Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජීවන ගමන කොයිවෙ‍ලේ කණපිට පෙරළේවිද කියලා අපි කාටවත් අනාවැකි පළකරන්න බැහැ. ඇතැම් විට අපට එවැනි සිදුවීමකට මුහුණදීමට සිදුවෙන්නේ අපි කවදාවත් බලා‍පොරොත්තු නොවූ අවස්ථාවක වෙන්න පුළුවන්. වේදිකාවේ සහ පුංචි තිරයේ නිතර දැක පුරුදු සුන්දර කලාකරුවෙකුටත් මෑතකදී එබඳු අනපේක්ෂිත අත්දැකීමකට මුහණදීමට සිදුවුණා. 
ඔහු ගාමිණී අම්බලන්ගොඩ. ගාමිණීගේ දුක සැප විමසීමට අපි පාඨක ඔබ වෙනුවෙන් පසුගිය දවසක ඔහුව හමුවුණා.
 
හීනෙකින්වත් නොහිතපු සිදුවීමකට නේද ඔබට මුහුණ දෙන්න සිද්ධ වුණේ ?
අනේ ඔව්. මේ ආත්මයේදී නම් මේ වගේ විපතක් වෙන්න තරම් මම පව් කරලා නැහැ. පුළුවන් විදිහට හැමෝටම උදව් කරමින් තමයි මම ජීවත් වුණේ. මට හිතෙන විදිහට පෙර ආත්මයකදී කරපු පවක් තමයි මට මේ පලදුන්නේ.
 
ඔය විදියේ ඉරණමක් ඔබට අත්වුණේ කොහොමද කියලා කියන්න කැමතිද?
ඒ අවාසනාවන්ත සිදුවීම හදිසියේම වෙච්ච දෙයක්. යාළුවෙක් එක්ක සාදයකට යන්න සූදානමින් සිටියදී හදිසියේම මට කලන්තයක් හැදුණා. පේ‍රෂර් එක වැඩිවීමෙන් තමයි එහෙම වෙලා තියෙන්නේ. රෝහලට ගිහින් ප්‍රතිකාර ගත්තාට පස්සේ යටි පතු‍ලේ විශාල වේදනාවක් ඇති වුණා. 
 
වෛද්‍යවරු ඒ ගැන මොනවාද කිව්වේ ?
දොස්තර මහත්තයා මගේ කකුල පරීක්ෂා කරලා කිව්වා “හොඳ වෙලාවට ඔයා ඉක්මනට ප්‍රතිකාර ගන්න ආවේ. එහෙම නොවුණා නම් ජීවිතයට වුණත් හානි වෙන්න තිබුණා” කියලා. මට කොහොමටත් දියවැඩියාවත් තියෙනවා. කලාන්තය හැදිලා වැටුණු වෙලාවේ කකු‍ලේ ඇඟිලි හොඳටම තැලිලා තිබුණා. පස්සේ බලද්දී ඇඟිලි තුනක් හොඳටම අප්‍රාණික වෙලයි තිබුණේ.
 
ඊට පස්සේ මොකද වුණේ ?
මුලින්ම, ඇඟිලි තුනක් කපා දමනවා කියලා වෛද්‍යවරු කිව්වා. පස්සේ අනෙක් ඇඟිිලිවලටත් අවදානම් තිබෙන නිසා ඇඟිලි පහම කපන්න ඕනෑ කියලා කිව්වා. ඇඟිලි කැපුවාට පස්සේ කරාපිටිය රෝහ‍ලේ නැවතිලා කකුලට බෙහෙත් කළා. මාස 2 1/2ක් රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් ඉඳලා තමයි මම ආපහු ගෙදර ආවේ. 
 
මේ සිදුවීම නිසා ඔබේ කලා ජීවිතයට වූ බලපෑම සුළුපටු නැහැ නේද?
ඒකනම් එහෙම තමයි. ඒ වෙනකොටත් මම භාරගත්තු වැඩ හුඟක් තිබුණා. මගේ කලා කටයුතු සේරම රෝගී තත්ත්වය නිසා ඇනහිටියා.
 
එය ඔබට ආර්ථික වශයෙනුත් බලපාන්න ඇති ?
මම තනිකඩයි. එදිනෙදා ජීවත්වෙන්න කීයක් හරි හම්බ කළා මිස මම ලොකු මුදලක් උපයලා තිබුණු කලාකරුවෙකු ‍නෙවෙයි. කලා කටයුතුවල යෙදෙන්නට බැරිවීම මට ආර්ථික වශයෙනුත් විශාල පහරක් වුණා. රඟපෑම සහ ගීත ගායන කටයුතුවල නියැළිලා ලබපු තෘප්තිය අහිමි වීම ගැන තමයි මට වැඩිපුරම කනගාටු.
 
කලා ක්ෂේත්‍රයේ හිත මිතුරන්ගෙන් ඔබට හයියක් ලැබුණාද?
හුඟක් අය මට කතා කරලා දුක සැප විමසුවා. ජනක් ප්‍රේමලාල්, රොඩ්නි වර්ණකුල වැනි කලාකරුවෝ මට ආධාර පිණිස ප්‍රසංග සංවිධානය කළා. අම්බලන්ගොඩ කෝළම් කණ්ඩායමත් ප්‍රසංගයක් පැවැත්වූවා. එවැනි ආධාර ලැබුණු නිසා මට ආර්ථික වශයෙන් පහළටම නොවැටී ඉන්න හැකි වුණා.
 
දශක ගණනාවක් කලා ක්ෂේත්‍රයේ රැඳී ඉඳලා එයින් ඉවත්වීම ඔබට පහසු වෙන එකක් නැහැ?
“බය වෙන්න එපා. අපි කකුලක් දාමු” කියලා මගේ හිතවතුන් මට නිතරම කියනවා. ඇඳෙන් නැගිටලා ආයෙමත් ඉස්සර වගේ කලා නිර්මාණවලට දායක වෙන්න පුළුවන් දවසක් ඒවී කියන බලා‍පොරොත්තුවෙන් තමයි මම දැන් ජීවත් වෙන්නේ. 
(0777699808 යන දුරකථන අංකයෙන් ඔබටත් මෙම කලාකරුවාගේ දුක සැප විමසන්නට පුළුවන්)
 
කිෂාන් කනංකෙ
ඡායාරූප : එස්. සමරනායක-අම්බලන්ගොඩ
  1. ආයේ කිසිම දවසක මියුසික් වීඩියෝවල රඟපාන්නේ නැහැ
  2. ප්‍රීතිරාජ් විවාදය මගහරින්න හදනවා
  3. හැමෝම හිතන්නේ මමත් පියතිලක වගේ බේබද්දෙක් කියලා
  4. මිය ගිය දසුන් සමග දුකසැප බෙදාගත් මිතුරන් දෙදෙනා කියූ කතාව
  5. දුෂේනිගෙයි මගෙයි යාළුකම මොකක්ද කියලා වෙලාව ආවාම කියන්නම්
  6. සමහරු මගේ නම දැන ගත්තෙත් එදා
  7. ඩයිනමයිට් විකුණයි
  8. හාර කෝටියේ රංජියා නිසා ජෙල් කොම්පැනියටයි වාසි
  9. ඔය කතා ඔක්කොම බොරු ඒ අය මාව රැවැට්ටුවා
  10. යශෝධා සිය ෆේස්බුක් හි ලියා තැබූ සංවේදී සටහන මෙන්න
  11. අක්කගේ මූණ යන්තම් බේරිලා දැන් හොඳින් ඉන්නවා
  12. මමත් ජිප්සීස්ලගෙන් සින්දු 12ක් ගත්තා
  13. දන්න කියන අයකුගේ දියණියක්වත් මේ ක්‍ෂේත්‍රයට ගේන්නේ නෑ
  14. අපි හරි සතුටින් ඉන්නවා ඒත් සමහර මාධ්‍ය අපේ පවුල කඩන්න හදනවා
  15. මම ඒ දවස්වල ක්‍රිකට් පිස්සෙක්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.