Coss Ear2
lakbima.lk
COSS Ear 1

පුංචි තිරය හැඩ කරන බුවනි චාපා දියලගොඩ පසුගිය ජනවාරි 19 වැනිදා වත්තල “සෙසට්‍රිට් හොටෙල්” හිදී හැඩකාර මනාලියක් විදියට සැරසිලා හිටියා. මීට කලිනුත් බුවනි අවස්ථා කිහිපයකදීම මනාලියක් විදිහට සැරසිලා ඡායාරූපවලට පෙනී සිටියාට මේ වෙලාවේ නම් බුවනි මනාලියක් වෙලා හිටියේ සැබෑවටමයි. එදින පැවැත්වුණේ බුවනිගේ විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවයයි. තවත් මාස කිහිපයකින් සිය මනාලයා සමග මංගල ගමන යන්න සූදානමින් සිටින බුවනිට සිය අලුත් ජීවිතය ගැන කියන්න බොහෝ දේ තිබුණා. 
 
බුවනි ‘රිද්ම’ පාඨකයන්ට කියන්නකෝ ජීවිතයේ සිදුවූ අලුත් වෙනස ගැන....? 
මගේ විවාහය ලියාපදිංචිය කිරීමේ උත්සවය පසුගිය ජනවාරි 19 වැනිදා පැවැත්වුණා. ලබන මැයි මාසේ තමයි මංගල උත්සවය පවත්වන්න හිතාගෙන ඉන්නේ. 
 
විවාහයෙන් පස්සේ ගෙදර වැට පැනලා අල්ලපු ගෙදරට යන්න වෙයිද?
(හිනැහී) මගේ මනාලයා වුණේ මගේ අසල්වැසියා තමයි. හැබැයි ඉතින් විවාහයෙන් පස්සේ අපි දෙන්නා අලුත් ගෙදරක පදිංචියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.
 
අසල්වැසි ප්‍රේමවන්තයා ගැන විස්තර ටිකක් අපේ ‘රිද්ම’ පාඨක හිතවතුන්ට කියමු නේද?
එයාගේ නම කසුන් දේවින්ද ගාල්ලගේ. කසුන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. උපන්ගම අනුරාධපුරේ මැදිරිගිරිය වුණාට කසුන්ගේ ව්‍යාපාර තියෙන්නේ කොළඹ. ඒ නිසා ඔහුයි, ඔහුගේ පවු‍ලේ හැමෝමයි පදිංචි වෙලා ඉන්නේ කොළඹ. මාලබේ අපේ ගෙදර තියෙන තැනට ආසන්නයේ තමයි එයාලගේ ගෙදරත් තියෙන්නේ.
එහෙනම් ඉස්සර ඉඳන්ම දෙන්න හොඳ යාළුවෝ වෙන්න ඇති? 
අසල්වැසියෝ වුණාට ඉස්සර නම් අපි වැඩිය මුණ ගැහිලා නැහැ. මොකද එයා ගොඩක් කාර්යබහුලයි. මමත් එහෙමයි. දවසක් අහම්බෙන් තමයි කාර් එකේ යනකොට දෙන්නට දෙන්නා මුලින්ම දැක්කේ. 
 
ඊට පස්සේ ?
මුලින්ම අපි දෙන්නා දැන හඳුනා ගත්තා. ඊට පස්සේ කතාබහ කරලා යාළුවෝ වුණා. ඊටත් පස්සේ තමයි කසුන් මට එයාගේ ආදරය ප්‍රකාශ කළේ. අපි පෙම්වතුන් වුණාට පස්සේ මුලින්ම කළේ අපේ සම්බන්ධය ගැන ගෙවල්වලට කියන එක. අපිට දෙපැත්තේම ආශිර්වාදය ලැබුණා. ඉන් පස්සේ විවාහය ලියාපදිංචි කළා. 
 
මතකද කසුන් ආදරය ප්‍රකාශ කළ දවස?
ඔව්, ඒ 2017 අගෝස්තු 3 වැනිදා.
ද කසුන් ආදරය ප්‍රකාශ කරද්දී ඔහුට කැමැති වෙන්න බුවනිගේ හිතෙත් ඔහු ගැන කැමැත්තක් තියෙන්න ඇති නේද?
පැහැදීමක් තිබුණා. අපි හැමෝගේම හිතේ තමන්ගේ සහකරුවා මොන විදිහේ කෙනෙක් වෙන්න ඕනෑද කියලා ප්‍රතිරූපයක් තියෙනවානේ. මම හිතන්නේ මම හොයපු කෙනා තමයි කසුන්.
 
කසුන්ගේ හිත බුවනිට ඇදුනේ ජනප්‍රිය නිළියක් හින්දද? 
මට ආදරය ප්‍රකාශ කරද්දී කසුන් මගේ ටෙලි නාට්‍ය එකක්වත් නරඹලා නැතිලු. හැබැයි පත්තරවල පළවෙන මගේ ආටිකල් නම් ඔහු කියවලා තිබුණා. සම්බන්ධය ඇතිවුණ හැටියෙම එයා කිව්වේ “මම ආදරේ කරන්නේ නිළියෙකුට නමෛයි, අල්ලපු ගෙදර කෙල්ලට” කියලයි. ඒ වෙලාවෙම මට තේරුණා නිළියක විදිහට දිගටම රැඳිල ඉන්නවට ඔහු කැමති නැති බව. 
 
ඔබේ අක්කා වත්සලාත් විවාහයෙන් පස්සේ රඟපෑම සීමාකළා. ඔබත් එහෙම කරනවද? 
මම හිතාගෙන ඉන්නේ රඟපෑමෙන් ඉවත්වෙලා කසුන් එක්ක එයාගේ ව්‍යාපාර කටයුතුවලට එකතු වෙන්නයි. මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන “පිනි” ටෙලි නාට්‍යයේ මගේ ෂූටිං ඉවර කළාට පස්සේ මම අලුත් නිර්මාණ එකක්වත් භාර ගත්තේ නැහැ. ඒ නිසා බොහෝ විට “පිනි” ටෙලි නාට්‍යය මගේ අවසන් ටෙලි නාට්‍යය බවට පත්වේවි. 
 
ආරියවංශ කුලතිලක 
 
ඡායාරූප - ඉවෙන්ට් මීඩියා
  1. ස්වර්ණවාහිනියේ රඟපෑවත් අවුරුදු කුමරිය වුණේ වෙනත් නාලිකා දෙකක
  2. මෙන්න ලංකාවේ මහරජ කන්සා
  3. මෙන්න ඉන්දියාවේ මහරජ කන්සා
  4. සංගීතුයි මමයි අමනාපයි කියන කතාව සම්පූර්ණ බොරුවක්
  5. සමහරු මට ඈනුමක් යවලා පෙන්නන්න කියලා විහිළු කරනවා
  6. තාත්තා ගිය පාරේම යන්නට පුතා “තාරකා මල්” රැගෙන එයි
  7. ෂූටින් ඉවර වෙලා යන කොට අපි කට්ටියම බදාගෙන ඇඬුවා
  8. ලංකාවේ සංවිධායකයෝ මාව රැවැට්ටුවා
  9. එදා මෙදා කෝපි කඩේ වෙනස ගැන පැරණිම නිළිය කියන කතාව
  10. නිමන්තිගේ පුංචි පුතා දැන් ජනප්‍රිය නළුවෙක්
  11. කොසොල් රජුගෙන් පසු ඇතුගල දැකපු හීනය ‘මහා සුපින'
  12. රොජර් හැංගිලාද?
  13. මල් සින්දු අහන්නෙත් නෑ කියන්නෙත් නෑ
  14. සමහර ගායක ගායිකාවෝ කොළඹට කිරි දීලා ගමට කැකිරි දෙනවා
  15. ගීත ගායනය අමතක කරලා රියැලිටි තරු තෝරන්නේ ඇයි?

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.