුණේ ආදරයෙන් පිරුණු අවුරුද්දක්. ආදරය කරපු දෙන්නෙක් ළංවෙලා අවුරුදු සමරන එක ඇත්තටම ලස්සනයි. අලුත බැඳපු ජෝඩුවක් නිසා තවමත් අපි නෑදැ ගෙවල්වල යනවා.
පුබුදුගේ බිරිඳත් ලස්සන හැඩකාරියක් නිසා කැමති නැද්ද ඇයවත් රංගන ක්‍ෂේත්‍රයට යොමු කරවන්න?
 
මාෂීත් එක්ක රඟපාන්න මටත් ආසයි. එයත් එහෙමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි දෙන්නා ඉදිරියේදී එකට රඟපානවා. මාව සිනමාවට රැගෙන ආපු මගේ පළවෙනි ගුරුවරයා උදයකාන්ත වර්ණසූරිය මහත්මයත් එක්ක එකතු වෙලා මම පිටපතක් ලිව්වා. මාෂි නිළියක් වෙන්නේ අන්න ඒ චිත්‍රපටයෙන්. මේ රහස ඉස්සෙල්ලාම කිව්වෙත් රිද්ම ඔයාලටයි. 
 
සමන්මලී නැලිගම
  1. ජනප‍්‍රිය නළු නිළියන්ගේ කපාපු පලූ
  2. නයනා කැමැතිම දේ
  3. අද වැඩිපුර ඇහෙන්නේ ඝෝෂාකාරී ගීත
  4. මේ දවස්වල අම්මලාට තියන ලොකුම රාජකාරිය මට මනාලයෙක් හොයන එක
  5. මම අද යන්නේ කෝටි දෙකහමාරක් වටිනා බෙන්ස් එකක
  6. ඒ ගීතය කාලා
  7. සිඳූ හි පුංචි සුබෝධ හාමුදුරුවෝ ලෙස රඟපාන අභිමාන්ගේ අම්මා කියන කතාව
  8. තමන් ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වූ හේතුවත් චන්ද්‍රා කළුආරච්චි කියයි
  9. පුවක් මල් තාමත් වැටෙනවා ඉර හැමදාමත් පායනවා ඒත් මගේ පුතාගේ ඇස් පේන්නේ නෑ
  10. ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ අනෝමාගෙන් ආන්දෝලනාත්මක කෘතියක්
  11. ගල්වළක ගල් කඩන මට දුව නම් කියන්නේ මේකප් ටිකක්වත් නැතිව එළියට බහින්න එපා කියලයි
  12. දු අනුරාධා11 වෙනිදා නෙළුම් ‍පොකුණේදී
  13. පත්තිනි දේවියගේ චරිතය රඟපෑ ලංකාවේ නිළිය නිසා මටත් බණින්න පටන් ගත්තා
  14. දෙරණ ස්ටාර් සිටි 20-20 වේදිකාවෙන් බැස ගිය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි දැන් කියන වෙනස්ම කතාව
  15. ආදරෙයි මං තිරයට ගේන්න අවුරුදු 3ක් බලාගෙන හිටියා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.