Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්තයා මුණ ගැහෙන්න පහුගිය දවසක ටෙලි නාට්‍ය නිෂ්පාදන ආයතනයක කීප දෙනෙක් උන්නැහෙලගේ කඳානේ මහ ගෙදරට ආවා නවතම ආරක ටෙලි නිර්මාණයක් ගැන කතාකර ගන්න. මේ වගේ කතාවකට මුල පුරන්න ගේ කිට්ටුව තියෙන සුදුසු තැනක් ගැන ඒ නිෂ්පාදන ආයතනයේ ප්‍රධානියා යෝජනා කළත් අපේ ශිවා මිත්‍රයා මුලදී ඒකට තරමක් මැලිවුණා. මොකද තමන්ගේ උපන් ගමේ අවන්හලක් වගේ තැනක ඉන්න එක තමන්ගේ ප්‍රතිරූපයට එච්චර හොඳ නැති හින්දා.
ඒක නම් ඇත්ත. මේ රටේ ඉන්න කොල්ලො කුරුට්ටෝ වුණත් හොඳට දන්න ඔබතුමා ගැන ඔබතුමා උපන් ගමේ මිනිස්සු දන්නේ නැත්නම් ඒක ලෝක පුදුමයක්නේ. අනික ඔබතුමා මේ පළාතට ආලෝකයක්නේ කොහොම හරි අපේ ශිවා මිත්‍රයාගේ අදහස් දැනගත්තු ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයත් කිව්වා. 
කොහොම හරි ඉතින් නිෂ්පාදක කණ්ඩායමේ අනිත් අය කියපු කාරණා ගැනත් සලකා බලපු අපේ ශිවා මහත්තයා ඒ නිෂ්පාදක කණ්ඩායමත් එක්ක එදාට විතරක් කියලා හිතාගෙන ඔය කියන අවන්හලට සේන්දු වුණා කියමුකෝ. ඒ වගේම ශිවා මිත්‍රයා වගේ සුප්‍රකට කෙනෙකුව එතැනට ඕනෙම කෙනෙකුට පහසුවෙන් හඳුනාගන්න තියෙන හැකියාව සලකලා ඒ අවන්හ‍ලේ වැඩි දෙනෙකුට නොපෙනෙන තැනක මේසයකට කට්ටිය වාඩි වෙන්නත් අර නිෂ්පාදන කණ්ඩායම කටයුතු කළා. 
කොහොම වුණත් මේ කීපදෙනා ඒ මේසෙට වාඩිවෙලා සතුටු සාමිචිය පටන් ගත්තට මොකද එතැනින් එහා මෙහා යන හැමෝම වගේ ඔළුව හරව හරවා ශිවා මහත්තයා දිහා බල බලා හිනා වෙවී යනවා.
අප්‍පොච්චියේ අපි හිතුවට වඩා ඔබතුමා මේ පැත්තේ පුදුම විදිහට ප්‍රසිද්ධයිනේ. ඔන්න එතකොට ඒ නිෂ්පාදකවරයත් ඔළුවේ අත ගහගෙන කිව්වා.
ඔන්න ඔය අතරේ එතනට ආපු තවත් හාදයෙක් ඒ විදිහට ඔළුව හරවලා ශිවා මිත්‍රයා එක්ක හිනාවෙනවත් එක්කම නිෂ්පාදක උන්නැහේ ඒ හාදයට කතා කළා.
මහත්තයා මෙතුමාව හඳුනනවද? එතකොටම ඒ හාදයත් සුහද විදිහටම හිනාවුණා.
පිටිපස්සෙන් බලනකොට මම දැක්කේ මැක්ස් උගන්වන අපේ ඥානම් සර් වගේ ඒත් ඥානම් සර් මෙහෙම තැන්වලට එන්නේ නැති හින්දා තමයි ඕනෑ කමින් බැලුවේ මේ අපේ ඥානම් සර්ගේ අයිය නේද? ඒ හාදයා එහෙම කියන කොටම අර නිෂ්පාදකවරයා ටිකක් කලබල වුණා. එතකොටම අපේ ශිවා මිත්‍රයා අර නිෂ්පාදකට නිශ්ශබ්ද වෙන්න කියලා අතින් සංඥා කරලා මෙහෙම කුටු කුටු ගෑවා. නෑ.. නෑ.. මිනිහා කියන කතාව ඇත්ත, ඥානම් කියන්නේ මගේ මල්ලිට තමයි.
  1. ඔබේ චරිතය හොඳද?
  2. දැන් හැදෙන එවුං සත පහකට වැඩක් නැහැ
  3. මග හැරුණු අම්මා
  4. මිනිහා කෝටිපතියෙක් වගේම මහ බක පණ්ඩිතයෙක්
  5. දෙවියෝ දුන්නු තෑග්ග ගැන හර්ෂ කියපු කතාව
  6. මම තමයි ඒ ෆිල්ම් එකේ එයාගේ හස්බන්ඩ්ට හිටියේ
  7. සීයා කෙනෙක් වුණාට පස්සේ රොඩ්නි කරන්න යන වෙනස්ම වැඩේ
  8. කල්පනා නොකර වැඩ කිරීම තමයි මගේ නරකම පුරුද්ද
  9. තමන් ගෙදර එනකන් බිරිඳ මග බලා ඉන්නා රහස
  10. රූගත කරද්දී හේමසිරි ලියනගේට කිසිදා නොවිදි අත්දැකීමක්
  11. ශෂිනි ගෙදර ඉන්නකොට නිතරම සින්දු කියනවා නටනවා
  12. මා දුටු හොඳම දේශපාලනඥයා ගෞතම බුදුන් වහන්සේ
  13. මහරජ කන්සාට හඬ කවන මෙන්න ලංකාවේ රාධා
  14. කැමති අකමැති 10ට අනෝමා ජිනාදරී උත්තර දෙයි
  15. ෆිල්ම්ෆෙයාර් සම්මාන 2018 හොඳම නළුවා ඉර්ෆාන් ඛාන් හොඳම නිළිය විද්‍යා බාලන්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.