Coss Ear2
lakbima.lk
COSS Ear 1

ධනංජය සිරිවර්ධන සහ ශෂිනි සිරිවර්ධන කියන්නේ බොහෝම ආදරණීය කලා යුවළක්. ධනංජයගේ බිරිඳ වන නිසාම ශෂිනි ගැනත් බොහෝ දෙනා දන්නවා. නමුත් ශෂිනිගේ ගායන හැකියාව වගේම නර්තන හැකියාව ගැන බොහෝ දෙනා දැනගෙන හිටියේ නැහැ. ඇගේ කුළුඳුල් ගීතය වන “දෑස මානේ” 28 දා රාත්‍රියේ අන්තර්ජාලයට මුදා හැරිය බව අපට ආරංචි වුණා. ඇගේ කුළුඳුල් ගායනයේ මියුසික් වීඩියෝව නිෂ්පාදනය කර ඇත්තේත් සැමියා වන ධනංජය විසිනුයි. මේ ආදරණීය යුවළගේ කුළුඳුල් මියුසික් වීඩියෝව ගැන දැනගන්නත් එක්ක 
අපි මුලින්ම මෙම කතාබහට ශෂිනිව එකතු කරගත්තා.  
 
ධනංජයගේ බිරිඳ විදිහට ජනතාව හඳුනාගත් ඔබට ගායිකාවක් වෙන්න ලැබුණ අවස්ථාව ගැන කතා කළොත්? 
 
මාව ගායිකාවක් බවට පත්කළේ “දෑස මානේ්” කියන ගීතයයි. මේ ගීතය රචනා කළේ වගේම සංගීතවත් කළෙත් උදය ශ්‍රී. මෙහි තිබෙන විශේෂත්වය තමයි මියුසික් වීඩියෝ එක නිෂ්පාදනය වුණේ මගේ සැමියා ධනංජය සිරිවර්ධන අතින්.   
 
ශෂිනිට ගායිකාවක් විදිහට ක්‍ෂේත්‍රයට එන්න ධනංජයගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්න ඇති නේද?  
 
මම ගායනය හදාරාලා තියෙනවා. ඊටත් වඩා මම නර්තනය හදාරලා තියෙනවා. මේ වගේ හැකියාවක් තිබුණට මෙච්චර කාලයක් මගේම නිර්මාණයක් කළේ නැහැ. 
“ශෂී ඔයාගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ළමයෝ” කියලා එයා තමයි මාව දිරිමත් කළේ. මේ මියුසික් වීඩියෝ එකේ සංකල්පය ඒ වගේම ස්ටෝරි ලයින් එකත් ධනංජයගේ. ඒ නිසා මාව ගායිකාවක් කළේ මගේ ආදරණීය සැමියා ධනංජය බව කියන්නම ඕනේ. 
 
ශෂිනිගේ මියුසික් වීඩියෝව ගැන වැඩිදුර තොරතුරු දැනගන්න ධනංජයවත් අපේ කතාබහට එකතු කරගැනීමට ‘රිද්ම’ අපි අමතක කළේ නැහැ.  
 
ආදරණීය බිරිඳගේ නිර්මාණයකටම ඔබේ කුළුඳුල් නිෂ්පාදනයෙන් දායක වෙන්න ලැබිම ගැන මොකද හිතෙන්නේ? 
 
ඒක අහම්බයක්. ඇත්තටම මගේ මුල්ම නිෂ්පාදනය වෙන්න තිබුණේ මේක නමෛයි. ඒත් මේක ඉස්සර වුණා. මගේ වයිෆ් ශෂිට ගීත ගායනයට වගේම නර්තනයටත් විශාල හැකියාවක් තියෙන බව අපි හැමෝම දැනගෙන හිටියා. ඉතින් උදය ශ්‍රී කියන මගේ සොඳුරු මිත්‍රයා මට ගෙනල්ලා දුන්නා සින්දුවක් මේක ශෂිනිට කියලා ගායනා කරවමු කියලා. ඉතිං ශෂිනි මේ ගීතය ගයන කොට මට හිතුණා මේ සින්දුව මියුසික් වීඩියෝ එකකට ඉතාම ගැළපෙන එකක් කියලා. 
 
සුලබව විරහව, ආදරය සහ ලිංගිකත්වය ඉස්මතු කරවන මියුසික් වීඩියෝ කලාව ඇතුළේ “දෑස මානේ්” රැඳී තිබෙන්නේ මොන වගේ තැනකද? 
 
ඇත්තටම මේ ප්‍රශ්නය අතිශය සාධාරණ ප්‍රශ්නයක් බව මුලින්ම කියන්නම ඕනේ. මොකද බොහෝ දෙනා මියුසික් වීඩියෝ එකක් එළියට දානකොටම නිර්මාණකරුවාගෙන් අහන දෙයක් තමයි ලව්, සෙක්ස් එහෙම නැත්නම් විරහව තියෙනවද කියන එක. ඔය විදිහට ඉල්ලන කිසිම දෙයක් මේකේ නැහැ. 
 
ශෂිනිගේ ගායන හැකියාව ගැන ලොකු විශ්වාසයක් ධනංජයට තියෙනවාද?
 
ශෂිනි ගෙදර ඉන්නකොට නිතරම සින්දු කියනවා. මම තමයි ඇගේ පළවෙනිම රසිකයා. ඒ වගේම ගෙදර ඉන්නකොට මට නටලා පෙන්වනවා. ඉතිං මම බැලුවා මොකක්ද මේ වෙන්නේ කියලා. මෙයා නටනවා සින්දු කියනවා. අපේ ගෙදරට සංගීත ක්‍ෂේත්‍රයට සම්බන්ධ අය ආවාමත් එයා නට නටා සින්දු කියනවා. එතකොට මම දැන්ගත්තා මරුනේ මෙයාට හොඳට සින්දු කියන්න පුළුවන්නේ... නටන්නත් පුළුවන්නේ... කියලා. ඒත් මං ගායකයෙක් නමෛයිනේ. මගේ මිත්‍රයා උදය ශ්‍රී තමයි මට කිව්වේ ධනංජය ශෂිනිට හොඳ හඬක් තියෙනවා කියලා. මට හිතෙනවා උදයගේ තක්සේරුව හරියටම හරි කියලා. ලංකාවේ මියුසික් වීඩියෝ කලාවේ දෑස මානේ අලුත් විප්ලවයක් ඇති කරයි කියලා මම හිතනවා.  
 
සමන්මලී නැලිගම 
 
  1. මා දුටු හොඳම දේශපාලනඥයා ගෞතම බුදුන් වහන්සේ
  2. මහරජ කන්සාට හඬ කවන මෙන්න ලංකාවේ රාධා
  3. කැමති අකමැති 10ට අනෝමා ජිනාදරී උත්තර දෙයි
  4. ෆිල්ම්ෆෙයාර් සම්මාන 2018 හොඳම නළුවා ඉර්ෆාන් ඛාන් හොඳම නිළිය විද්‍යා බාලන්
  5. සමහරු මම ගැන හිතාගෙන ඉන්න විදිය වැරදියි
  6. හොඳ බිරිඳක් වන්නට තමන් කලාවෙන් සමුගන්නා බව බුවනි කියයි
  7. ස්වර්ණවාහිනියේ රඟපෑවත් අවුරුදු කුමරිය වුණේ වෙනත් නාලිකා දෙකක
  8. මෙන්න ලංකාවේ මහරජ කන්සා
  9. මෙන්න ඉන්දියාවේ මහරජ කන්සා
  10. සංගීතුයි මමයි අමනාපයි කියන කතාව සම්පූර්ණ බොරුවක්
  11. සමහරු මට ඈනුමක් යවලා පෙන්නන්න කියලා විහිළු කරනවා
  12. තාත්තා ගිය පාරේම යන්නට පුතා “තාරකා මල්” රැගෙන එයි
  13. ෂූටින් ඉවර වෙලා යන කොට අපි කට්ටියම බදාගෙන ඇඬුවා
  14. ලංකාවේ සංවිධායකයෝ මාව රැවැට්ටුවා
  15. එදා මෙදා කෝපි කඩේ වෙනස ගැන පැරණිම නිළිය කියන කතාව

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.