Coss Ear2
lakbima.lk
COSS Ear 1

කැලණි ගඟේ කිඹුල් කටින් බේරී ආ හැටි ධනංජය කියයි

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘මිල්ලෑව වලව්ව‘ ටෙලි නාට්‍යය වෙනුවෙන් පසුගියදා ගඟක් මැද කළ රූගත කිරීමකදී ඔරු පදිමින් සිටි ධනංජය සිරිවර්ධන සහ ගයේෂා පෙරේරා ඔරුව පෙරළීමෙන් අනතුරකට මුහුණ දුන්නා. නාට්‍ය කණ්ඩායමේ සහ අසල්වාසීන්ගේ උදව්වෙන් දෙන්නාටම කරදරයක් නැතුවම ගොඩට එන්න පුළුවන් වුණා. එදා සිදුවූ අනතුර ගැන වැඩි විස්තර අපි ධනංජයගෙන් ඇහුවා. 
 
වැඩ දන්නා නිසා බේරුණාද? නැත්නම් වැඩ දාපු නිසා බේරුණාද?
මම හිතන්නේ ඔය දෙකම නිසා වෙන්න ඇති බේරුණේ.
 
දැන් චණ්ඩියා වගේ කතා කළාට ඔරුව පෙරළෙන කොට මරණ බය  දැනෙන්න ඇති නේද?
බයක් ඇතිනොවුණා නමෛයි. ඒත් අනතුරක් නම් වෙන්නේ නැති වෙයි කියලා හිතට දැනුණා.
 
ඇත්ත කියන්න, ඔරුව පෙරළෙන වෙලාවේ කාවද මතක් වුණේ?
මට පීනන්න උගන්නපු මගේ බිරිඳ සශිනිව.
 
සශිනි උගන්වනකම් ධනංජය පීනන්න දැනගෙන හිටියේ නැද්ද?
නෑනේ. සශිනිට හොඳට පීනන්න පුළුවන්. එයා තමයි උනන්දු කරලා මට පීනන්න ඉගැන්නුවේ. ඒත් තාමත් මට පීනන්න හොඳටම බෑ. හැබැයි ඔරුව පෙරළෙද්දී හිතුණා උගන්නපු දේ අත්හදා බලන්න හොඳ අවස්ථාවක් කියලා.
 
කට්ටිය ළඟපාත හිටපු නිසා හොඳයි නේද?
කට්ටිය එනකොට මමත් පීනල ගොඩට එන්න උත්සාහ කළා. 
 
එතකොට ඔරුවේ හිටපු ගයේෂාට මොකද වුණේ?
ගයේෂා ටිකක් කලබල වුණා. මොකද එයා සාරියක්නේ ඇඳගෙන හිටියේ. සාරියත් එක්ක පීනන්න බෑනේ. 
 
ඔරුව පෙරළුණේ මොකක් වෙලාද?
අපි දර්ශනය රූගත කරමිනුයි හිටියේ. ඔරුව ඇතුළට වතුර පිරෙන්න ගත්තා. ගයේෂාත් කිව්වා වතුර එනවා නේද කියලා මම වැඩිය ගණන් ගත්තේ නෑ.
 
මීට කලින් ඔරුවක ගිහිල්ලාම නැද්ද?
ගිහින් තියෙනවා, හැබැයි ඒ තොටියෙක් එක්ක. මමම හබල් ගහගෙන ගියේ   පළමු වතාවට. 
 
බැරි වැඩ නොකරන් අඹරෝ කියලා කියමනක් තියෙනවා?
බැරිද පුළුවන්ද කියලා කරලම බලන්න ඕනෑනේ. ටිකෙන් ටික වතුර වැඩි වුණා. අන්තිමට ඔරුව පෙරළුණා.
 
කිඹුලෙක්වත් ආවා නම්?
ඇත්ත. කැලණි ගඟේනේ අපි ඔරුව පැද්දේ. කිඹුලොත් ඉන්නවා. දෙවියන්ගේ පිහිටෙන් කරදරයක් වුණේ නෑ.
දරූගත කිරීම්වල ඇස් බැන්ඳුම් තියෙනවානේ. අධ්‍යක්ෂවරයාට ගඟ මැද්දට ගිහින් ඔරුව පදින්නම ඕනෑ වුණාද?
අධ්‍යක්ෂ ප්‍රභාත් නම් කිව්වා ළඟ ඉඳන් ගමු කියලා. ඒත් දර්ශනය තාත්විකව ගන්න ඕනෑ නිසා අපි  කැමැත්තෙන්ම ටිකක් ඈතට ගියා.
 
ඕවට තමයි කියන්නේ ඇදගෙන නානවා කියලා?
ඇදගෙන නාලා හරි අපි වැඩේ තාත්විකව කළානේ.
 
ඔරුව පෙරළෙන වෙලාවෙ සෙල්ෆියකුත් ගත්තා නම් වටිනාකම කියලා නිම කරන්න බෑ?
සෙල්ෆිය තියා කැමරාව ළඟ තිබිලවත් ගොඩ ඉඳන් කවුරුත් අපේ ඡායාරූපයක් අරන් නෑනේ.
 
එතකොට මුහුණු ‍පොතේ හුවමාරු වුණේ මොනවාද?
ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ අපි ගොඩට එන දර්ශනයි ඒ තිබුණේ. ඒත් මම ඇවිත් ඇහුවා ඇයි වීඩියෝ කළේ නැත්තේ කියලා. කට්ටිය කියනවා ඔරුව පෙරළෙයි කියලා දැනෙද්දී කට්ටිය කැමරා ඔෆ් කරලා අපිව බේරගන්න දිව්වා මිසක් වීඩියෝ කරන්න මතක් වුණේවත් නැතිලු. එහෙම ඒවා කොහොම ගන්නවද කියලා හිතා ගන්නවත් බැරිලු. ඒත් ප්‍රභාත් (ප්‍රභාත් රෝෂණ) ‍පොරොන්දු වුණා තව එක දර්ශනයක් තියෙනවා ඔරු පදින, එදාටත් පෙරළුණොත් නම් අනිවාර්යෙන්ම  වීඩියෝ කරලා දෙනවා කියලා. 
 
හිමේෂා සවන්තී රාජපක්ෂ
 
ඡායා: අසන්ත ගමආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.