Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇත්තම කිව්වොත් ඒක බලු ආදරයක්

මම ගැන ගොඩාක් අය නොදන්න රහසක් තියෙනවා. ඒ රහස තමයි අද මම කියන්න යන්නේ. හැබැයි මේක බල්ලන්ට සම්බන්ධ කතාවක්. මම බල්ලන්ට ගොඩාක් ආදරෙයි. කෙනෙකුට හිතෙයි ඒක සාමාන්‍ය දෙයක්නේ කියලා. මොකද බල්ලන්ට ආදරේ කරන ගොඩාක් අය ඉන්නවනේ. ඒත් මම බල්ලන්ට දක්වන ආදරය ඊට එහා ගිය තරමක් විශේෂ එකක්. 
අපේ තාත්තයි, අක්කයි මමයි තුන්දෙනාම බල්ලන්ට ගොඩාක් ආදරෙයි. හැබැයි අපි ගෙදරට ගෙනෙන බල්ලන්ගේ වැඩ කටයුතු කරන එක, කෑම බිම සකස් කරන එක අම්මගේ රාජකාරියක්. ඒ හින්දා අපේ බලු සුරතල් අම්මට හරිම කරදරයක්. තාත්තයි, අක්කයි දෙන්නට වඩා මම හින්දා තමයි අම්මා මේ කරදරේ විඳින්නේ. මම කොහේ හරි ගෙදරකට ගියොත්, ඒ ගෙදර බලු පැටව් ඉන්නවා දැක්කොත් එකෙක් ඉල්ලගෙන එනවාමයිි. ඒත් ගෙදර ආවම අම්මාගෙන් බැණුම් අහන්න වෙනවාමයි. දැන් මගේ කාර්ය බහුලකම හින්දා මේ තත්ත්වය ටිකක් වෙනස් වෙලා. ඉස්සර නම් අපේ ගෙදර බල්ලෝ පස් හය දෙනෙක් නැති වෙන්නේම නැහැ. 
පුංචිම කා‍ලේ මට පුරුද්දක් තිබුණා නිතරම කාව හරි බයිට් කර කර ඉන්න ඕනෑ. සෙල්ලම් කරන්න වටා පිටාවේ ගෙවල්වලට යන්න ගෙදරින් ඉඩ දෙන්නේ නැති හින්දා අක්කව තමයි බයිට් එකට (විහිළුවට) ගන්නේ. මගේ හිරිහැර විඳ ගන්න බැරි වුණාම අක්කා තරහ වෙලා යනවා. ඊට ප්සසේ මගේ බයිට් එක වෙන්නේ ගෙදර හදන බලු රෑන. ඒ අයව ඒ මේ අත පෙරළන එක, කේන්ති කරවන එක, උගේ වලිගේ සෙල්ලම් බඩු එල්ලන එක, ඔන්න ඔය වගේ දේවල් තමයි මම කරන්නේ. තවත් දෙයක් තියෙනවා. ඒ දවස්වල විභාගේ ළං වුණාම පාඩම් කරන්න වෙනවානේ. පාඩම් කරන්න කම්මැලි හිතුණාම මම කරන්නේ බලු පැටියත් ඉස්සරහ වාඩි කරවලා පාඩම් ‍පොත අරගෙන ඌට පාඩම් උගන්නන එක. 
මේ වගේ විකාර වැඩ අවුරුදු 10-12 විතර වෙනකල් මගේ ජීවිතයේ තිබුණා. හැබැයි බල්ලොත් එක්ක කතා කරන පුරුද්ද නම් අදටත් තියෙනවා. අදටත් බල්ලෙක් ළං කරගෙන ආදරෙන් හිස අතගාලා ඌට කතා කරන පුරුද්ද නම් මම ගාව තියෙනවා. සමහරු ලොකු ලොකු ගණන් දීලා බල්ලෝ ගෙනත් හුරත‍ලේට හදනවානේ. ඒත් මට එහෙම විශේෂයක් නැහැ. කොහෙ හරි යද්දී පාර අයිනේ නාටු බල්ලෙක් දැක්කත් වාහනේ නවත්වලා ඌට කෑම ටිකක් දෙන්න, හිස අතගාලා කතා කරන්නම තමයි මගේ හිත කියන්නේ. ඒ හින්දා ගොඩක් වෙලාවට මම ඒ දේ කරනවා. ඒ විතරක් ‍නෙවෙයි සමහර වෙලාවක පාරෙ බල්ලෙක් තෙමි තෙමි ඉන්නවා දැක්කොත් ඌව වාහනේ දාගෙන ඇවිත් කොහේ හරි නොතෙමන තැනකට දාලා යන එක මගේ පුරුද්දක්. 
බලු සුරතල් හින්දා වේදනාත්මක අත්දැකීම් විඳින්න සිදු වූ අවස්ථාත් මගේ ජීවිතයේ තියෙනවා. මට මතක හැටියට මාවම බල්ලෝ කාලා ඉන්ජෙක්ෂන් ගහපු අවස්ථා ගත්තොත් හය වතාවකට වැඩියි. 
 
ආරියවංශ කුලතිලක 
ඡායාරූප - මංජුල පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.