Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේ දවස්වල සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රි 8.00ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන මහරජ කන්සා බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ටෙලි වෘතාන්තයක්. පරමාවතාර් ශ්‍රී ක්‍රිෂ්ණන් නමැති හින්දි ටෙලි නාට්‍යය මහරජ කන්සා නමින් සිංහලට පරිවර්තනය කරලා ස්වර්ණවාහිනිය වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ චාරුක සුරවීර විසිනුයි. මේ ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධානතම ඉන්දියානු ටෙලි නාට්‍යයේ චරිතයක් වන කතාවේ කන්සාට සිංහල හඬ මුසු කරන්නේ සුදර්ශන බණ්ඩාරයි. වේදිකා, සිනමා, ටෙලි නාට්‍ය වගේම ගුවන් විදුලි ශිල්පියෙකු ලෙසත් තමන්ගේ රංගන කුසලතා මතු කර ඇති සුදර්ශන අපි අද රිද්ම කතා බහකට එකතු කරගත්තේ මේ තරම් අපූරුවට එම චරිතයට හඬ කවන්නේ කොහොමද කියලා දැනගන්නයි. 
 
මහරජ කන්සාට බොහෝ දෙනෙක් වෛර කරනවා. ඒත් ඔබ කන්සාට හඬ කවනවා. කොහොමද ලැබෙන  ප්‍රතිචාර? 
ඒ ගැන කියන්න වචන නෑ. සමහරු මටත් බණිනවා. තවත් කෙනෙක් මාව අගය කරලා කතා කරනවා. ඒ කොහොම වුණත් මම ඉතා ආශාවෙන් හඬ කැවූ චරිතයක් තමයි මේ. ඒකටත් හේතු කීපයක්ම තියෙනවා. 
 
මොනවාද ඒ 
මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතය ක්‍රිෂ්ණා. එය ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ කතාව. නමුත් ටෙලි නාට්‍යය නම් කරලා තියෙන්නේ මහ රජ කන්සා විදියට. කතාව තුළ කන්සා රජුගේ චරිතය ප්‍රබලව මතුවීම ඊට හේතුවයි. ඒ වගේ ප්‍රබල චරිතයකට දායක වීමට ලැබිම මට ඉතා සතුටක්. ඒ හින්දයි මම මෙම චරිතයට ආශාවෙන් සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තමයි මුල් ටෙලි නාට්‍යයේ මෙම චරිතය රඟපාන නළුවා ඉදිරිපත් කරන්නේ හරිම සුවිශේෂී රංගනයක්. ඔහු අති දක්ෂ රංගන ශිල්පියෙක්. දෙබසක් ගානේ මුහුණේ හැඟීම් පවා ඔහු වෙනස් කරනවා. ඒ වගේ චරිතයක් සිංහලට හඬ මුසු කරද්දී හඬ නළුවාටත් ප්‍රබල  රංගනයක් කරන්න වෙනවා. ඒකත් මම මෙම නාට්‍යයට දායක වීමට කැමති තවත් හේතුවක්. 
 
සුදර්ශනට මහරජ කන්සා වීමට අවස්ථාව ලැබුණේ කොහොමද? 
චාරුක සුරවීර සහ චන්දන වරාවිටගේ තමයි මට කතා කළේ. ඒ වන විටත් ජනප්‍රිය හඬ නළුවන් 25ක් පමණ මේ චරිතය සඳහා සුදුසුද කියලා හඬ පරීක්ෂණ කරලා තියෙනවා. මමත් ගිහින් කොටසක් හඬ කැවීම් කළා. ඒ චරිතයට සුදුසුම මගේ හඬ බව ඒ අය තීරණය කළ හින්දා මට කන්සාගේ චරිතයට හඬ කවන්න ලැබුණා. 
 
සුදර්ශන මින් පෙර හඬ කැවූ වෙනත් නිර්මාණ මොනවාද? 
මේ වන විට විදෙස් නිර්මාණ විශාල ප්‍රමාණයක හඬ කැවීම් සිදු කරලා තියෙනවා. මේ ආදරයයි ටෙලි නාට්‍යයේ සුබ්බුගේ චරිතය, මහගෙදර ටෙලි නාට්‍යයේ තුල්සිගේ බාල පුතාගේ චරිතය. ඒවා අතරින් ගොඩක් ජනප්‍රිය වුණා. ඒත් මේ හැම එකකටම වඩා විශාල ප්‍රතිචාරයක් අද මහරජ කන්සාට ලැබෙනවා. 
 
හඬ කැවූ විදෙස් ටෙලි නාට්‍යවලට බණින අය සිටිනවා. හඬ කැවීම්වලට දායකවීම දැඩිව විවේචනය කරන නළු නිළියන් ඉන්නවා. ඔබ මේ ගැන මොකද කියන්නේ? 
සිනමාව, වේදිකාව, ගුවන් විදුලි නාට්‍යය යන හැම මාධ්‍යයකම වගේ හඬ කැවීම් තුළත්  කරන්නේ රංගනයක්. එය වැරදි යැයි මට නම් හිතෙන්නේ නැහැ. හඬ කැවූ ඉන්දීය ටෙලි නාට්‍ය විකාශය ගැන වර්තමානයේ ලොකු කතිකාවක් තියෙනවා. ටෙලි නාට්‍යවලට දායක කලාකරුවකු විදියට මට ඒ ගැන කියන්න තියෙන්නේ ඒ විදියට හඬ කැවූ නිර්මාණ විකාශය යම් කිසි සීමාවක් තුළ සිදුවෙනවා නම් හොඳයි කියන එකයි. දිගට හරහට අවර ගණයේ හඬ කැවූ ටෙලි නාට්‍යය විකාශය කිරීම නම් මමත් අනුමත කරන්නේ නැහැ.
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ
  1. මෙන්න ඉන්දියාවේ මහරජ කන්සා
  2. සංගීතුයි මමයි අමනාපයි කියන කතාව සම්පූර්ණ බොරුවක්
  3. සමහරු මට ඈනුමක් යවලා පෙන්නන්න කියලා විහිළු කරනවා
  4. තාත්තා ගිය පාරේම යන්නට පුතා “තාරකා මල්” රැගෙන එයි
  5. ෂූටින් ඉවර වෙලා යන කොට අපි කට්ටියම බදාගෙන ඇඬුවා
  6. ලංකාවේ සංවිධායකයෝ මාව රැවැට්ටුවා
  7. එදා මෙදා කෝපි කඩේ වෙනස ගැන පැරණිම නිළිය කියන කතාව
  8. නිමන්තිගේ පුංචි පුතා දැන් ජනප්‍රිය නළුවෙක්
  9. කොසොල් රජුගෙන් පසු ඇතුගල දැකපු හීනය ‘මහා සුපින'
  10. රොජර් හැංගිලාද?
  11. මල් සින්දු අහන්නෙත් නෑ කියන්නෙත් නෑ
  12. සමහර ගායක ගායිකාවෝ කොළඹට කිරි දීලා ගමට කැකිරි දෙනවා
  13. ගීත ගායනය අමතක කරලා රියැලිටි තරු තෝරන්නේ ඇයි?
  14. ජනප්‍රියත්වය ඔළුවට ගත්තොත් කරදරයි
  15. දෙවෙනි ඉනිමේ රණේ වුණාට පස්සේ හැමෝම මට ඒ විදියේ චරිතවලට කතා කළා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.