Coss Ear2
lakbima.lk
COSS Ear 1

“මාත් මෙහෙම හිටියට හොඳ බයිස්කෝප් කාරයෙක් තමයි ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්තයා පහුගිය දවසක කඳානේ තමන්ගේ ගෙවල් කිට්ටුව ගෙදරක අවුරුදු සාදයකට සහභාගී වෙලා ඉන්න අතරේ ඒ සාදයට එක්වෙලා හිටපු දෙගොඩහරි වයසේ හාදයෙක් අපේ මිත්‍රයා ළඟට ඇවිත් එහෙම කිව්වා. හැන්දෑවේ ඉඳලාම තව කීප දෙනෙකුත් එක්ක පැය දෙකක් විතර මේසයක් වටේ වාඩි වෙලා ඒ මේසය උඩ තියෙන බෝත‍ලේට තනි රැක්ක හින්දා උන්නැහේට වචනත් පටලැවෙන ගතියක් තිබුණා. 
මහත්තයා බලලා තියෙනවද මීට අවුරුදු තිහකට විතර කලින් ආපු අර චිත්‍රපටය? කොහොම හරි මේ හාදයා ඒ කා‍ලේ තරමක් ජනප්‍රිය වුණු චිත්‍රපටයක නමක් කිව්වා. අපේ ශිවා මිත්‍රයත් තරුණ කා‍ලේ ඒ චිත්‍රපටය බලලා තිබුණා. ඒකේ ප්‍රධාන නිළියගේ හස්බන්ඩ් විදිහට රඟපෑවේ මමනේ මහත්තයෝ ඒ එක්කම ඒ හාදයා කිව්වා. ඒත් ඒ චිත්‍රපට කතාවේ එහෙම චරිතයක් තිබුණු බව නම් ශිවා මහත්තයට මතක නැහැ. 

මට මතක හැටියට නම් ඒ ෆිල්ම් එකේ ඒ නිළියගේ පවුල් ජීවිතයක් ගැන කියැවෙන්නේ නැහැනේ. ඒ හින්දා ශිවා මහත්තයා එහෙම කිව්වා. 
හරි, හරි ඒ නිළියගේ පවුල් ජීවිතයක් ගැන ඒ ෆිල්ම් එකේ නොකියවුණාට මම තමයි ඒකේ හස්බන්ඩ්ට හිටියේ. මෙන්න මේ යෝදයා ආයිමත් එහෙම කියනවා. ඒත් අපේ ශිවා මිත්‍රයට මේ කතාව ග්‍රීක් වගේ. 
හොඳයි ඒ ෆිල්ම් එකේ මොන මොන සීන් වලටද ඔබ තුමා හිටියේ; මට ඒක කියන්න ඒ හින්දා අපේ ශිවා මිත්‍රයා ටිකක් කටහඬ උස් කරලා කිව්වා. 
වැඩිය සීන්ස් තිබුණේ නැහැ ලොක්කා; එක සීන් එකයි. එහෙම කියපු ඒ හාදයා ශිවා මිත්‍රයගේ මුණ දිහා හොඳට බැලුවා. 
මහත්තයට මතකද ඒ නිළිය තමන්ගේ ගෙදරට එන ‍ප්‍රොක්ටර් කෙනෙකුට කියනවා. මට මෙච්චර ලොකු දේපළක් හිමි වුණේ මගේ මහත්තයට පින් සිද්ද වෙන්න කියලා. ඒ හාදයා එහෙම කියනකොට ඔන්න අපේ ශිවා මිත්‍රයාටත් ඒ කියන ජවනිකාව යාන්තමට වගේ මතක් වුණා. 
එතකොට මහත්තයට මතකද කැමරාව එකපාරටම ඒ ගෙදර බිත්තියේ එල්ලලා තියෙන පින්තූරයකට ෆෝකස් වෙනවා. 
උන්නැහේ එහෙම කියන කොට ශිවා මහත්තයට යාන්තමට වගේ ඒ ජවනිකාවත් මතක් වුණා. ඒ එක්කම අර හාදයා ශිවා ලොක්කාට තව ටිකක් කිට්ටු වුණා. හොඳයි එතකොට මහත්තයට මතකද මල් මාලයක් එහෙම දාලා තිබුණු ඒ පින්තූරේ හිටිය හස්බන්ඩ්ගේ මුණ; ඉතින් මහත්තයෝ ඒ විදිහට ඒ කැරැක්ටර් එක ඇක්ට් කළේ මමනේ;
  1. සීයා කෙනෙක් වුණාට පස්සේ රොඩ්නි කරන්න යන වෙනස්ම වැඩේ
  2. කල්පනා නොකර වැඩ කිරීම තමයි මගේ නරකම පුරුද්ද
  3. තමන් ගෙදර එනකන් බිරිඳ මග බලා ඉන්නා රහස
  4. රූගත කරද්දී හේමසිරි ලියනගේට කිසිදා නොවිදි අත්දැකීමක්
  5. ශෂිනි ගෙදර ඉන්නකොට නිතරම සින්දු කියනවා නටනවා
  6. මා දුටු හොඳම දේශපාලනඥයා ගෞතම බුදුන් වහන්සේ
  7. මහරජ කන්සාට හඬ කවන මෙන්න ලංකාවේ රාධා
  8. කැමති අකමැති 10ට අනෝමා ජිනාදරී උත්තර දෙයි
  9. ෆිල්ම්ෆෙයාර් සම්මාන 2018 හොඳම නළුවා ඉර්ෆාන් ඛාන් හොඳම නිළිය විද්‍යා බාලන්
  10. සමහරු මම ගැන හිතාගෙන ඉන්න විදිය වැරදියි
  11. හොඳ බිරිඳක් වන්නට තමන් කලාවෙන් සමුගන්නා බව බුවනි කියයි
  12. ස්වර්ණවාහිනියේ රඟපෑවත් අවුරුදු කුමරිය වුණේ වෙනත් නාලිකා දෙකක
  13. මෙන්න ලංකාවේ මහරජ කන්සා
  14. මෙන්න ඉන්දියාවේ මහරජ කන්සා
  15. සංගීතුයි මමයි අමනාපයි කියන කතාව සම්පූර්ණ බොරුවක්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.