Coss Ear2
lakbima.lk
COSS Ear 1

දසුන් පතිරණ කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙකු බව ඔහු ඔප්පු කරලා පෙන්නුවේ රංගනයට පිවිසිලා ඉතාමත් කෙටි කාලයක් තුළදියි. වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවේත් විවිධාකාර චරිත නිරූපණය කළ දසුන් පහුගියදා පැවැති දෙරණ සිනමා සම්මාන උළෙ‍ලේදී “හොඳම නළුවා” ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. “සයපෙති කුසුම’ චිත්‍රපටයේ කළ ආන්දෝලනාත්මක රංගනය උදෙසායි දසුන්ට මෙම සම්මානය හිමි වුණේ. 
 
හොඳ රංගනයක් කරන විට සම්මාන සහ ඇගයීම් ගැන ඕනෑම නළුවෙකුට බලා‍පොරොත්තු ඇති වෙනවා “සයපෙති කුසුම” රඟපාන කාලෙදි දසුන්ටත් ඒ විදිහේ බලා‍පොරොත්තුවක් තිබුණාද? 
සම්මානයක් බලාගෙන නම් මම කවදාවත් රඟපාන්නේ නැහැ. ‘‘සයපෙති කුසුම’’ රූගත කරන කා‍ලේ මට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ සමලිංගික චරිතයක් රඟපෑම මගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙයිද? මම රඟපෑ චරිතයට සාධාරණයක් ඉටු වෙයිද? කියන ප්‍රශ්න නමෛයි. මේ චිත්‍රපටය පෙන්වා ගන්න පුළුවන් වෙයිද? කියන එකයි. 
 
”සයපෙති කුසුම” සමලිංගික තේමාවක් රැගත් චිත්‍රපටයක්. ඔබට එහිදී තවත් සහෝදර නළුවෙකු සමග දෙතොල් සිප ගැනීමට පවා සිදුවනවා. මේ වගේ චරිතයක් භාරගනිද්දී හිතට චකිතයක් ඇති වුණේ නැද්ද? 
මට කිසිම චකිතයක් ඇති වුණේ නැහැ. මොකද මට චරිතයක් කියන්නේ චරිතයක්ම විතරයි. 
නළුවෙකු විදියට මගේ කාර්යය තමයි තමන් බාරගන්නා චරිතයකට උපරිම සාධාරණයක් ඉටු කිරීම.
 
ඒ කියන්නේ ඉදිරි කාලයේදී ඔයිටත් වඩා ආන්දෝලනාත්මක රංගනයක යෙදෙන්න වුණත් ඔබ සූදානම්ද? 
අනිවාර්යයෙන්ම. හැබැයි ඉතින් මම ඒ වගේ කැප කිරීමක් කරන්නේ හොඳ නිර්මාණයක් වෙනුවෙන් විතරයි. 
 
දසුන් ගීත රූප රචනා සඳහාත් රංගනයෙන් දායක වන නළුවෙක්. ඒ ගීත රූප රචනා සියල්ල උසස් ගණයේ ගීත වෙනුවෙන් කළ කලාත්මක රූප රචනා කියලද දසුන් කියන්නේ? 
නැහැ. ඒත් මේ දේ කිව යුතුයි. මම 2004 ඉඳලා පියවරෙන් පියවර මේ ගමන එන නළුවෙක් මම වෙනත් රැකියාවක් කරන්නේ නැහැ. ක්ෂේත්‍රය තුළ මට මගේ පැවැත්ම හදාගන්න ඕනෑවූ නිසයි මම රූප රචනා සඳහා දායක වෙන්න පටන් ගත්තේ. හැබැයි අද වන විට මම එක්තරා තීරණයකට එළැඹිලයි ඉන්නේ. ඒ තමයි මම ආයේ කිසිම දවසක මියුසික් වීඩියෝවල පෙනී ඉන්නේ නැහැ කියන එක. 
 
ඒත් අද වන විට ගීත රූප රචනා රංගනයට ඉහළම මිලක් අය කරන නළුවන් අතර ඔබත් සිටිනවා? 
ඔව්. ඒත් මුදල් මතම හැමදේම තීරණය කරන්න බැහැනේ. මෑත කාලයේ මා සහභාගි වූ සමහර රූප රචනා ඇතුළත් ගීතවල වචනවත් මට මතක නැහැ. ඒ හින්දා මම ආයේ රූප රචනාවල රඟපාන්නේ නැහැ. 
 
ගුණාත්මක නිර්මාණයක් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට හැකි වීම නළුවකු විදියට ගත හැකි විශිෂ්ට තීරණයක්. ඒත් ඒ විදිහේ කැපකිරීමක් පෞද්ගලික ජීවිතයටත් බලපානවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
නැහැ. එහෙම වෙන්නේ පෞද්ගලික ජීවිතයයි කලාවයි පටලවා ගත්තාම විතරයි. 
 
”සයපෙති කුසුම” චිත්‍රපටයේ ඔබ කළ සමලිංගික චරිතය ඔබේ පෙම්වතිය සතුටින් නැරඹුවාද? 
නැරඹුවා විතරක් නමෛයි මා විසින් කළ අසම්මත චරිතය බලලා මම මතෛක් කළ හොදම රඟපෑම එය බවයි ඇය මට කිව්වේ. 
 
හොඳම නළුවා සම්මානය හිමි වීම සතුට උතුරා යන මොහොතක්. ඒත් ඒ වේදිකාව මතදී ඔබ දසුන් නිශාන්ගේ මරණය ගැන සිහිපත් කරලා සංවේදී වුණා නේද?
ඔව්. ඒ දසුන් නිශාන්. මම දසුන් පතිරණ. මේ දස්සා සම්මාන ගනිද්දී ඒ දස්සා ජීවතුන් අතර හිටියා නම් හදවතින්ම සතුටු වන බව මම දන්නවා. මොකද ඔහු කුහකයෙක් ‍නෙවෙයි. රත්තරං හදවතක් තිබුණු කොල්ලෙක්. කැපිලි කෙටිලි ඔහු ළඟ නැහැ. සිය දිවි හානි කරගැනීමට ඔහු ගත් තීරණය මම අනුමත කරන්නේ නැහැ. ඒ මෝඩ වැඩේ තවත් කෙනෙකුට කරන්න එපා කියලයි මම එදා හැමෝගෙන්ම ඉල්ලා හිටියේ. ඇත්තටම එදා මටත් බොහොම සංවේදී අවස්ථාවක් වුණා. 
 
ආරියවංශ කුලතිලක

ඉරාජ් වීරරත්නගේ නිර්මාණවල ගැටලූ ඇත්නම් ඒවා පිිළිබඳව  ඕනෑම අයෙක් සමග තර්ක කිරීමට තමන් සුදානම් බව, ප‍්‍රීතිරාජ් වීරරත්න මහතා කියා සිටියේ මීට දෙසතියකට පෙර ‘ලක්බිම රිද්ම’ අතිරේකයටය. ඔහු එසේ ප‍්‍රකාශ කරන්නට ප‍්‍රධානතම සහ ආසන්නතම හේතුව වූයේ මා විසින් අන්තර්ජාලය ඔස්සේ ඒ මහතා අමතමින් ලියන ලද ලිපියකි. එම ලිපියද පාදකකොට ගනිමින් ඒ මහතා සමග ලක්බිම ‘රිද්ම’ අතිරේකය ලිපියක් සකසා තිබූ අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් මා ප‍්‍රීතිරාජ් මහතාගේ ආරාධනය පිළිගතිමි. ඒ බව දන්වමින් මාගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කළේ අප දෙදෙනා අතර සාකච්ඡුාව මෙහෙය වීමට සජීවී මාධ්‍යයකට සම්බන්ධ විය හැකි බවය. 
ඒ අනුව යමින් ක්‍සඑස‘ැබගකන වෙබ් අඩවිය, ඵමිසජ ඔඪ නාලිකාව සහ ක්‍ය්බබැක ක්‍ නාලිකාව මා ඇමතුවේ ඊට සූදානම්දැයි විමසීමටය. මම කැමැත්ත පළ කළෙමි. ඊට මොහොතකට පසු නොදන්නා අංකයකින් මා ඇමතුවේ ප‍්‍රීතිරාජ් වීරරත්න මහතාය. 
ඔහු මුලින්ම මට සුබපැතූ අතර මා දක්ෂ මාධ්‍යවේදියෙකු බව කියා සිටියේය. මම බොහොම ස්තුතියි යැයි කීවෙමි. ඉන් අනතුරුව ඔහු උක්ත සාකච්ඡුාව කළ යුතුම, අත්‍යවශ්‍යම එකක්දැයි මාගෙන්      ඇසුවේය. මට එහි අත්‍යවශ්‍ය බවක් නැත. මා කළේ ඒ මහතා කළ ආරාධනය පිළිගැනීමය. ඊට වඩා වැදගත් දෙයක් අපි මේ සාකච්ඡුාවේදී කතා කරමුදැයි හේ ඇසුවේය. තමන්ව විවේචනය කළ උදවිය ඒ මහතාගේ අතීත මාධ්‍ය ජීවිතයේද සිටි බවත් ඔවුන්ව ඒ මහතා පසු කාලීනව තම පුවත්පත් ආයතනයේ සේවයට බඳවා ගත් බවත් කීවේය. නමුත් මම එසේ නොවන බව ඒ මහතාට කීවෙමි. කෙසේ වී නමුදු ඔහු මා හා ඉතා සුහදව කතා කළ අතර, සමස්ත දුරකථන සංවාදයේ හරය වූයේ ශේප් න්‍යායය. ඔහුට අවශ්‍යව තිබුණේ එවැනි සාකච්ඡුාවක් නොකර මග හැර යාමය. ඉතින් මට ඔහුව එළව එළවා තර්ක කිරීමේ උවමනාවක් නැත. මා ඒ මහතා කළ යෝජනාව පිළිගත්තා විනා, මෙය මා කළ 
අභියෝගයක් නොවේ. ඉතින් ඒ මහතාම බැහැ වගේ නේදැයි මගෙන් අසන විට නෑ නෑ මේක අපි කොහොම හරි කරමු යැයි මට කියන්නට නොපුළුවන. (අදාළ දුරකථන සංවාදය අවශ්‍ය නම් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකිය)
ඉන් පසු ඉහත කී වෙබ් අඩවි මට කියා සිටියේ මා සමග සකච්ඡා කර දිනයක් සහ වේලාවක් ලබා දෙන බව ප‍්‍රීතිරාජ් මහතා කී බවය. එහෙත් ඔහු නැවත මට කතා කළේ නැත. 
එහෙත්, මේ කතාව තවත් ඉදිරියට ගෙන යමින් පසුගිය සතියේ ‘රිද්ම’ අතිරේකයේ මාගේ ප‍්‍රකාශයක් හා ප‍්‍රීතිරාජ් වීරරත්න මහතාගේ ප‍්‍රකාශයක් සටහන් කර තිබිණ. එහිදී ප‍්‍රීතිරාජ් මහතා මෙලෙස සඳහන් කළ බව ‘රිද්ම’ අතිරේකයේ පළවී තිබිණ.
 
(උපුටා ගැනීම 2017 -10 -15 රිද්ම)
 
මම හොඳට විවාද කරලා පුරුදු කෙනෙක්. මම කැමතියි සමන් එදිරිමුණී සමග ඉරාජ්ගේ මියුසික් වීඩියෝව ගැන  ඕනෑම විවාදයක් කරන්න. ඔහුට  ඕන නම් තවත් හතර පස් දෙනකු වුණත් ඔහුගේ පාර්ශ්වයෙන් විවාදයට එක්කරගෙන එන්න කියන්න. මගේ පැත්තෙන් මම තනිවම විවාදයට එනවා 
 
(උපුටා ගැනීම අවසන්)
 
ගරු කටයුතු මහත්මයාණෙනි, හතරපස් දෙනෙක් එක්ක තර්ක කරන්න කලින් තනි මාත් එක්ක තර්ක කරන්න එපැයි. ඔබ සාකච්ඡාව මග හැරි බව අමතක වුණා වත්ද? ඔබට ආයතන තුනකින් කතා කළා නෙව. ඔවුන්ව වටේ යවා, තමන් කාර්යබහුල යැයි කියා, මට කතා කොට මටද ශේප් න්‍යාය දමා, නැවත පුවත්පතෙන් මට අභියෝග කරමින් ඔබ කුමක් බලාපොරොත්තු වෙත්දැයි මම නොදනිමි. අදටත් ඔබ සාකච්ඡාවට සූදානම් නම්, මම ඒ සඳහා සූදානම්. මාධ්‍ය ආයතනද සූදානම්. ප‍්‍රමාදය හෝ් මගහැර යාම වූයේ ඔබතුමාය. ඉතින් මේ ගැන එළව එළවා සාකච්ඡුා කිරීමේ උවමනාවක් මට නැත. ඔබට අවශ්‍ය නම් කියන්න. අපි කතා කරමු. 
ඉරාජ් සමග මට ගැටුමක් නැත. ඔහුගේ මුල් අවධියේ නිර්මාණවල පළමු සුබවාදී පුවත්පත් ලිපි පළ කළ මාධ්‍යවේදීන් අතරින් මාද එක් අයෙකි. අපි හොඳ දේ හොඳ ලෙසත් නරක දේ නරකක් ලෙසත් දකින්නට හුරු මාධ්‍ය සංස්කෘතියක මිනිසුන් වෙමු. ඔහුගේ දැනුණා නම් ගීතයේ රූපරාමු සම්බන්ධයෙන් මට තිබුණේ එකම එක ප‍්‍රශ්නයකි. එය අප රටේ ශ්‍රේෂ්ඨ ගායකයෙකු ඉලක්ක කරමින් නිර්මාණය කළ අපහාසාත්මක ගීතයක් නොවේ යැයි ඔහු කියයි. ප‍්‍රීතිරාජ් වීරරත්න මහතාද කියයි. එහෙත් එය අදාළ ශ්‍රේෂ්ඨ කලාකරුවාවම ඉලක්ක කොට සිදුකළ නිර්මාණයක් බව මට තර්කානුකූලව ගෙන හැර දැක්විය හැකිය. ඒ සම්බන්ධව ඔබ කී කතා තර්කයෙන් තොර බව වීඩියෝවේ දර්ශන මගින්ම පෙන්වා දිය හැකිය. එය එසේම බව ඔබ හො`දින් දනියි. මේ ප‍්‍රමාදය ඒ නිසාය. ඉතින් කුමක් කරන්නද?
නැවත කියමි. මුලින්ම ඇවිත් සාකච්ඡා මේසය අසල පුටුවක වාඩි වෙන්න. අපි කතා කරමු. මීට ප‍්‍රතිචාර නොදක්වා සිටීම ඔබ, ඔබ විසින්ම කළ ආරාධනය මග හැර ගියා සේ සැලකීමට හේතු වනු ඇත. 
     
ස්තුතියි,
මීට, 
සමන් එදිරිමුණි

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 305

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 412

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 733

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2655

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3589

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3788

Please publish modules in offcanvas position.