Coss Ear2
lakbima.lk
COSS Ear 1

මම ඒ දවස්වල ක්‍රිකට් පිස්සෙක්

චිත්‍රා සෝමපාල - පී. ඇල්. ඒ. සෝමපාල කියන ප්‍රබල චරිත ඔබේ සංගීත ජීවිතයට බලපෑමක් කළාද? එහෙම නැත්නම් ඔබ මේ ගමන තනියමද ආවේ?
පුංචි කා‍ලේ ඉඳන්ම සංගීත පසුබිම අපේ ගෙදර තිබුණා. අම්මයි තාත්තයි දන්න හඳුනන කලාකරුවෝ නිතර අපේ ගෙදරට ආවා ගියා. පැට්‍රික් දෙනිපිටිය, මුත්තුසාමි මාස්ටර්, රොක්සාමි මාස්ටර්, සුනිල් ශාන්ත, රුක්මණී දේවි, එඩී ජයමාන්න, ජෝ, විජය, මාලිනී වැනි බොහෝ අය මම නිතර හමු වූ පවු‍ලේ හිතවතුන්. ඒ හින්දා කලා ලෝකය මට නුහුරු නුපුරුදු තැනක් වුණේ නැහැ. ඒ වුණත් කවදාවත් කලා ලෝකයට එන අදහසක් ඒ කා‍ලේ මට තිබුණේ නැහැ. 
 
කලා පසුබිමක් ගෙදර තිබිලත් ඇයි ඔබ කලාකාරයෙක් වීමට අකමැති වුණේ? 
ඒ දවස්වල මට තිබුණේ ක්‍රිකට් උන්මාදයක්. ඇත්තටම ඒක පිස්සුවක් කිව්වොත් හරි. අසංක ගුරුසිංහ මගේ පාසල් මිතුරෙක්. ඉස්කෝලෙ යන කා‍ලේ මම වැඩි කාලයක් ගත කළේ ක්‍රිකට් ගහන්නයි. ඒත් ඊට පස්සේ ඒ උනන්දුව ඉබේම යටපත් වෙලා “හොකී ක්‍රීඩාව“ ගැන උනන්දුවක් ඇති වුණා. කොහොම හරි මේ ක්‍රීඩා දෙකටම යොමු වුණාට ඒදෙකින්ම ඉදිරියට යන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. 
 
ඒ කියන්නේ අන්තිමට ෙදෙවය විසින්ම ඔබව සංගීතයට යොමු කළා.? 
ඔව්. එහෙම වෙන්න ඇති. මමවත් දන්නේ නෑ මම ඉබේටම සංගීතයට යොමු වුණා. හැබැයි බටහිර සංගීතයට. ගිටාර් වාදනයට තමයි මුලින්ම යොමු වුණේ. මම සංගීත කණ්ඩායම්වලට එකතු වෙලා ක්ලබ්වල තමයි මුලින්ම සංගීත කටයුතු කළේ. ඉන් පසුව මම 1986 ස්විට්සර්ලන්තයට ගියා. ඒ රටේත් ක්ලබ්වල ගී ගයන එක තමයි මගේ වෘත්තිය වුණේ. 
 
ඔබේ දෙමාපියන් ඔබ සතු වූ හැකියාවන් මොන විදියටද අගය කළේ? 
මම ස්විට්සර්ලන්තයේ හිටියට නිතරම ලංකාවට ආවා. ඒ වගේම ලංකාවේ ඉන්න කා‍ලේ අපේ බෑන්ඩ් එළිමහන් ප්‍රසංග කරද්දී අම්මයි තාත්තයි ඒක බලන්න ඇවිත් තියෙනවා. ඒ වෙලාවට ඒ අය කිව්වේ “ඔය කියන්නේ අනුන්ගේ සින්දුනේ. තමන්ගෙම ගීත ගයන්න කියලයි. මම “නදී ගංගා තරණයේ” ගීතය ගැයුවේ 1998දී. ඒ ගීතයත් එක්ක මම ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණා. හැබැයි ඒ වෙද්දී අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ. 
 
තමන්ගේම ගීතයකින් ක්‍ෂේත්‍රයට එන්න ඔය තරම් කාලයක් ගත කළේ ඇයි? 
මම ස්විට්සර්ලන්තයේ ඉන්න අතරේ වසරකට වතාවක් විතර ලංකාවට ඇවිත් යනවා. ඒ හැම අවස්ථාවකම මම බලනවා ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රය තුළ ඇති නව ප්‍රවණතා දිහා.  අලුත් අලුත් ටේ‍රන්ඩ් බිහි වුණා. මම ඒ දිහා බලාගෙන හිටියා. මට ඕනෑ වුණේ රොක් සංගීතය තුළ යමක් කරන්නයි. ඒ අනුව තමයි “නදී ගංගා” ගීතය කළේ. එය ජනප්‍රිය වුණා. ඉන් පසු ගීත කීපයක් කළා. “ඇගේ ඇස අග”, “මේ වගෙ ආදරයක්” කියන චිත්‍රපටවලටත් ගී ගයන්න අවස්ථා ලැබුණා. 
 
චිත්‍රාල්ගෙ ඉදිරි කටයුතු ගැන කතා කළොත්? 
අම්මා ගායනා කළ ජනප්‍රිය ගීත 10ක් මම ගායනා කරලා සී.ඩී. තැටියක් ලෙස ජනගත කරන්න යනවා. ඒ ගීත නව සංගීතයට අනුව ‍නෙවෙයි නිර්මාණය වෙන්නේ. මුල් සංගීතයටම තමයි නිර්මාණය වෙන්නේ. 
 
චිත්‍රාල් තමන්ගේ පෞද්ගලිකත්වය මාධ්‍යයට හෙළිදරව් කරන්න මැලි වන්නේ ඇයි? 
රොක් ගායකයන් එහෙම තමයි. මගේ බිරිඳ ජර්මන් ජාතික කාන්තාවක්. ඇය ජනප්‍රිය චරිතයක් ‍නෙවෙයි. ඒ හින්දා ඇගේ විස්තර මාධ්‍යයට කියලා වැඩක් නැහැනේ. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.