Coss Ear2
lakbima.lk
COSS Ear 1

රොජර් සෙනෙවිරත්න කියන්නේ වේදිකාව, පුංචි තිරය, වාගේම සිනමාව තුළත් අතිශය ජනප්‍රිය වූ නළුවෙක්. පසු කලෙක දේශපාලනයටත් පිවිසුණු “රොජර්” මේ දවස්වල පෙනෙන්න නැත්තේ ඇයි? බොහෝ දෙනෙක් අපෙන් විමසා සිටි මේ ප්‍රශ්නය අපි ඔහුගෙන්ම විමසා සිටියා.
 
ඇත්තම කියන්නකෝ මේ නිහඬ බවට හේතුව මොකක්ද කියලා? 
නිහඬ ජලාශය ගැඹුරුයි කියලා කියනවානේ. ඒ ගැඹුර තුළ හැංගිච්ච ගොඩක් දේවල් ඉදිරියේදී එළියට එයි. එතකන් තමයි මම නිහඬ වෙලා ඉන්නේ. 
 
මොන වගේ දෙයක් ගැනද ඔබ ඔය කියන්නේ? 
දේශපාලනය සඳහාම කාලය යොදමින් මම මේ දවස්වල වෙහෙසෙන්නේ ව්‍යවස්ථා මර උගුලෙන් රට බේරා ගන්නයි. කලාව තුළ යෙදෙමින් වෙහෙසෙන්නේ ඉන්දියාව කුණු ගොඩට දාපු කසිකබල් ටෙලි නාට්‍යය මෙහාට අරගෙන ඇවිත් සිංහල දෙබස් කවලා ප්‍රදර්ශනය කරමින් අපේ ටෙලි නාට්‍ය කලාවට කරන විනාශයෙන් ටෙලි නාට්‍ය කලාව බේරාගන්නයි. 
 
හඬ කැවූ ටෙලි නාට්‍යයවලට එරෙහිව ඔබ මොන වගේ දෙයක්ද කරන්න යන්නේ? 
මම කාලෙකට ඉස්සර බට්ටි කරලා රන්දෙපැය ගොන් දෙපැයක් කළා. දෙබස් කැවූ තුට්ටු දෙකේ ටෙලි නාට්‍යවලට උත්තර දෙන්න වෙන්නේ ටෙලි නාට්‍යවලින්ම තමයි. 
 
මේ දවස්වල ඔබ ඒ ව්‍යාපෘතියට එකතු වෙලාද ඉන්නේ? 
ඔව්. එකක් ‍නෙවෙයි. ටෙලි නාට්‍යය කීපයක්ම. 
 
කියන්නකෝ ඒ නිර්මාණ ගැන තොරතුරු? 
එකක් මොනරවිල කැප්පෙටි‍පොල චරිතය ඇසුරු කරගෙන තැනෙන දැවැන්ත නිර්මාණයක්. ඒකේ මොනරවිල කැප්පෙටි‍පොල චරිතය රඟපාන්නේ මම. කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ චරිතය කේන්ද්‍ර කරගත්තු ටෙලි නාට්‍යයකුත් කරනවා. ඒ නාට්‍යයේ “කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ” චරිතය රඟපාන්නේ මම. ඒ චරිතය වෙනුවෙන් මම මේ දවස්වල හිස බූ ගාලා ඉන්නේ. මේ දවස්වල එහි රූගත කිරීම් කෙරෙනවා. අනිත් කටයුතු ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්. 
 
රොජර්ගේ අරමුණ ඉටුවේවිද? 
අනිවාර්යයෙන් 
 
අද වන විට දෙබස් කැවූ විදෙස් ටෙලි නාට්‍යවලට අපේ වහවැටුණු ප්‍රේක්ෂක පිරිසක් ඉන්න බව අපිට පිළිගන්න වෙනවා. ඓතිහාසික කතා කරලා ඒ රැල්ල බිඳින්න පුළුවන් වේවිද? 
අපේ දේවල් අපේ මතු පරපුරට දෙන එක අපේ ජාතික වගකීමක්. අපි හොඳ දෙයක් දුන්නොත් ප්‍රේක්ෂකයොත් ඒ වටා එකතු වෙනවා සිකුරුයි. 
 
අපේ ඉතිහාසය ඒ තුළ විසූ වීරයෝ නිර්මාණ තුළින් ජනතාවට දීම ඉතා උසස් දෙයක් බව අපිත් පිළිගන්නවා. ඒත් රොජර් ඓතිහාසික කතා රැල්ලක්ම බිහි වුණා. හඬ කවපු ටෙලි නාට්‍යවලට ඉන් බලපෑමක් එල්ල වුණේ නැහැනේ? 
ඓතිහහාසික කතා කරන්න ඕන ඒ ගැන දන්න අය. ඉතිහාසය විකෘති කරන අයයි විකෘති මානසිකත්වයක් තියෙන අයයි, ඉතිහාස කතා විකෘති කරලා නිර්මාණය කරාම මිනිස්සු ඒවා පිළිගන්නේ නැහැ. අද දරුවෝ ‍පොත පතට වඩා විද්‍යුත් මාධ්‍යයට නැඹුරුයි. ඒ අය දකින්නේ මේ විකෘති කළ ඉතිහාසය. වැරදි ඉතිහාසයක් ළමුන්ට පෙන්වන එක ජාතික අපරාධයක්. ඒ වගේ පහත් අයගේ නිර්මාණ මට්ටමටම දැමූ නිර්මාණ නමෛයි මම කියපු මේ නිර්මාණ. මනා ගවේෂණයකින් යුතුව කළ හොඳ නිර්මාණ. ඒවා ජනතාව පිළිගන්න බව මා හොඳාකාරවම දන්නවා. 
 
රොජර්ගේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්? 
සාමාන්‍ය විදියට ගෙවිලා යනවා. 
 
ආරියවංශ කුලතිලක  
 
  1. මල් සින්දු අහන්නෙත් නෑ කියන්නෙත් නෑ
  2. සමහර ගායක ගායිකාවෝ කොළඹට කිරි දීලා ගමට කැකිරි දෙනවා
  3. ගීත ගායනය අමතක කරලා රියැලිටි තරු තෝරන්නේ ඇයි?
  4. ජනප්‍රියත්වය ඔළුවට ගත්තොත් කරදරයි
  5. දෙවෙනි ඉනිමේ රණේ වුණාට පස්සේ හැමෝම මට ඒ විදියේ චරිතවලට කතා කළා
  6. හැමෝටම බර්ත්ඩේ බයිට් දෙන සජිත් හොඳටම බයිට් වුණේ මගෙන්
  7. හැමෝගේම ඇස් උඩගිය විවාහ මංගල දෙකක්
  8. කෝපි කෝප්ප දෙකක මිලකට උදයගේ ‘මධුර චාරිකා’ විකිණේ
  9. හීනෙකින්වත් හිතුවේ නැහැ හොඳම සංගීත අධ්‍යකෂවරයා වෙයි කියලා
  10. ටොම් කෲස්ගේ ඉලක්කය වැරදී යයි රූගත කරන අතරතුර අනතුරක්
  11. එළිමහන් ප්‍රසංගයක ගී ගයන්න ලක්ෂ එකහමාරක් ගන්නවා
  12. මාව බේර ගත්තේ දෙවියන් වහන්සේ
  13. මුලදී ප්‍රින්සිපල්ගේ චරිතය බාර ගන්න මම බෑම කිව්වා
  14. කෝපි කඩේ කුරුංගොයියා ගැන බිරිඳ කියන සංවේදී කතාව අහන්න
  15. මගේ ආදරයට ඉදිරියේදී එයා කැමති වෙන්නත් පුළුවන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.