Coss Ear2
lakbima.lk
COSS Ear 1

1. හොඳම චිත්‍රපටය

Ben Hur ඩ්භප නමැති චිත්‍රපටය තමයි මගේ සිත වඩාත්ම  ඇදිලා ගිය චිත්‍රපටය එය 1959 වසරේදී නිර්මාණය කළ චිත්‍රපටයක්. ඹඪතතඪචථ ඹරතඥප විසින්
අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය අති විශිෂ්ට කලා නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඕඥද ඩ්භප නරඹන විට එවකට තිබූ තාක්ෂණය ගැන පුදුම හිතෙනවා. ඔවුන්ට තිබූ දැනුම තාක්ෂණික ආම්පන්න යොදා ගෙන තිබෙන ආකාරය වගේම කැමරාකරණය පිළිබඳවත් පුදුම හිතෙනවා. ඒ නිසා මට නම් එම චිත්‍රපටය කොතරම් වාර ගණනක් නැරඹුවත් එපා නොවෙන චිත්‍රපටයක්.

නරකම චිත්‍රපටය
සාමාන්‍යයෙන් මම වැඩි පුර චිත්‍රපට බලන කෙනෙක් ‍නෙවෙයි. බැලුවත් තෝරා බේරාගෙනයි නරඹන්නේ. ඒ නිසා නරකම චිත්‍රපටයක් තවම මට හමුවී නැහැ.

2. හොඳම ටෙලි නාට්‍යය

ඒ තමයි කඩුල්ල. කඩුල්ල බොහෝ කලකට පෙර නිර්මාණය වූ  ටෙලි නාට්‍යයක් වුවත් අදත් එහි නැවුම් බවක් දක්නට ලැබෙනවා. අද බිහිවෙන ටෙලි නාට්‍යය හා සසඳා බලන විට මේ ටෙලි නාට්‍යය
විශිෂ්ට ගණයේ එකක් ලෙසයි මා දකින්නේ. එහි අධ්‍යක්ෂණය වගේම නළු නිළියන්ගේ රංගන
ප්‍රතිභාවත් ඉතා ඉහළ මට්ටමක තිබෙනවා.

නරකම ටෙලි නාට්‍යය
ඒ ගැන කියන්න නම් පත්තරේ ඉඩ මදි වේවි. ඒ නිසා මම මුකුත් නොකියා ඉන්නම්.

3. හොඳම ගායකයා

ජෝතිපාල. මම වයස අවුරුදු 3-4 තරම් පුංචි කා‍ලේ සිටයි ඔහුගේ ගීතවලට ප්‍රිය කරන්නේ.  මගේ දෙමාපියන් වගේම මගේ පවු‍ලේ සියලුම සාමාජිකයන් ඔහුගේ ගීතවලට දැඩි ඇල්මක් දක්වනවා. එතුමාගේ අභාවයත් සමගම අපේ සිනමාවේ පසුබිම් ගායනය අභාවයට ගියා සේ මට දැනෙනවා.
මොකද ඔහුගේ ගීතත් එක්කයි අපේ සිනමාවේ ලොකු පිබිදීමක් දක්නට ලැබුණේ. ඔහුගේ වියෝවත් සමගම ඔහුගේ වටිනාකම තදින්ම රටට දැනුණා.

නරකම ගායකයා
එවැනි කෙනෙක් තවම බිහි වෙලා නැහැ. 

4. හොඳම ගීතය
ඇත්තටම මට උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නයක් තමයි මේක. මොකද මම ආසා කරන ගීත විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ අතුරින් ඩ්අ ජෝතිපාලගේ සිත පාරනවාදෝ ආශාවන් ඔබ මනසින් වෙන්වී මා දවමින්....... ගීතයට මම හරිම ආසයි. කොච්චර ඇහුවත් මට එපා වෙන්නේ නැති ගීතයක් ඒක. මෑත කාලීනව මා රස විඳි අති විශිෂ්ට ගීතයක් තමයි ඒක.

නරකම ගීතය
ගීත කවි කර ගයන කිසිම හරයක් නැති මිනිසුන්ගේ මනස විකෘති කරන ගීත කිසිවකට මා කැමති නැහැ.

5. හොඳම ක්‍රීඩකයා

අර්ජුන රණතුංග. ඔහු ක්‍රීඩාව පැත්තෙන් අපේ රටට
විශිෂ්ට ජයග්‍රහණයක් ගෙනත් දුන් ක්‍රීඩකයෙක්. ප්‍රථම වරට ලෝක කුසලානය ඔහු අපිට ගෙනත් දුන්නා. එතැන් සිට අද වෙනකම් කිසිම ක්‍රිකට් කණ්ඩායමකට එවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව හිමි වුණේ නැහැ. ඒ නිසා ඔහු අපේ රටට ගෞරවයක්.

 නරකම ක්‍රීඩකයා
මම දන්නා තරමින් එහෙම කෙනෙක් නැහැ.

6. හොඳම දේශපාලනඥයා

විවිධ දේශපාලනඥයන් පිළිබඳව මා අසා තිබෙනවා. නමුත් ඒ දේශපාලනඥයන්ව අපිට හමුවී නැහැ. මගේ ප්‍රියතම දේශපාලනඥයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. අපි ඉපදෙන විටම වගේ මේ රටේ යුද්ධයක් පටන් ගෙන තිබුණා. අපි තේරෙන කා‍ලේ සිටම අපි යුද්ධය සමග බැට කෑවා. මොන දේ තිබුණත් යුද්ධය සමග සෑම කෙනෙක්ම මැරි මැරී ඉපදුණා. එවැනි බිහිසුණු යුද්ධයක් නිමා කර මෙරටට නිදහස ලබා දුන් අග්‍රගණ්‍ය නායකයකු ලෙසයි මම ඔහුව සැමදාම දකින්නේ. එතුමාව මම කිසි දිනක හමු නොවුණත් මගේ සිතේ ඔහුට තිබෙන ගෞරවය කිසිදා නොවෙනස්ව පවතිනවා.

නරකම දේශපාලනඥයා
රටට වින කරන, රටට ආදරයක් නැති රටේ සම්පත් විනාශ කරන, මිනිසුන්ට ගෞරව නොදක්වන සියලුම දේශපාලනඥයන්ට මම අකමැතියි.

7. හොඳම ඇගයීම

මතෛක් මගේ ජීවිතයේ හොඳම ඇගයීම වූයේ එක්  වසරකදී මට හොඳම නිළිය හා ජනප්‍රියතම නිළිය යන සම්මාන දෙකම හිමි වීමයි. ඒ වගේම රාජ්‍ය නාට්‍ය උළෙ‍ලේදී පළමුවන හොඳම නිළිය ලෙස මා ජයග්‍රහණය කළා. මට එය විශාල ගෞරවයක්.

නරකම ඇගයීම
මා නැති අතරතුර මොනවා වෙනවාද වෙන අය මා ගැන මොනවා කියනවාද කියා මම දන්නේ නැහැ. නමුත් දැනුවත්ව නම් එහෙම නරකම ඇගයීමක් මට ලැබිලා නැහැ.

8. හොඳම පුරුද්ද
වෙලාවට වැඩ කිරීම

නරකම පුරුද්ද
මිනිසුන්ව විශ්වාස කිරීම. ගොඩක් වෙලාවට මම අන් පුද්ගලයනුත් මා මෙන් අවංකව වැඩ කරනු ඇතැයි විශ්වාස කිරීම නිසා බොහෝ ගැටලු මතුවෙනවා. එය මගේ නරක පුරුද්දක්.

9. හොඳම යාළුවා
ගයාත්‍රි ඩයස් තමයි මගේ හොඳම යාළුවා. මේ
ක්ෂේත්‍රයට පැමිණි මුල් අවධියේයි අපි මිතුරියන් බවට පත් වුණේ. දැන් ඒ යාළුකම වසර විස්සකටත් වැඩියි. මගේ දුකට, සැපට, සෑම දෙයකටම මගේ ළඟින් සිටින මිතුරිය ඇයයි.

 නරකම යාළුවා
මම කාවවත් ළඟින් ඇසුරු නොකරන නිසා එවැනි කෙනෙක් මට හමු වී නැහැ.

10. හොඳම මතකය
ඒ තමයි මගේ පුතා මේ ලෝකෙට බිහි වුණ දවස. මට පුතාව ලැබුණේ ස්වාභාවික විදිහට. ඒ අවස්ථාවේ දැනුුණු වේදනාව සහ සතුට සම්මිශ්‍රණයවී ඇති වුණ හැඟීම මට මියයන තෙක්ම අමතක වෙන එකක් නැහැ.

නරකම මතකය
අපි ආදරේ කරන පුද්ගලයන් ජීවිතෙන් සමුගත්විට දැනෙන වේදනාව ජීවිතේ නරකම මතකයන් ලෙස සිතේ තැන්පත් වී තිබෙනවා.

  1. අද වැඩිපුර ඇහෙන්නේ ඝෝෂාකාරී ගීත
  2. මේ දවස්වල අම්මලාට තියන ලොකුම රාජකාරිය මට මනාලයෙක් හොයන එක
  3. මම අද යන්නේ කෝටි දෙකහමාරක් වටිනා බෙන්ස් එකක
  4. ඒ ගීතය කාලා
  5. සිඳූ හි පුංචි සුබෝධ හාමුදුරුවෝ ලෙස රඟපාන අභිමාන්ගේ අම්මා කියන කතාව
  6. තමන් ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වූ හේතුවත් චන්ද්‍රා කළුආරච්චි කියයි
  7. පුවක් මල් තාමත් වැටෙනවා ඉර හැමදාමත් පායනවා ඒත් මගේ පුතාගේ ඇස් පේන්නේ නෑ
  8. ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ අනෝමාගෙන් ආන්දෝලනාත්මක කෘතියක්
  9. ගල්වළක ගල් කඩන මට දුව නම් කියන්නේ මේකප් ටිකක්වත් නැතිව එළියට බහින්න එපා කියලයි
  10. දු අනුරාධා11 වෙනිදා නෙළුම් ‍පොකුණේදී
  11. පත්තිනි දේවියගේ චරිතය රඟපෑ ලංකාවේ නිළිය නිසා මටත් බණින්න පටන් ගත්තා
  12. දෙරණ ස්ටාර් සිටි 20-20 වේදිකාවෙන් බැස ගිය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි දැන් කියන වෙනස්ම කතාව
  13. ආදරෙයි මං තිරයට ගේන්න අවුරුදු 3ක් බලාගෙන හිටියා
  14. අපි කසාද බැදලා නැහැ ඒත් අපිට දරුවෙක් හම්බ වෙන්න යනවා
  15. මගේ පුංචි තමයි අයදුම්පතක් දාලා මාව අවුරුදු කුමාරියක් කළේ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.