Coss Ear2
lakbima.lk
COSS Ear 1

1. හොඳම චිත්‍රපටය
මම බලපු සංවේදීම සිනමා පටයක් විදිහට Schindler's List චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. ඒක මගේ හදවතටම වැදුණු චිත්‍රපටයක්. Schindler's List චිත්‍රපටය ස්ටීවන් ස්පිල්බර්ගේ අසහාය නිර්මාණයක් වගේම එය ලෝකයේ හොඳම සිනමාපට දහය අතරට එකතු වී ඔස්කාර් සම්මානවලින්ද පිදුම් ලැබූ චිත්‍රපටයක්. එයින් දිගහැරෙන්නේ දෙවන ලෝක සංග්‍රාමයේදී අසරණව මරණයට කැප වූ ‍පෝලන්ත වැසියන් දහස් ගණනකගේ ජීවිත බේරා ගත් ජර්මන් ජාතික ධන කුවේරයෙකුගේ මනුෂ්‍යත්වය පිළිබිඹු කරන සත්‍ය කතාවක්. එම චිත්‍රපටය දෑසට කඳුළු උනන චිත්‍රපටයක් විදියට මගේ හදවතේ සදා තැන්පත් වී තිබෙනවා. එය නැරඹීම නිසා මම පසුගිය වකවානුවේ මැදපෙරදිග රටවල සිටි අපගේ සොයුරු සොයුරියෝ ඉන් මුදවා මෙරටට රැගෙන ඒමට පෙළඹුණා
 
නරකම චිත්‍රපටය? 
නරකම චිත්‍රපට කිහිපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් මම මගේ මෙමරියේ නරක දේවල් ඩවුන්ලෝඩ් කරගන්නේ නැහැ. කාමරේ ඇතු‍ලේ ජරා ගොඩක් තියෙනවා වගේ ඒවා මගේ මනසේ තබා නොගෙන මකා දමනවා. 
 
2. හොඳම ටෙලි නාට්‍යය
මා වඩාත් ප්‍රිය කරන ටෙලි නාට්‍ය දෙකක් තිබෙනවා. ඒ තමයි කුන්ෆු හා තෝරාසං. ඒ තෝරාසං චරිතයට මම වැඩි කැමැත්තක් දක්වනවා. කුන්ෆු'' කතා මාලාව මා ඒ කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට සමත්වූ ටෙලි නාට්‍යයක්. කුන්ෆු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට මුලින්ම තෝරා ගෙන තිබුණේ බෘෘස්ලි වුවත් පසුව ඔහුව ඉවත් කර ඩේවිඩ් කැරඩින් නම් නළුවා මේ චරිතය සඳහා තෝරා ගෙන තිබුණා. 
 
නරකම ටෙලි නාට්‍යය
ඉන්දියාවෙන් ගෙන්වා පෙන්වන අතාත්වික ටෙලි නාට්‍යවලට තමයි මම අකමැතිම. මේක්අප් දාගෙන කරාබු, මාල දමාගෙන ඉතා වටිනා සාරිවලින් සැරසී මුළුතැන්ගෙයි ආහාර පිසින  කාන්තාවන් හරිම ලස්සනට ඒවායෙන් පෙන්වනවා. නමුත් ඒවා හරිම අභව්‍ය චරිත ලෙසයි මා දකින්නේ. සාමාන්‍ය ජීවිතේදී අපේ අම්මලා කුස්සියේ වැඩකටයුතු කරන්නේ ඒ තැනට ඔබින ඇඳුම් ආයිත්තම්වලින් සැරසිලයි. නමුත් මේ ටෙලි නාට්‍යවල එවැනි ස්වාභාවික ගතියක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒවා කොච්චර දුර්වලද කිව්වොත් මට ඒ ටෙලිනාට්‍යවල නම්වත් මතක හිටින්නේ නැහැ. 
 
3. හොඳම ගායකයා
මගේ හදවතට වැදුන ගායකයා විජය කුමාරතුංග. ඔහුගේ සිතේ තිබෙන කරුණාව හඬට මුසුකොට ගායනා කරන්න තරම් ඔහු දක්ෂයෙක් වුණා. ඔහුගේ හැඟුම්බර ගීතයන්ට මෙන්ම ගාම්භීර කටහඬට මා කවදත් ආදරය කළා. එච්.ආර්. ජෝතිපාල මෙන්ම කුමාර් ස්වාමි, මොහොමඩ් රාෆි ආදී ගායකයින්ගේ ගීතවලටත් මම විශාල කැමැත්තක් දක්වනවා. 
 
නරකම ගායකයා? 
රැප් ගායකයින් ඔවුන් ශ්‍රාවකයින්ගේ මනස දූෂණය කරනවා පමණක් ‍නෙවෙයි. අසා සිටීමටත් අපහසු අයුරින් ගීත ඉදිරිපත් කරනවා. ඒක මිනිසුන්ගේ මනසට හරිම හිරිහැරයක් ලෙසයි දකින්නේ.
 
4. හොඳම ගීතය 
Frank Sinatra නම් ගායකයාගේ  I did it my way නමැති ගීතයට මම දැඩි ඇල්මක් දක්වනවා. කවුරු මොනවා කීවත් විවේචන ආවත් මම මගේ ගමන යනවා කියලයි එම ගීතයෙන් කියැවෙන්නේ. ඒ අදහස මගේ ජීවිතයටත් හරිම සමීපයි.
 
නරකම ගීතය?
ඒ පිළිබඳව එක්වරම මගේ මතකයට එන්නේ නැහැ. 
 
5. හොඳම ක්‍රීඩකයා
ජැමෙයිකානු ජාතික උසේන් බෝල්ට්. ඔහු තමන්ගේ රටට කෙතරම් ආදරේ කරනවාද කියනවා නම් ඔහු වරක් BBC ලෝක සේවයට පවසා තිබුණේ මගේ රට හරිම දුප්පත් රටක්. මාව වෙළෙඳ දැන්වීම් සඳහා යොදා ගැනීමට අවශ්‍ය නම් ඔබලා මගේ රටට ආයුතුයි. ඒ වගේම ඒ සෑම රූපගත කිරීමක්ම මගේ රටේ, මගේ ජනතාව අතර සිදුවිය යුතුයි කියලා. ඔහු ඒ තරම් ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. 
 
නරකම ක්‍රීඩකයා?
තහනම් උත්තේජක ලබාගෙන තරග ජයග්‍රහණය කිරීමට තැත් කළ මෙරියන් ජෝන්ස්, බෙන් ජොන්සන්, ලාන්ස් ආම්ස්ටේ‍රා්න් ආදී ක්‍රීඩකයින්. මේ අය වෙන ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණයන් උදුරා ගත්තා කියා මට සිතෙනවා. ලෝකයට හා තරුණ පරපුරට වැරදි පූර්වාදර්ශ දෙන ක්‍රීඩකයන්ට මම කැමති නැහැ. 
 
6. හොඳම දේශපාලනඥයා
ගෞතම බුදුන් වහන්සේ. උන්වහන්සේ සිද්ධාර්ථ කුමරු වශයෙන් සිටි සමයේ සුද්ධෝදන රජතුමා තම පුතුට අල්ලසක් දෙනවා. ඒ තමයි රම්‍ය, සුරම්‍ය, සුභ යන මාලිගා තුන ඕනෑ තරම් වස්තුව හා යුවරජකම. නමුත් එතුමා ඒ සියල්ල අතහැර අභිනිෂ්ක්‍රමණය කරනවා. එසේ කර මුළු ලොවටම ඔබින දහමක් ලොවට දේශනා කරනවා. එහෙම බැලුවොත් පූර්වාදර්ශීම දේශපාලනඥයා සිද්ධාර්ථ කුමරුයි. අද අපේ දේශපාලනඥයන්ට මාළිගා තුනක් යුවරජකම එක්ක දෙනවා කිව්වොත් කීයටවත් කැ‍ලේට යන්නේ නැහැ. ඒ වගේම ජේසුස් වහන්සේත් කොමියුනිස්ට් වාදියෙක් විදිහටයි මම දකින්නේ එතුමාත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැපකළ උත්තමයෙක්.
 
නරකම දේශපාලනඥයා?  
ඇඩොල්ෆ් හිට්ලර්, ‍පොල්‍පොට්, ඉඩි අමීන්, මුසලෝනි යන පුද්ගලයින්. ඔවුන් මිනිස් ජීවිතය තඹ දොයිතුවකටවත් මායිම් නොකළ නරුමයින් පිරිසක් ලෙසයි මා දකින්නේ. 
 
7. හොඳම ඇගයීම 
ගාමිණී ෆොන්සේකා නමැති අසහාය රංගන ශිල්පියා එක්වරක් විවෘත වේදිකාවකදී මා පිළිබඳව කළ ඇගයීම. එදා ඔහු මාව හැඳින්වූයේ මා ජීවිතය බල්ලාට දාලා කෙළින් කතා කරන කොල්ලෙක් ලෙසයි. මට සම්මාන විශාල සංඛ්‍යාවක් ලැබි තිබුණත් ගාමිණී ෆොන්සේකා නම් අසහාය රංගන ශිල්පියා කළ ඒ ඇගයීම ඒ සියල්ලටම වඩා වටිනවා.
 
නරකම ඇගයීම? 
 සමාජය තුළ සිටින හොරුන්, වංචාකාරයින් මා පිළිබඳව ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්.
 
8. හොඳම පුරුද්ද
ජීවිතේ ඇතිවන දරුණු අවස්ථාවන් දරා ගැනීමේ හැකියාව වගේම, මුළු පාර්ලිමේන්තුවම මට විරුද්ධ වුණත් මම මගේ තීරණය ගැනීම.
 
නරකම පුරුද්ද?
මගේ ළඟින් සිටිමින් මට කෙනෙහිලිකම් කරන. පුද්ගලයින්ට අනුකම්පාව දැක්වීම තමයි මගේ නරකම පුරුද්ද
 
9. හොඳම යාළුවා
මගේ මව තමයි මගේ හොඳම යාළුවා. 
 
නරකම යාළුවා? 
එහෙම කෙනෙක් පිළිබඳව මතකයක් නැහැ. 
 
10. හොඳම මතකය
මට සිදුවුණ නරකම දේවල් මා අමතක කර දමනවා. මම මගේ ජීවිතය නමැති ෆයිල් එකෙන් ඒ සියලු නරක මතකයන් මකා දමනවා ඉන්පසු මගේ ජීවිතයේ ඉතිරි වෙන්නේ හොඳ මතකයන් පමණයි. අජාන් ස්වාමීන් වහන්සේ මෙන් නිතරම සතුටින් සිටීමට මම උත්සාහ කරනවා. සොඳුරු මතකයන් පමණයි, මගේ හදවතේ ඉතිරිව තිබෙන්නේ. 
 
නරකම මතකය? 
විජය කුමාරතුංග මහතාගේ ඝාතනය. ඔහුගේ ඝාතනය මා මියයනතුරා මසිතේ නොනැසී පවතින මතකයක් බවට පත්වේවි. 
 
ශිරෝනි ග්‍රේරෝ
  1. මහරජ කන්සාට හඬ කවන මෙන්න ලංකාවේ රාධා
  2. කැමති අකමැති 10ට අනෝමා ජිනාදරී උත්තර දෙයි
  3. ෆිල්ම්ෆෙයාර් සම්මාන 2018 හොඳම නළුවා ඉර්ෆාන් ඛාන් හොඳම නිළිය විද්‍යා බාලන්
  4. සමහරු මම ගැන හිතාගෙන ඉන්න විදිය වැරදියි
  5. හොඳ බිරිඳක් වන්නට තමන් කලාවෙන් සමුගන්නා බව බුවනි කියයි
  6. ස්වර්ණවාහිනියේ රඟපෑවත් අවුරුදු කුමරිය වුණේ වෙනත් නාලිකා දෙකක
  7. මෙන්න ලංකාවේ මහරජ කන්සා
  8. මෙන්න ඉන්දියාවේ මහරජ කන්සා
  9. සංගීතුයි මමයි අමනාපයි කියන කතාව සම්පූර්ණ බොරුවක්
  10. සමහරු මට ඈනුමක් යවලා පෙන්නන්න කියලා විහිළු කරනවා
  11. තාත්තා ගිය පාරේම යන්නට පුතා “තාරකා මල්” රැගෙන එයි
  12. ෂූටින් ඉවර වෙලා යන කොට අපි කට්ටියම බදාගෙන ඇඬුවා
  13. ලංකාවේ සංවිධායකයෝ මාව රැවැට්ටුවා
  14. එදා මෙදා කෝපි කඩේ වෙනස ගැන පැරණිම නිළිය කියන කතාව
  15. නිමන්තිගේ පුංචි පුතා දැන් ජනප්‍රිය නළුවෙක්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.