Coss Ear2
lakbima.lk
COSS Ear 1

'දෙවෙනි ඉනිම' නාට්‍යයේ තේමා ගීතය ගැන කවුරුත් නොදන්නා කතාවක්

හදවතට දැනෙන විදිහට නිර්මාණය වන ගීත, කලක් ගතවනතුරු ජනතාවගේ මතකයෙන් ඈත් වන්නේ නැහැ. එවැනි ගීතයක් ටෙලි නාට්‍යයක තේමා ගීතය ලෙස යොදාගතහොත් එයින් ටෙලි නාට්‍යයටත් විශාල ආලෝකයක් ලැබෙන බවඅමුතුවෙන් කිවයුතු නැහැ. ප්‍රේක්ෂකයන්ගේ හදවත්වලට සමීප වූ එබඳු ආකාරයේ තේමා ගීතයකින් හැඩවෙන ටෙලි නාට්‍යයක් සඳහා හොඳම උදාහරණයක් විදිහට මේ දිනවල ටී.වී.දෙරණ නාලිකාවෙන් විකාශය වන “දෙවෙනි ඉනිම” ටෙලි නාට්‍යය හඳුන්වන්නට පුළුවන්. එම ගීතය නිර්මාණය වූ ආකාරය ගැන  දැනගන්නට බොහෝ දෙනා කැමැත්තෙන් සිටින බව ආරංචි වූ නිසාමයි අපි ඔවුන් වෙනුවෙන් එහි වගතුග සොයා යන්නට තීරණය කළේ.
 
දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ තේමා ගීතය මිහිරි ස්වරයකින් ගායනා කරන ගායන ශිල්පිනිය කවුරුන්ද යනවග ගැන සමහරුන්ට තිබෙන්නේ විශාල කුතුහලයක්. ඒ ගායිකාව ගැන සොයා බලද්දී අපට දැන ගන්නට ලැබුණා ඇය අපේ රටේ ගීත ලෝලීන්ට ආගන්තුක ගායිකාවක් නොවන බව. මොකද ඇය තමයි දෙරණ ඩී්‍රම් ස්ටාර් ගායන තරගාවලියේ හයවැනි අදියරේ දෙවැනි ස්ථානය දිනාගත් ගායන ශිල්පිනිය වන යශෝධා ප්‍රියදර්ශනී. දෙවෙනි ඉනිම විකාශය වීම ඇරඹුණුදා පටන් මේ ගීතය වෙනුවෙන් ඇයට ලැබෙන ප්‍රතිචාරවල නම් නිමක් නැහැ කියලයි යශෝධා පවසන්නේ.
“මේ ගීතය ගායනා කරන්නේ මමයි කියලා දැනගත්තාම බොහෝ දෙනා මට සුබ පැතුවා. හැබැයි සමහරු තවමත් දන්නේ නැහැ එය ගායනා කරන්නේ මමයි කියලා. මාව ළඟින් ඇසුරු කරපු සමහරු පවා කලින් දැනගෙන හිටියේ නැහැ ඒ ගීතය ගායනා කරන්නේ මා බව. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලස්සන තේමා ගීතයක් තියෙනවා නේද කියලා මාත් එක්ක කතාබහ කරද්දී තමයි එය ගායනා කරන්නේ මමයි කියලා ඇතැම් අය දැන ගත්තේ. හැබැයි අද වන විටත් ගීතයට ලැබෙන ප්‍රතිචාරවල නම් අඩුවක් නැහැ” දෙවෙනි ඉනිම තේමා ගීතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගැන යශෝධා කියන්නේ එවැනි කතාවක්. 
යශෝධා ප්‍රියදර්ශනී මීට පෙර ‘සිඳු’ ටෙලිනාට්‍යයේ තේමා ගීතයටත් යුග ගායනයෙන් දායක වී තිබෙනවා. සිඳු ටෙලි නාට්‍යයේ තේමා ගීතයටත් වඩා ඉහළ ප්‍රතිචාර දවෛනි ඉනිම තේමා ගීතය වෙනුවෙන් ඇයට ලැබෙන බවයි යශෝධා පවසන්නේ. 
“සිඳු තේමා ගීතයට වගේම මේ ගීතය ගායනා කරන්නත් මට ආරාධනා කළේ දෙරණ නාලිකාවේ ලක්සිරි වික්‍රමගේ සර්. ටෙලි නාට්‍යය විකාශය වෙන්න වැඩි කාලයක් නැති නිසා ඉතාම ඉක්මනින් ගීතය පටිගත කිරීමේ වැඩකටයුතු අවසන් කළ යුතුයි කියලයි මට දැනුම් දුන්නේ. ඒ දිනවල මම ටිකක් අසනීපයෙනුත් හිටපු නිසා මට බයකුත් තිබුණා ගීතය හරිහැටි ගායනා කරන්න බැරිවේවි කියලා. නමුත් අවසානයේ ඒ පටිගත කිරීම් හොඳින් නිමකරන්න මට හැකි වුණා. දෙවෙනි ඉනිම විකාශය කරන විට බොහෝ වේලාවට සම්පූර්ණ ගීතය විකාශය නොවෙන නිසා බොහෝ අය මට කතා කරලා මුළු ගීතයම මගෙන් ඉල්ලනවා” යශෝධා එලෙස පැවැසුවා.
දෙවෙනි ඉනිම තේමා ගීතයේ රචකයා තමයි සමන් එදිරිමුණි. ආරම්භයේදී දෙවෙනි ඉනිමට පිටපත් රචනයෙන් දායක වුණේ සමන් නිසා තේමා ගීතය ගැන කියන්නත් බොහෝ දේවල් ඔහුට තිබුණා.
“මේ ටෙලි නාට්‍යයට “දෙවෙනි ඉනිම” කියන නම තැබුවාට පස්සේ දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා මට කිව්වා ඒ නමත් සමග යන තේමා පාඨයක් යෝජනා කරන්න කියලා දෙවෙනි ඉනිමේ චරිතවල හැරවුම් ලක්ෂ්‍යයක් විදිහට දැනෙන පාඨයකුයි ඔහුට වුවමනා වී තිබුණේ. ඔහුගේ අදහස අහලා විනාඩි තුන හතරක් යද්දී මගේ සිතට ආපු පද පේළිය තමයි “සිත් යාය මත අපේ - මල් යාය යළි පිපේ” කියන එක. එතැනින් තමයි ටෙලි නාට්‍යයේ තේමා ගීතය රචනා කිරීම ආරම්භ වුණේ. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ තේමා ගීතයට අත්තිවාරම වැටුණු ආකාරය ගැන සමන් විස්තර කළේ ඒ විදිහටයි. ඒ වගේම එම තේමා ගීතයෙන් කියැවෙන්නේ කවුරු ගැනද යනවග කියන්නත් සමන් අමතක කළේ නැහැ. 
“දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මොනතරම් ජනප්‍රිය චරිත සිටියත් හිමාලි සයුරංගි නිරූපණය කරන උදේනිගේ චරිතය තමයි එහි කොඳු නාරටිය වන්නේ. ඒ නිසා උදේනිගේ ජීවිතය ගැන කියැවෙන විදිහට තමයි මම මේ තේමා ගීතය රචනා කළේ”. 
 
දෙවෙනි ඉනිම තේමා ගීතය 
 
ළංවෙලා වස්සානයේ උද්‍යානයේ පුරා 
වෙන් වෙලා ගිම්හානයේ දුක්වේදනා දරා 
කඳුළින්ම ගී ගැයූ සමනල් යාළුවේ අසන් 
සිත් යාය මත අපේ මල් යාය යළි පිපේ 
 
නෙත කඳුළැලි රැඳි නෙත මත සායම් රන්දා 
සිත සිතිවිලි මත සිත සිත සිතුවම් ඇන්දා 
රහසින් කොඳුරා හදවත උදුරා 
 
කඳුළින්ම ගී ගැයූ සමනල් යාළුවේ අසන් 
සිත් යාය මත අපේ මල් යාය යළි පිපේ 
සිත් යාය මත අපේ මල් යාය යළි පිපේ 
 
කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 303

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 411

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 726

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2650

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3588

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3786

Please publish modules in offcanvas position.