Coss Ear2
lakbima.lk
COSS Ear 1

එකම චරිතයක් අල්ලගෙන ඇයි මට චරිත සහතික දෙන්න යන්නේ

සම්පත් ජයවීර කියන්නේ සැබෑ ජීවිතේ මොනවගේ කෙනෙක්ද?
ඉතාම සරල බොහොම සැහැල්ලුවෙන් ජීවත්වෙන සාමාන්‍ය මනුස්සයෙක්. ඒ වගේම ඕනෑම චරිතයක් බාරගන්නා, චරිතාංග නළුවෙක්.
 
ප්‍රසිද්ධ ලිංගික දර්ශන ඇතුළත් වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයේ රඟපෑවේ ඕනෑම චරිතයක් බාරගන්න නළුවෙක් නිසාද?
ඔබ ඔය අහපු ප්‍රශ්නය නිසාම මම තවමත් නොයෙකුත් අපහසුතා අත්විඳිනවා. ඒත් මම ඒ හැම දෙයක්ම අමතක කරලයි ඉන්නේ. මොකද මම කළේ චරිතයක්. ඒ වගේම රඟපෑමක්. පිටපතට අධ්‍යක්ෂකට අවශ්‍ය දේ තමයි මම කළේ. දැන් ‘ඉගිලෙන මාළුවෝ” ඉවරයි. ඊට පස්සේ මම කරපු නිර්මාණ ගැන ඇයි කතා නොකරන්නේ. මා කළ එකම චරිතයක් අල්ලගෙන ඇයි මට චරිත සහතික දෙන්න යන්නේ.
 
ඕනෑම චරිතයක් බාරගන්නවා යැයි කිව්වට ඉදිරියේදීත් ‘ඉගිලෙන මාළුවෝ” වගේ චරිතයක් සඳහා ඇරයුම් ලැබුණොත් ඔබ එය බාරගන්නවාද?
පිටපතට එකඟවෙන්න පුළුවන් නම්, සීමාවනුත් බලලා අධ්‍යක්ෂවරයා එක්ක කතා කරලා චරිතය බාර ගන්නවා. මොකද චරිතය බාරගන්නවාද නැද්ද කියලා තීරණය කරන්නේ මා නිසා. ඒක මගේ ස්වාධීන අයිතියක්. ගෙදර අයගෙන්වත් යාළුවන්ගෙන්වත් මම ඒ ගැන අදහස් විමසන්න යන්නේ නැහැ.
 
ගාමිණී ඉගිලෙන මාළුවෝ, අසනි වර්ෂා, මුරුගසන්නිය වැනි නිර්මාණවලට දායක වූ ඔබ දැන් විකට නළුවෙක් වෙලා කියලා හිතෙන්නේ නැද්ද?
සමහරු එහෙම හිතනවා නම් ඒක ඒ අයගේ බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක්. හැම වෙලාවෙම කළු චරිතම කරන්න බැහැ. එතකොට මට ප්‍රේක්ෂකයන් දිනාගන්න බැරිවෙනවා.
 
මෙඩිසිනා නිසා මේ දවස්වල ඔබට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
සමහරු මට මගතොටේදීත් ඩොක්ටර් නාරම්පනාව කියලා කතා කරනවා. නමුත් ඩොක්ටර් නාරම්පනාවයි සම්පත් ජයවීර කියන්නෙයි දෙන්නෙක් කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඩොක්ටර් නාරම්පනාව හිනාවේගෙනම ඉන්නවා කියලා මගතොටේදීත් සම්පත් ජයවීර ඒ වගේම ඉන්න කියලා නියමයක් නෑනේ.
 
ඔබ ඉදිරියේ ලොකු වැඩකට අතගහන්න යනවා කියලත් ආරංචියි..
ඔව් ඉදිරියේදී සම්පත් ජයවීරව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසත් ඔබට මුණ ගැසේවි. මේ වනවිටත් චිත්‍රපටයට අදාළ පිටපත සකස් කරමින් සිටිනවා.
 
ඔබේ පවු‍ලේ තොරතුරු ගැන කිව්වොත්...?
මගේ පෙම්වතිය තමයි මගේ ආදරණීය බිරිඳ. ඇය ගුවන් විදුලි ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. අපේ ආදරය අලුත් කළේ අපේ පවුලට ආපු පුංචි පුතා. එයා මේ වන විට ප්‍රාථමික අධ්‍යාපනය ලබනවා. ඒ තමයි මගේ රත්තරං පුංචි පවුල.
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 300

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 410

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 723

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2647

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3587

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3786

Please publish modules in offcanvas position.