Coss Ear2
lakbima.lk
COSS Ear 1

ෆිල්ම්ෆෙයාර් සම්මාන 2018 හොඳම නළුවා ඉර්ෆාන් ඛාන් හොඳම නිළිය විද්‍යා බාලන්

බොලිවුඩ් සිනමා නිර්මාණ වෙනුවෙන් සම්මාන පිදෙන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගියදා (20) මුම්බායිහිදී 63 වැනි වරටත් පැවැත්විණි. 2017 වසරේදී ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට ඇගැයුමට ලක් කෙරුණු මෙම සම්මාන උළෙ‍ලේදී වසරේ හොඳම නළුවා ලෙස “හින්දි මීඩියම්” (Hindi Medium) චිත්‍රපටයේ රඟපෑ ඉර්ෆාන් ඛාන්ටද, හොඳම නිළිය ලෙස තුම්හාරි සුලු (Tumhari Sulu) චිත්‍රපටයේ රඟපෑ විද්‍යා බාලන්ටද සම්මාන හිමි විය. හින්දි මීඩියම් චිත්‍රපටයට වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වූ අතර “ Bareilly Ki Barfi”  චිත්‍රපටය වෙනුවෙන් වසරේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය අශ්විනි අයියර් බිවාරි වෙත පිරි නැමිණි.
වසරේ හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් රාජ්කුමාර් රාඕද (Bareilly Ki Barfi)  හොඳම සහාය නිළියට හිමි සම්මානය මෙහෙර් විජ් ද (Secret Superstar) පිදුම් ලැබූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.