Coss Ear2
lakbima.lk
COSS Ear 1

ෂූටින් ඉවර වෙලා යන කොට අපි කට්ටියම බදාගෙන ඇඬුවා

ලහිරුකාගේ පුද්ගලික තොරතුරු කියලාම මේ කතාබහත් පටන් ගනිමු.
මම ඉපදුනේ 1999.08.19. මගේ ගම මාත‍ලේ, කූඹියන්ගොඩ. මාත‍ලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාස‍ලේ තමයි අධ්‍යාපනය හදාරන්නේ. මේ අවුරුද්දේ වාණිජ අංශයෙන් උසස් පෙළට මුහුණ දෙනවා. 
 
කලාවට ලැදි, ඊට යොමු වුණු ලහිරුකා ඇයි වාණිජ අංශය තෝරා ගත්තේ ?
මම සාමාන්‍ය පෙළ දක්වා සංගීතය හැදෑරුවා. ඒත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරපු හින්දා උසස් පෙළට කලා කළොත් සිංහල විෂයය හරියට කරගන්න බැරි වෙයි කියලා පුංචි බයක් තිබුණා. ඒත් මම සංස්කෘතික මධ්‍යස්ථානයට සම්බන්ධ වෙලා නාට්‍ය හා සංගීත පාඨමාලා හැදෑරුවා. ළමා නාට්‍යවල මීට කලින් රඟපාලත් තියෙනවා. 
 
සංගීතය හැදෑරුවා නම් ගීත එහෙමත් ගයන්න පුළුවන් ඇති නේද?
අ‍පොයි පුළුවන්, අහගෙන ඉන්නව නම් කියන්නම්.
 
ඉතින් කියන්න?
චංචල දෑසේ මායා
ඉස්සර වාගේ පායා
ඉන්නට ආයේ මා හා ආදරේ දීලා 
මල්පෙති සිනහා ගේනා මුදු හාදු වෑහේනා
මින් පෙති ඊ සන්සාරා
ඊයේ වාගේ මා දෑතේ යෑවිලා
සිතේ නෑවිලා ඔබ එයිදෝ පායාලා
 
හොඳ ගායන හැකියාවක් තියාගෙන ඇයි ගායනය පැත්තෙන් ඉදිරියට නොගියේ ?
උසස් පෙළ ඉවර කරලා සංගීතය හදාරන්න තමයි හිතාගෙන ඉන්නේ 
 
ඒ ලෙවල්  චිත්‍රපටයේ අහිංසා වුණ හැටි මතක් කරමුද?
මම 2010 ළමා නාට්‍ය උළෙ‍ලේ අවසන් වටය දක්වා නියෝජනය කළ නාට්‍යයක රඟපෑවා. 2015 මධ්‍යම පළාත් නාට්‍ය උළෙ‍ලේ ප්‍රථම සම්මානය ගත්තු නාට්‍යයේ චරිත 6ක් රඟපෑවා. සංස්කෘතික මධ්‍යස්ථානයේ අපිට නාට්‍ය උගන්නපු කමල් ගුණරත්න සර්ගෙන් ඒ ලෙවල් අධ්‍යක්ෂ රොහාන් පෙරේරා සර් අහලා තියෙනවා චිත්‍රපටයේ අහිංසාගේ චරිතයට සුදුසු ගෑනු ළමයෙක් ඉන්නවද කියලා. කමල් සර් මම ගැන කියලා තියෙනවා. ඊට පස්සෙ ඒ සර්ල දෙන්නා අපේ ගෙදර ආවා. 
 
පාසල් ශිෂ්‍යාවක් විදියට ඉද්දී චිත්‍රපටයක ප්‍රේම ජවනිකා රඟපාන එක අමාරු දෙයක් වුණේ නැද්ද? 
අම්මා චිත්‍රපටයේ පිටපත කියෙව්වා. ඉස්කෝලෙනුත් අවසර ලැබුණා. ප්‍රේම ජවනිකා තිබුණට දෙබසින් කියන ජවනිකා විතරයි තිබුණේ. මුලදී ලැජ්ජාවක් ඇති වුණා. ඒත් අනුත්තරගේ චරිතය රඟපෑ සචිර අයියා චිත්‍රපටය හින්දා මගේ හොඳ යාළුවෙක් වුණා. ඒ හින්දා රඟපාන එක අමාරු වුණේ නැහැ.
 
ඒ ලෙවල් හින්දා දැන් යාළුවොත් ගොඩක් ඉන්නවලු නේද? 
අ‍පොයි ඔව්. අපි කට්ටිය රටේ තැන් තැන්වලින් ආපු අය. චිත්‍රපටය හින්දා හොඳම යාළුවෝ වුණා. ෂූටිං ඉවරවෙලා යන දවසේ කට්ටියම දුක වැඩිකමට බදාගෙන ඇඬුවා. තවමත් ඒ යාළුකම තියෙනවා. 
 
අනාගතයේ නිළියක් වෙන්නද කැමති?
හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. සංගීතයත් හදාරනවා. ඒත් වෘත්තීය විදියට තෝරා ගන්න කැමති බැංකුවේ රැකියාවක්.
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1935

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2951

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3275

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2374

Please publish modules in offcanvas position.