Coss Ear2
lakbima.lk
COSS Ear 1

දෙරණ ඩී්‍රම් ස්ටාර් තරගය ඔස්සේ ගායන ක්‍ෂේත්‍රයට පිවිසි දුලාජ් ධනුෂ්කගේ ආදර කතාව  පිළිබඳව අපි මීට කලිනුත් 
'රිද්ම' හරහා ඔබ වෙත තොරතුරු රැගෙන ආවා. පහුගියදා දුලාජ් තමන්ගේ ආදරවන්තිය රන්හුයකින් බැඳ දිවි ඇති තුරාවටම තමන්ගේ ළඟින් ඉන්නට සිය ජීවන සහකාරිය කරගත්තා. 
 
සුබ මංගලම් දුලාජ්. එදා රිද්ම පාඨක හිතවතුන්ට භාගෙට හෙළි කරපු ආදර කතාවේ ඉතුරු ටික දැන් කියන්න වෙලාව ඇවිත් 
සුබ පැතුවාට ගොඩාක් ස්තූතියි. බොහෝ අය තමන්ගේ ආදර කතා මාධ්‍යයෙන් වසන් කළාට මම මගේ ආදරය ගැන කලිිනුත් කියලනේ තිබුණේ. මගේ ආදරවන්තිය ඉරේෂා එක්ක මම පහුගිය හතර වැනිදා විවාහ වුණා. හය වැනිදා තමයි අපේ දෙවැනි ගමනේ උත්සවය පැවැත්වුණේ. දෙන්නම කතෝලික නිසා කතෝලික චාරිත්‍ර අනුවයි විවාහය සිදු කළේ.  කලා ලෝකේ හිතවතුන්ට ආරාධනා කළේ දෙවැනි ගමනෙ උත්සවයටයි. 
 
ඉරේෂාගේ පදිංචිය ඉතාලියේ හින්දා දැන් විවාහයෙන් පසුව දුලාජ්ටත් ඇය සමග ඉතාලියට යන්න වේවිද? 
ඉරේෂා එක්ක මමත් යනවා. හැබැයි ඉතාලියේ වගේම ලංකාවෙත් ඉන්න අපි බලා‍පොරොත්තු වෙනවා. 
 
අපි නිතර දුලාජ් එක්ක මාධ්‍යය ඔස්සේ කතා බහ කරනවා. ඉතින් අපි කැමතියි ඉරේෂාටත් ටිකක් කතා කරන්න? අපි එහෙම කිව්වම ඉරේෂා සුහදව හිනාවෙලා මේ විදියට කතා බහට එකතු වුණා. 
 
ඉරේෂා කලාවට ලැඳියාවක් දස්කමක් දක්වන කෙනෙක්ද? 
නැහැ. මට කිසිම කලා හැකියාවක් නැහැ. මම දැනට ගණකාධිකරණ අංශයෙන් අධ්‍යාපනය හදාරනවා. හැබැයි මම කලාවට ගොඩාක් ආශයි. 
 
ඒකද කලා කාරයෙක්ව සහකාරයා විදියට තෝරා ගත්තේ? 
(හිනැහි) අපේ ආදර සම්බන්ධය ගොඩනැගෙන්න දුලාජ් ගායකයකු විම නම් බලපෑවේ නැහැ. මුලදී අපි ආශ්‍රය කළේ යාළුවෝ වගේ. ඒ කා‍ලේ මට තේරුණා දුලාජ් හොඳ කෙනෙක් බව. ඒ හින්දයි කැමති වුණේ. 
 
දෙදෙනාගේ හමුවීම හා ආදර කතාව ගොඩ නැගුණු හැටි දැන ගන්න 'රිද්ම' හිතවතුන් කැමති වේවි? අපි ප්‍රශ්නය යොමු කළේ දුලාජ්ටයි. ඔහු හිනාවෙලා ඒ අතීතය මේ විදියට සිහිපත් කළා. 
මමයි ඉරේෂයි දෙන්නම වෙන්නප්පුවේ වුණාට අපි මුණගැහිලා තිබුණේ නැහැ. මෙයාගේ මුළු පවුලම පදිංචි ඉතාලියේ. ඉරේෂාගේ අක්කගේ මංගල උත්සවයේ ගී ගයන්න මට ආරාධනා කළා. ඒ පෞද්ගලික හිතවත්කමකට නමෛයි. ගායකයෙක් විදියටයි. මම එදා ගී ගයන්න ගියාට පස්සේ තමයි අපි හමුවුණේ. ඒ  දැන හැඳුනුම්කම මත දුරකථන අංක හුවමාරු කරගෙන පස්සේ අපි දිගටම කතා කළා. දිගින් දිගටම කතා බහ කරද්දී යාළුකම ආදරේකට පෙරළුණා. වෙඩින් එක දවසේ දුරකථන අංකය ඉල්ලාගෙන පස්සේ හදවතත් ඉල්ලා ගත්තා.
 
ජීවිතේ අලුතින්ම ආරම්භ කරපු දුලාජ්-ඉරේෂා දෙන්නට අනාගතය ගැන හීන ගොඩක් ඇති. ඒ හීන සියල්ල ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දෙදෙනාගෙන් සමුගත්තා. 
 
ආරියවංශ කුලතිලක

කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යා හැකිව තිබූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් මීට වසර හයකට පමණ පෙර රිය අනතුරකට ලක්ව, කවුරුත් නොසිතූ මොහොතක මෙලොවින් සමුගත්තා. ඔහු අසේල ජයකොඩි. වේදිකාවේ, පුංචි තිරයේ වගේම සිනමාවේ බොහෝ දස්කම් පෙන්වා තිබූ අසේලට එකී මාධ්‍යයන්හි තවත් කළ යුතු කාර්යයන් බොහෝ ඉතිරිව තිබුණා. එපමණක් නොවෙයි, ආදරණීය සැමියෙකු සහ පියකු විදිහටත් දහසකුත් එකක් බලා‍පොරොත්තු සිතෙහි දරාගෙන සිටියදීයි ඔහුට හදිසියේම සිය ජීවන ගමනට තිත තැබිමට සිදුවුණේ. තමන් තනිකර නික්ම ගිය සිය සැමියා ගැන චාන්දනී සමග මෙලෙස කතාබහට එක්වූයේ වසර හයකට පෙර සිදුවූ ඒ අමිහිරි සිදුවීම තවමත් සිතට දැඩි ලෙස රිදුම් ගෙන දෙන්නක් බව පවසමිනුයි.
 
ඒ අමිහිරි සිදුවීමෙන් වසර හයකට පස්සේ ඔබට කොහොමද ඔහු නොමැති ජීවිතය දැනෙන්නේ?
අවුරුදු හයක් ගතවෙලා තිබුණත් අසේලගේ අභාවයෙන් ඇතිවූ වේදනාව එදාටත් වඩා තදින් අද අපට දැනෙනවා. අසේල මිය ගියාට පස්සේ දරුවෝ දෙන්නාත් එක්ක මම තනි වුණා. අභාවයත් එක්ක අපට ළං වුණ අය මුල් කා‍ලේ හිටියා. ඒත් ඒ අය තමන්ගේ වැඩ රාජකාරිත් එක්ක කාලයත් සමග අපෙන් ඈත්වෙද්දී ඔහු නැති අඩුව අපට ආර්ථික, මානසික වගේ හැම පැත්තකින්ම අද තදින් දැනෙනවා.
 
පියා නැති ජීවිතයට දරුවෝ දෙන්නා හුරු වුණේ මොන විදිහටද?
අසේල නැති වෙනකොට දුව ඉගෙනුම ලැබුවේ හය වසරේ. පුතා දෙක වසරේ. දැන් ඒ දෙන්නා ලොකුයි. දරුවෝ දෙන්නාට තාත්තා අවශ්‍යම කාලය එළඹෙන කොටයි අසේල අපිව තනි කරලා ගියේ. පුතාට නම් තාත්තා ගැන ලොකු මතකයක් නෑ. මට මතකයි ඒ කා‍ලේ දවසක් නත්තලට මොනවද ඕනෑ කියලා පුතාගෙන් ඇහුවාම පුතා කිව්වා “මට තාත්තාව ගෙනත් දෙන්න” කියලා. අද දරුවෝ දෙන්නාගේ අම්මා වගේම තාත්තාගේ භූමිකාවත් අද මම තමයි ඉටු කරන්නේ. 
 
හදිසි අනතුරකින් මියගිය අසේල වෙනුවෙන් යුක්තිය ඉටුකරගන්න ඔබට හැකි වුණාද?
අසේල වෙනුවෙන් යුක්තිය ඉටු කරගන්න මම හුඟක් වෙහෙස මහන්සි වුණා. නමුත් ඒ වෙනුවෙන් දුවලා පැනලා උදව් කරන්න කෙනෙක් මා ළඟ හිටියේ නැහැ. ඒ විතරක් ‍නෙවෙයි මට මුදල් තිබුණෙත් නැහැ. අන්තිමේදී අවුරුදු තුනහමාරක් නඩු කියලා මම නඩුවෙන් පැරදුණා. අසේලගේ වැරද්දෙන් සිද්ධ වෙච්ච අනතුරක් විදිහටයි අවසන් තීන්දුව ලැබුණේ.
 
අසේලගේ මරණයත් එක්ක තනි නොතනියට ආපු අයට කාලය ගතවෙද්දී ඔබවත් දරු දෙදෙනාවත් අමතක වුණාද?
ඒ ගැන කාටවත් දොස් කියන්න මම කැමති නැහැ. මොකද හැමෝටම තම තමන්ගේ වැඩ රාජකාරි තියෙනවා. ඒ වගේම ආර්ථික දුෂ්කරතාත් තියෙනවා. අනික දරුවෝ දෙන්නෙක් එක්ක තනිවුණ ගැහැනියකට ළංවෙන්න සමහරු බය වෙන්නත් ඇති. හැබැයි ගමේ යාළුවෝ එහෙම අසේල වෙනුවෙන් හුඟක් උදව් උපකාර කළා.
 
කලා ලෝකයේ අසේලගේ හිතවතුන්ගෙන් ඔබට ශක්තියක් ලැබුණේ නැද්ද?
මහේන්ද්‍ර අයියා (මහේන්ද්‍ර පෙරේරා) අදටත් දරුවෝ දෙන්නා ගැන හොයලා බලලා මුදලින් පවා උදව් උපකාර කරනවා. ගිරිරාජ් අයියාත් (ගිරිරාජ් කෞෂල්‍ය) අසේල ඔහුට කරපු උදව් ගැන මතක් කරමින් අපේ දුක සැප සොයා බලනවා. ගිහාන් ප්‍රනාන්දුත් අපේ ගමේ නිසා නිතරම වගේ මුණ ගැහෙනවා. අසේල රඟපෑ ගාමණී චිත්‍රපටය කරපු සරත් වීරසේකර මහත්මයාත් මේ වෙලාවේ සිහිපත් කළ යුතුයි. හැබැයි කිසිම කලා සංගමයක් නම් අපි ජීවත්වෙන්නේ කොහොමද කියලා හොයලා බැලුවේ නැහැ. දැන් මටත් රැකියාවක් නැහැ. ගෙදර අයගේත් යාළුවන්ගේත් උදව්වෙන් සහ අසේල වැඩ කරපු තැපැල්  පාර්තමේන්තුවෙන් ලැබෙන සුළු මුදලකින් තමයි අපි ජීවිතය ගෙනියන්නේ. 
 
කිෂාන් කනංකෙ

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1924

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2944

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3267

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3180

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2370

Please publish modules in offcanvas position.