Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔබේ නවතම ගීත නිර්මාණ ගැන මුලින්ම කතාබහ කරමු?
2008 වසරේදී විතර තමයි මම අවසන් වරට මගේ ගීත එකතුවක් නිකුත් කළේ. ඉතින් මේ වසර 10ක කාලය තුළ මම නිර්මාණය කරපු ගීත රැසක් මා සතුව තිබෙනවා. ඒ අතරින් සනත් චන්ද්‍රසේකර ලියූ පිනේ බරට, නයනසේන වන්නිනායක ලියූ තිසා වැව ළඟ, රවි සිරිවර්ධන ලියූ සැනසෙන්න හිතවතිය වැනි ගීත විශේෂයි. මේ ඇතැම් ගීත යූටියුබ් හරහාත් රූප රාමු සමග රස විඳින්නට පුළුවන්. සුභාවිත ගීතයට ඇළුම් කරන අයගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ඒ ගීතවලට හිමිවෙනවා.
 
ඇයි වසර 10 ක් වැනි දිගු කාලයකින් අලුත් ගීත එකතුවක් එළිදැක්වූයේ නැත්තේ?
ඒකට ප්‍රධානතම හේතුව තමයි අපි ලොකු මුදලක් වියදම් කරලා සී.ඩී. තැටියක් නිකුත් කළත් ඇතැමුන් ඒවායින් හොර සී.ඩී. නිර්මාණය කිරීම නිසා එම ගීත සඳහා වැය කළ මුදලවත් උපයා ගැනීමට නොහැකිවීම, හොරකම් කිරීම නීතිගත වෙලා තිබෙන රටක මෙවැනි සුළු හොරකම් ගැන කවුරුවත් තැකීමක් කරන්නෙත් නැහැ. අපි අලුතෙන් ගීත එළිදැක්වූවාට පස්සේ තමන්ගේ සිතුම් පැතුම්වලට අනුව ඒවාට රූප රාමු නිර්මාණය කරලා සමාජ මාධ්‍ය වෙත මුදාහරින කොට්ඨාසයකුත් ඉන්නවා. එයත් අපිට කරන විශාල අසාධාරණයක්. මේ විදිහේ නිර්මාණශීලී හැඟීම් නැති අය අතරේ අපේ ගීත අගය කරන රසික පිරිසකුත් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මම නුදුරේදීම අලුත් ගීත එකතුවක් එළිදක්වන්නයි හිතාගෙන ඉන්නේ.
 
අද බොහෝ නාලිකා එක්තරා රැල්ලකට යන ගීත තමයි වැඩිපුර ප්‍රචාරය කරන්නේ. මෙබඳු වාතාවරණයක් තුළ සුභාවිත ගීත සඳහා මාධ්‍යවලින් වෙන් කරන ඉඩකඩ ප්‍රමාණවත්ද?
ඇත්තටම ඔය කියන විදිහේ නවරැල්‍ලේ ගීතවලට වගේම සුභාවිත ගීතයටත් සාධාරණයක් ඉටු කිරීමට මාධ්‍ය නාලිකා වගබලා ගත යුතුයි. මට හිතෙන විදිහට ඒ වගකීම වැඩිපුරම පැවැරෙන්නේ එම නාලිකා මෙහෙයවන අයටයි. නමුත් අද බහුතර මාධ්‍ය නාලිකා වෙන කවුරුන් හෝ කරන දෙයක් බලාගෙන හෝ පිටරටක දෙයක් ගෙනැල්ලා මුදල් හම්බ කිරීමේ අරමුණින්ම ප්‍රචාරය කරනවා මිස උසස් දේශීය නිර්මාණ මාකට් කරන්න බලන්නේ නැහැ. මේ තුළින් සුභාවිත සරල ගීතයට විශාල අසාධාරණයක් සිදුවෙනවා. අනෙක මම වගකීමෙන් කියනවා සමහර නාලිකා ගීත ප්‍රචාරය කිරීම සඳහා මුදල් අයකරන බව. නිර්මාණයක් කළාම යම් කාලයක් ගතවුණාට පස්සේ තමයි අපට එයින් ආර්ථික ලාභයක් ලැබෙන්නේ. ඉතින් අපට හැකියාවක් නැහැ මුදල් වැයකරලා ගීතයක් නිර්මාණය කරලා ඒක ප්‍රචාරය කරන්නත් තවත් මුදල් වැය කරන්න.
 
අලුතෙන් ගායනා කර තිබුණත්, ඔබ මුලින්ම ගායනා කළ වී පැදුරෙන් වැනි ගීතවලට පමණක් තවමත් රසිකයන්ගේ වැඩි අවධානයක් යොමුවීමට ඔය කියන හේතු ද බලපා ඇති?
ඔව්. මට හොඳට මතකයි 1998-99 කා‍ලේ වී පැදුරෙන් ගීතය ගායනා කළ මුල් අවධියේ ජාතික රූපවාහිනියේ සෙනේෂ් බණ්ඩාර දිසානායක මට දුරකථනයෙන් කතා කළා. ඒ වෙනකොට මම ඔහුව දැන හඳුනාගෙන සිටියෙත් නැහැ. ඔහු මට එදා කතා කළේ ජාතික රූපවාහිනියේ යාත්‍රා වැඩසටහන වෙනුවෙන් වී පැදුරෙන් ගීතය සඳහා රූප රචනාවක් නිර්මාණය කරන්නයි. ඊට පස්සේ ඔහු මාවත් එක්කරගෙන ගිහින් අනුරාධපුරේ දින දෙකක් නැවතිලා ඉඳලා තමයි ඒ රූප රචනාව නිර්මාණය කළේ. ආධුනිකයෙක් විදිහට මට රූපවාහිනියේ මුලින්ම පෙනී ඉඳලා ජනතාව අතරට යන්න ඒ රූප රචනාව බොහෝ සෙයින් ඉවහල් වුණා. එදා මාධ්‍ය නාලිකාවල හිටපු සෙනේෂ් වගේ අයට එවැනි විඥානයක් තිබුණා. නමුත් අද විද්‍යුත් නාලිකාවල ඉන්න බහුතරයකට එවැනි රසඥතාවක් නැහැ.
  1. අවසන් ඉනිමට කලින් නුවනිගේ අත කැඩෙයි
  2. ඇත්තම කිව්වොත් ඒක බලු ආදරයක්
  3. අනූෂා රෝද පුටුවේ ඉඳගෙනම යළිත් රඟපෑමට එක්වෙයි
  4. මට ජීවිතේ දීපු Facebookම තමයි මාව මරා දැමුවෙත්
  5. තාත්තා සොයා දුන් හේෂාන්ගේ පෙම්වතිය පිරිමියෙක් බවට පත්වෙයි
  6. කොණ්ඩෙත් හිටවා ගත් පුබුදු ඊළඟට කරන්න යන වැඩේ
  7. ජනප‍්‍රිය නළු නිළියන්ගේ කපාපු පලූ
  8. නයනා කැමැතිම දේ
  9. අද වැඩිපුර ඇහෙන්නේ ඝෝෂාකාරී ගීත
  10. මේ දවස්වල අම්මලාට තියන ලොකුම රාජකාරිය මට මනාලයෙක් හොයන එක
  11. මම අද යන්නේ කෝටි දෙකහමාරක් වටිනා බෙන්ස් එකක
  12. ඒ ගීතය කාලා
  13. සිඳූ හි පුංචි සුබෝධ හාමුදුරුවෝ ලෙස රඟපාන අභිමාන්ගේ අම්මා කියන කතාව
  14. තමන් ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වූ හේතුවත් චන්ද්‍රා කළුආරච්චි කියයි
  15. පුවක් මල් තාමත් වැටෙනවා ඉර හැමදාමත් පායනවා ඒත් මගේ පුතාගේ ඇස් පේන්නේ නෑ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.