Coss Ear2
lakbima.lk
COSS Ear 1

මල් ගස් වටේ නටන චරිතවලට තවමත් ආරාධනා ලැබෙනවා

ශ්‍රී ලාංකේය සිනමාවේ එදා මෙදාතුර විවිධ යුග බිහිවූ අතර ඒ ඒ යුගවල ජනප්‍රිය සිනමා තාරකාද බිහිවිය. අසූව දශකයේ අග භාගය සහ අනූව දශකයේ මුල් යුගයද එලෙසින් දක්ෂ නව පරපුරක් බිහිවූ යුගයකි. එලෙසින් බිහිවූ පරපුරේ එදා මෙදාතුර අඛණ්ඩව සිනමාවේ රැඳී සිටින අය අතර දිල්හානි ඒකනායකටද සුවිශේෂී තැනක් හිමිවෙයි. ජනප්‍රිය සිනමාව සහ සම්භාව්‍ය සිනමාව තුල එක ලෙස සිය කුසලතා පෙන්වූ මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය එළැඹෙන මස තිරගතවීමට නියමිත “ධර්ම යුද්ධය” සහ “හීන හොයන සමනල්ලු” යන සිනමාපට තුළ එකිනෙකට වෙනස් චරිත ද්විත්වයකින් ප්‍රේක්ෂකයන් හමුවට එන්නට නියමිතය. 
 
එදා තිරයේ සුපෙම්වතිය අද තරුණ පරපුරේ මවක් වෙලා නේද? 
ඔව්. මගේ පුතා පසිඳු ඩිල්ෂාන් පෙරේරාට දැන් වයස අවුරුදු 22 යි. සිනමාවේත් මම ඒ වයසේ. නව පරපුරේ නළු නිළියන්ගේ මව. එය සාමාන්‍ය දෙයක්.
 
අද ඔබට සිනමා නිර්මාණයක පෙම්වතිය වෙන්න ආරාධනා ලැබුණොත්  .. ?
ඔය කියන ප්‍රේමවන්තිය මගේ වයසට ගැළපෙන චරිතයක් නම් භාරගන්නවා. 
 
ඔබ දක්ෂ නර්තන ශිල්පිනියක්. එදා වගේම රූමත්. රොෂාන්, හේමාල් වැනි නවක නළුවකු සමග සුන්දර ප්‍රේමවන්තියකගේ චරිතයකට ආරාධනා ලැබුනොත් ..?
ඇත්තම කියනවා නම්  මල්ගස් වටේ නටන පෙම්වතියගේ චරිතය රඟපෑම සඳහා දැනුත් මට ආරාධනා ලැබුණු අවස්ථා තියෙනවා.. මම ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කළා. අද ඉතාමත් සුන්දර යොවුන් නිළියෝ ඉන්නවා. ඒ අය රඟපෑ යුතු චරිතයක් මම රඟපෑවොත් ඒක ප්‍රේක්ෂකයාට සුන්දර හැඟීමක් වෙන එකක් නැහැ.. ඒ නිසා මට එවැනි චරිතවලට දායක වෙන්න බැහැ..
 
දිල්හානි හිතන විදියට නව පරපුරේ එවැනි දක්ෂයින් කවුද .. ?
හේමාල්, සාරංග, පුබුදු වැනි අය දක්ෂයි. හිමාලි සිරිවර්ධනට රංගන හැකියාවයි නර්තන හැකියාවයි දෙකම ඉහළිින්ම තියෙනවා. ඒත් ඇයට දක්ෂතා පෙන්වන්න අවස්ථා ලැබුණේ නැහැ. තිසුරිත් හොඳ රංගන හැකියාවක් තියෙන නිළියක්.
 
නව පරපුර ප්‍රවීණයන්ට ගරු කරන්නේ නැතැයි ඇතැම් ප්‍රවීණයින්ම පවසනවා. ඔබත් පරම්පරා ගැටුම් වලට මුහුණදී තියෙනවාද ?
අනිත්  කෙනා තමන්ට ගරු කරන්නේ නැහැ කියල කවුරුන් හෝ කියනවා නම් ඊට හේතුව ඒ අය ගෞරවය බලා‍පොරොත්තුවීම.. මම නම් කාගෙන්වත් විශේෂ ගෞරවයක් බලා‍පොරොත්තු වෙන්නේ නැහැ. මම යන්නේ රඟපාන්න. මාත් එක්ක රඟපාන කෙනා නව පරපුරේද  කියන එක මට අදාළ නැහැ. හැමෝම එක්ක සුහදව වැඩකරලා ගෙදර එනවා. මට වැඩ කරන්න ලැබුණ තරුණ පරපුරේ හැමෝම මාත් එක්ක සුහදයි.
 
ඔබේ යුගයේ චිත්‍රපට සහ අද නිර්මාණ ගැන මොකක්ද අදහස.. ?
අපේ අම්මා කියන්නේ මම එන්න කලින් තිබුණු යුගයලු හොඳම කාලය. මට නම් හොඳ මම ආපු කාලයේ චිත්‍රපට. අපේ පුතා කියනවා අද බිහිවන චිත්‍රපට හොඳයි කියලා. ඔන්න ඕකයි සැබෑ තත්ත්වය. කාලය අනුව සිනමාවත් වෙනස්වනවා. එය එසේ විය යුතුයි.
 
දිල්හානි නර්තනය හදාරලා කේෂ්ත්‍රයට පැමිණි නිළියක්. ඒත් ඔබේ ඒ නර්තන දක්ෂතා නිසි පරිදි පෙන්වන්නට ලැබුණු ඉඩ මදි නේද ?
මම නර්තනය ශිල්පීය මට්ටමින් හදාරලා ආවට චිත්‍රපටවලදී මල්ගස් වටේ රඟන පෙම් රැඟුම් සඳහා පමණයි මගේ නර්තනය යොදන්න ලැබුණෙ.. එය අපේ රටේ සියළුම නළු නිළියන්ට සිදුවූ දෙයක්.. ඉන්දියානු සිනමාව තුළ නැටුම් ජවනිකා සඳහා නර්තනයේ ශිල්පීය ක්‍රමවේද යොදාගත්තට අපේ රටේ එහෙම නැහැ.. නර්තන ශිල්පිනියක්ගේ චරිතයක් රඟපාන්න ලැබුණ නම් සමහර විට මට මම ඉගෙනගත්තු දේ පෙන්වන්න තිබුණා. ඒත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැහැ..
 
අද බිහිවන චිත්‍රපටවලත් පවතින්නේ ඔය තත්ත්වයමද.. ?
අද නම් සිනමාව එදාට වඩා දියුණුුයි. අද නැටුම් ජවනිකාවලදී නළු නිළියන්ට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න තියෙන ඉඩකඩ අපේ යුගයේ තිබුණාට වඩා වැඩියි. නැටුම හැදෑරූ දක්ෂ අය අද ඉන්නවා.. හැබැයි ඉතින් එදාට සාපේක්ෂව ඉහළින් තිබුණට තවමත් නර්තනය හැදෑරූ අයට ඉගෙනගත් ශිල්පය සම්පූර්ණයෙන් පෙන්වන්න අවස්ථා ලැබෙනවා නම් අඩුයි. මා සිතන විදියට හේමාල්ට විතරයි නිර්මාණ කිහිපයක තමන්ගේ නර්තන කුසලතා පළකරන්න අවස්ථාව ලැබුණේ.
 
පෙම්වතියගේ චරිත ප්‍රතික්ෂේප කළාට නර්තන ශිල්පය මතුකළ හැකි නැටුම් ජවනිකාවලින් යුතු නිර්මාණයකට ආරාධනා ලැබුනොත්  භාරගන්නවද.. ?
නැටුම කියන්නේ සරල දෙයක් ‍නෙවෙයි. එය හොඳින් පුහුණු කළ යුතු දෙයක්. දැන් මම නැටුම නවත්තලා ඉන්නේ. මම අවුරුදු ගණනකින් නැටුවේ නැහැ. ඔය කී විදියේ නිර්මාණයකට යනවානම් ලොකු කාලයක් යොදලා හොඳින් පුහුණුවෙලා තමයි නටන්න වෙන්නේ. මම හිතන්නේ මට එය අසීරුවේවි.
 
ඔබේ සැමියා ප්‍රියංකර දැන් රඟපාන්නේ නැහැ නේද?
ප්‍රියංකර තවමත් ප්‍රසංග වේදිකාවේ රැඳිල ඉන්නවා. ගායනය තුළ හිටියට දැන් ඒත් එයා රඟපාන්න නම් කැමැත්තක් නැහැ. 
 
පුතාට තාත්තාගෙයි සීයගෙයි ගායන කුසලතාවය පිහිටලා නැද්ද .. ?
එයාට හොඳ ගායන හැකියාවක් තියෙනවා. ඒත් එයාට තියෙන්නේ අද දවසේ පරපුරට සරිලන හඬක්. පුතා ලංකාවට ආවම එයාගේම ගීතයක් කරයි. හැබැයි වෘත්තිය වශයෙන් නම් ගායනය තෝරාගන්න එකක් නැහැ.
 
පියාගෙන් සංගීතය උරුම වුණා වගේම මවගෙන් නළුකමත් උරුමවෙලා ඇති ..
ඒකනම් මම දන්නේ නැහැ. පුතා දැන් ප්‍රියංකරටත් වඩා උසයි . එයාට තියෙන්නේ ඉන්දියානුවෙකුගේ පෙනුමක්.. රඟපාන්න සුදුසු පෙනුමක්  තිබුණට රඟපාන්න එයිද දන්නේ නැහැ. එයා දැනට ඇමරිකාවේ ඉඳන් වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. තව අවුරුදු දෙකකින් තමයි ඉගෙනීම සම්පූර්ණ කරලා ලංකාවට එන්නේ. ඒ ඇවිත් කලාව තෝරගන්නවට වඩා එයා මහන්සිවෙලා ඉගෙනගත්තු දෙයින් ප්‍රයෝජන ගන්න ඊට අදාළ ක්‍ෂේත්‍රය තෝරගන්නවට  තමයි මම කැමති. හැබැයි ඉතින් විවේකය කලා කටයුතු වෙනුවෙන් යෙදෙව්වාට නම් කමක් නැහැ.
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 546

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1416

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3252

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2616

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3791

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4788

Please publish modules in offcanvas position.