Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසංග පෙරේරා දන්න තරුණ පිරිසක් සිංහල අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කළා. ඒකට අනුග්‍රහය ගන්න පළාතේ ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙක් ළඟට ගියත් මේ තරුණ පිරිසට හිස් අතින් ආපහු එන්න සිද්ධ වෙලා.
මිනිහා කෝටිපතියෙක් වගේම මහ බක පණ්ඩිතයෙක් ප්‍රසංග අයියේ.'' ඊට පස්සේ අපේ ප්‍රසංග මිත්‍රයව හොයාගෙන ආපු ඒ තරුණයෝ ඒ විදිහට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා. 
ඒ යෝධයා අපේ අවුරුදු උත්සවයේ තරග ඉසව් ලැයිස්තුව බලලා මෙතන ඔක්කොම තියෙන්නේ අලුත් අලුත් තරගනේ. කෝ අයිසේ මෙතන අපේ පරණ ජන ක්‍රීඩා එකක්වත් නැහැනේ කියලා කෑගැහුවා. ඊට පස්සේ මිනිහා කියනවා තමුසෙලා මගෙන් මේ වැඩේට සත පහක් හරි ගන්න ඕනේ නම් අඩුම තරමින් එක පරණ ක්‍රීඩාවක් හරි මේකට දාගෙන එනවා කියලා. මිනිහා අපේ ෆයිල් අපිට දුන්නා ප්‍රසංග අයියේ.

ඒ තරුණ පිරිස එහෙම කිව්වට අපේ අතීත ජන ක්‍රීඩා වර්තමාන සිංහල අලුත් අවුරුදු උත්සවයකට කොහොමටවත් ගැළපෙන්නේ නැති බව අපේ ප්‍රසංග මිත්‍රයා දැනගෙන හිටියා. ඒ වගේම අර කෝටිපති ව්‍යාපාරිකයා ඕනෑම දේකින් බොහොම සූක්ෂ්ම විදිහට කර අරින්න උපන් හපනෙක් බවත් අපේ ප්‍රසංග මිත්‍රයා දැනගෙන හිටියා. 
එහෙම නම් මල්ලිලා මම ඔයාලට ‍පොල් ලෙලි කෙළිය කියලා බොරු ජන ක්‍රීඩාවක් කියලා දෙන්නම්. ඒක වේලිච්ච ‍පොල් ලෙලිවලින් එක එක්කෙනාට ගහගන්න ක්‍රීඩාවක් කියලා මිනිහට කියන්න. පසුගිය සිංහල අලුත් අවුරුදු කා‍ලේ ටී.වී. වලිනුත් එහෙම අතේ රෝල් ජන ක්‍රීඩා වගයක් පෙන්නනවා මං බලාගෙන අපේ ප්‍රසංග මිත්‍රයා ඒ තරුණයන්ට එහෙම කිව්වා. 
හැබැයි ප්‍රසංග අයියේ අපි ඒ කරන්නේ බොරුවක් කියලා ඒ යෝධයා දැනගත්තොත්, අපි ඉවරයි. එතකොට ඒ තරුණ පිරිසත් බයෙන් වගේ කිව්වා. 
උඹලට පිස්සුද? ඒක කොහොම දැන ගන්නද? ප්‍රසංගත් ඒ තරුණයන්ව ඒ විදිහට දිරිමත් කළා. 
කොහොම හරි ඉතින් ඒ තරුණ පිරිසත් සිංහල අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන අනුග්‍රහය ඉල්ලාගන්න ඒ කෝටිපති ව්‍යාපාරිකයා මුණ ගැහෙන්න ගිහින් ආවාය කියමුකෝ. ඒත් කොලු රැ‍ලේ මූණු හොඳටම නරක් වෙලා.
ප්‍රසංග අයියා කියපු විදිහටම අපි මිනිහට කිව්වා අපි මෙදා සැරේ අලුත් අවුරුදු උත්සවයට ‍පොල් ලෙලි කෙළිය කියල පරණ ජන ක්‍රීඩාවකුත් ඇතුල් කළා කියලා එක තරුණයෙක් කිව්වා. 
ඉතින් ? ප්‍රසංග මිත්‍රයන් පුදුම වෙලා ඇහුවා.
එතකොට මේ යෝධයා කියනවනේ තව තරුණයෙක් එහෙම කිව්වා. අයිසේ ඔය ‍පොල් ලෙලි කෙළිය කියන්නේ පැරණි ජන ක්‍රීඩාවක් වෙන්නේ කොහොමද? ඕක පටන් අරන් තව අවුරුදු පනහක්වත් නැහැනේ කියල.
  1. දෙවියෝ දුන්නු තෑග්ග ගැන හර්ෂ කියපු කතාව
  2. මම තමයි ඒ ෆිල්ම් එකේ එයාගේ හස්බන්ඩ්ට හිටියේ
  3. සීයා කෙනෙක් වුණාට පස්සේ රොඩ්නි කරන්න යන වෙනස්ම වැඩේ
  4. කල්පනා නොකර වැඩ කිරීම තමයි මගේ නරකම පුරුද්ද
  5. තමන් ගෙදර එනකන් බිරිඳ මග බලා ඉන්නා රහස
  6. රූගත කරද්දී හේමසිරි ලියනගේට කිසිදා නොවිදි අත්දැකීමක්
  7. ශෂිනි ගෙදර ඉන්නකොට නිතරම සින්දු කියනවා නටනවා
  8. මා දුටු හොඳම දේශපාලනඥයා ගෞතම බුදුන් වහන්සේ
  9. මහරජ කන්සාට හඬ කවන මෙන්න ලංකාවේ රාධා
  10. කැමති අකමැති 10ට අනෝමා ජිනාදරී උත්තර දෙයි
  11. ෆිල්ම්ෆෙයාර් සම්මාන 2018 හොඳම නළුවා ඉර්ෆාන් ඛාන් හොඳම නිළිය විද්‍යා බාලන්
  12. සමහරු මම ගැන හිතාගෙන ඉන්න විදිය වැරදියි
  13. හොඳ බිරිඳක් වන්නට තමන් කලාවෙන් සමුගන්නා බව බුවනි කියයි
  14. ස්වර්ණවාහිනියේ රඟපෑවත් අවුරුදු කුමරිය වුණේ වෙනත් නාලිකා දෙකක
  15. මෙන්න ලංකාවේ මහරජ කන්සා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.