Coss Ear2
lakbima.lk
COSS Ear 1

ප්‍රියංකා චොප්රාගේ බලු සුරතල්

ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රා මේ දිනවල නිව්යෝර්ක් නගරයේ ඉන්නේ තම අලුත්ම චිත්‍රපටය වන “අ කිඩ් ලයික් ජේක්” චිත්‍රපටයේ රූපගතකිරීම් සඳහායි. ඒ අතර ලැබෙන විවේක කාලය ප්‍රියංකා ගත කරන්නේ ඇගේ ඇමෙරිකාවේ සිටින බලු සුරතලිය ඩයනා සමගයි. ප්‍රියංකාට ඉන්දියාවේත් ආදරණීය බලු සුරතලෙක් සිටින අතර ඔහුගේ නම බ්‍රැන්ඩෝයි. විවේකයක් ලැබෙන සවස් කාලයන්හිදී ඩයනා සමග නිව්යෝර්ක්හි පාරවල් දිගේ ඇවිද යන ප්‍රියංකා වෙත එන ඇතැම් ළමුන් හා වැඩිහිටියන් ඇගේ ඩයනාව සුරතල් කරනවාලු.පසුගිය දිනයක එසේ යනවිට තමා හා ඩයනා වෙත පැමිණි කුඩා දරුවෙක් හා ඇගේ පියා ඩයනාව සුරතල් කරන ආකාරය ප්‍රියංකා තම ඉන්ස්ටග්‍රෑම් වබේ අඩවියට එක්කොට තිබුණා. පසුගියදා ටික දිනකට ඉන්දියාවට හා චෙක් රටට ගොස් නැවත පැමිණි ප්‍රියංකාව ගුවන් තොටු‍පොළේදී ඩයනා විසින් පිළිගෙන තිබුණේ ඉතා ඉහළින්. ගුවන් තොටු‍පොළේ මගී පර්යන්තයේදී ඩයනා තමාව පිළිගත් ආකාරය ප්‍රියංකා විසින් තම ඉන්ස්ටග්‍රෑම් වබේ අඩවියට එක්කොට තිබුණේ “අම්මා නැවත මා ළඟට ආපු එක ගැන හරිම සතුටුයි. එයා නැති පාඵව මට ලොකුවට දැනුණා. එයා ගිය ගමනේ විස්තර අහන්නයි. එයාට තුරුළු වෙලා ඉන්නයි දැන් වෙලාව ඇවිත්. ආපහු නම් එයාට යන්න දෙන්නේ නැහැ.”යන වචනත් සමගයි.එම වදන් ඩයනා විසින් පවසන ආකාරයටයි සටහන් කොට තිබුණේ. ඩයනාව ප්‍රියංකා තෝරාගෙන තිබුණේ සත්ව අනාථාගාරයකිනුයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.