Coss Ear2
lakbima.lk
COSS Ear 1

1. හොඳම චිත්‍රපටය 
මේ වන විට මම චිත්‍රපට රාශියක් නරඹා තිබෙනවා. නමුත් හොඳම චිත්‍රපටය ලෙස මා නම් කරන්නේ "God father" කියන චිත්‍රපටයයි. මාලන් බ්‍රැන්ඩෝගේ අති විශිෂ්ට රංගනය වගේම මාලන් බ්‍රැන්ඩෝගේ සත්‍ය චරිත කතාව කියවා තිබිමත් මේ චිත්‍රපටය තෝරා ගැනීමට එක් හේතුවක්. 
 
නරකම චිත්‍රපටය 
නමක් කීමට නොහැකි වුවත් මුල් යුගයේ මා රඟ පෑ චිත්‍රපට තමයි නරකම චිත්‍රපට විදිහට මට දැනෙන්නේ. 
 
2. හොඳම ටෙලි නාට්‍යය 
ඒ පිළිබඳ පිළිතුරු දීමට අපහසු වී ඇත්තේ හොඳම ටෙලි නාට්‍යය නරඹා ඇතත් ඒවා දැන් මතකයේ නැති නිසයි. 
 
නරකම ටෙලි නාට්‍යය 
නරකම ටෙලි නාට්‍යය විශාල සංඛ්‍යාවක් ඇති නිසා එකක් තේරීමට අපහසුයි. 
 
3. හොඳම ගායකයා 
හොඳම ගායකයා කියන වචනයට වඩා මම කැමතියි 'මා ආදරය කරන ගායකයා. කියලා කියන්න. ඒ තමයි මිල්ටන් මල්ලවආරච්චි 
 
නරකම ගායකයා  
අනුන්ගේ ගීත ගායනා කිරීමට ගොස් එම ගීත විනාශ කරන සෑම ගායකයකුටම මම අකමැතියි. (සමහර විට ඒ ගොඩේ මමත් ඉන්න ඉඩ තිබෙනවා.) 
 
4. හොඳම ගීතය 
එවැනි ගොඩාක් ගීත තිබෙනවා. නමුත් විරාගය චිත්‍රපටය අවසානයේ නන්දා මාලනී ගායනා කරන ''පැතුම් පතන්නේ නැහැ පෙරුම් පුරන්නේ නැහැ ඇලුම් කරන්නේ නැහැ නිසල සුවය පතා'' කියන ගීතයට මා ඉතා කැමතියි. මෙම ගීතය කාලෝ ෆොන්සේකා විසින් රචනා කරන ලද ගීතයක්. 
 
නරකම ගීතය 
ස්වභාවික ගීතය විකෘති කර ගයන සෑම ගීතයක්ම නරකම ගීත ලෙසයි මා දකින්නේ. 
 
5. හොඳම ක්‍රීඩකයා 
මම විවිධ ක්‍රීඩාවලට ඇලුම් කරන කෙනෙක්. ඒවා අතර ක්‍රිකට් සහ රගර් ප්‍රධානයි. මෙහිදී මට තේරීමට ඇත්තේ එක් නමක් නිසා මා නම් කරන්නේ ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ හිටපු නායක ප්‍රියන්ත ඒකනායකවයි. ඔහුව තේරීමට හේතුව වන්නේ වචනයේ පරිසමාප්ථාර්ථයෙන් ඔහුට හොඳ ක්‍රීඩකයෙක් යැයි කිව හැකි නිසා ශික්ෂණය, සංවරකම, ජය පරාජය එක ලෙස පිළිගැනීම, අපක්ෂපාතී බව සහභාගිත්වය, කැපවීම සහ ක්‍රීඩාවට දේශපාලනය ගාවා ගැනීමට ඇති අකමැත්ත ආදී සියලු දේවලින් ඔහු පරිපූර්ණයි. 
 
නරකම ක්‍රීඩකයා 
මේ මොහොතේ මා නම් කරන සියලුම නරක ක්‍රීඩකයෝ සිටින්නේ පාර්ලිමේන්තුවේ. 
 
6. හොඳම දේශපාලනඥයා 
හොඳම දේශපාලනඥයා දැන් ජීවතුන් අතර නැහැ. එතුමන්ට සාපේක්ෂව යන කෙනෙක් හෝ එතුමන්ට කිට්ටුවෙන් යන දේශපාලනඥයෙක් ලංකාවේ නැවත ආයේ ඉපදෙන්නෙත් නැහැ.
 
නරකම දේශපාලනඥයා 
අද පාර්ලිමේන්තුවේ සිටින 225ම නරක දේශපාලනඥයෝ. 
 
7. හොඳම ඇගයීම 
තවමත් ලැබි නැහැ. 
 
නරකම ඇගයීම  
එය දැනගැනීමට ක්‍රමයක් නැත්තේ එය මා නැති තැන ප්‍රකාශ කරන නිසයි. 
 
8. හොඳම පුරුද්ද 
කල්පනා කිරීම 
 
නරකම පුරුද්ද 
කල්පනා නොකර වැඩ කිරීම. 
 
9. හොඳම යාළුවා 
සනත් ගුණතිලක 
 
නරකම යාළුවා 
සනත් ගුණතිලක 
 
10. හොඳම මතකය 
නරකම දේවල් අමතක කිරීමට  දරන උත්සාහය. 
 
නරකම මතකය 
1983 වසරේ මාලනී ෆොන්සේකා රිය අනතුරකට ලක් වීම. 
 
ශිරෝනි ග්‍රේරෝ
  1. තමන් ගෙදර එනකන් බිරිඳ මග බලා ඉන්නා රහස
  2. රූගත කරද්දී හේමසිරි ලියනගේට කිසිදා නොවිදි අත්දැකීමක්
  3. ශෂිනි ගෙදර ඉන්නකොට නිතරම සින්දු කියනවා නටනවා
  4. මා දුටු හොඳම දේශපාලනඥයා ගෞතම බුදුන් වහන්සේ
  5. මහරජ කන්සාට හඬ කවන මෙන්න ලංකාවේ රාධා
  6. කැමති අකමැති 10ට අනෝමා ජිනාදරී උත්තර දෙයි
  7. ෆිල්ම්ෆෙයාර් සම්මාන 2018 හොඳම නළුවා ඉර්ෆාන් ඛාන් හොඳම නිළිය විද්‍යා බාලන්
  8. සමහරු මම ගැන හිතාගෙන ඉන්න විදිය වැරදියි
  9. හොඳ බිරිඳක් වන්නට තමන් කලාවෙන් සමුගන්නා බව බුවනි කියයි
  10. ස්වර්ණවාහිනියේ රඟපෑවත් අවුරුදු කුමරිය වුණේ වෙනත් නාලිකා දෙකක
  11. මෙන්න ලංකාවේ මහරජ කන්සා
  12. මෙන්න ඉන්දියාවේ මහරජ කන්සා
  13. සංගීතුයි මමයි අමනාපයි කියන කතාව සම්පූර්ණ බොරුවක්
  14. සමහරු මට ඈනුමක් යවලා පෙන්නන්න කියලා විහිළු කරනවා
  15. තාත්තා ගිය පාරේම යන්නට පුතා “තාරකා මල්” රැගෙන එයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.