Coss Ear2
lakbima.lk
COSS Ear 1



හෙළයේ මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පසුගියදා (අප්‍රේල් 06) අනූනව වැනි උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් පැවැති උපන් දින උත්සවයත් වෙනස්ම විදියේ එකක් වුණා. මෙම ප්‍රවීණ කලාකරුවා වෙනුවෙන් එදා පිරිනැමුණු උපන් දින තිළිණය මේ රටේ සිනමා ලෝලීින්ට  හිමි වූ තිළිණයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. ඒ තිළිණය තමයි ප්‍රවීණ අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ නවතම සිනමා නිර්මාණය වන වෛශ්ණාවි චිත්‍රපටය.
සුමිත්‍රා පීරිස් තම චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වූයේ සිය ආදරණිය සැමියාගේ උපන් දිනය නිමිති කරගෙනයි. එදින සවස 6.00ට වැල්ලවත්ත සැවෝයි (පරණ රොක්සි) සිනමා හ‍ලේ මෙම උත්සවය පැවැත්වුණා.  සාමාන්‍යයෙන් චිත්‍රපටයක මංගල දර්ශනය පැවැත්වෙන ආකාරයට වඩා වෙනස් විදියටයි මෙම උත්සවය පැවැත්වුණේ. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාට විශේෂ සමරු තිළිණයක්ද එහිදී පිරිනැමුණා. මේ වන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රෝගීි තත්ත්වයේ පසුවන බැවින් ඔහු උත්සවයට සහභාගි වුණේ නැහැ. ඔහු නියෝජනය කරමින් ඊට එක්ව සිටියේ අධ්‍යක්ෂවරිය වන සුමිත්‍රා පීරිස් මහත්මියයි.
හෙළයේ මහා සිනමාකරුවාගේ උපන් දින උත්සවයෙන් අනතුරුව වෛශ්ණාවී මංගල දර්ශනය තිරගත වුණා. වෛශ්ණාවී අධ්‍යක්ෂවරිය වන සුමිත්‍රා පීරිස් මහත්මිය එම චිත්‍රපටය පිළිබඳව පළ කළේ මෙවන් අදහසක්.
මම මීට පෙර නිර්මාණය කරපු සිනමා පටවලට වඩා වෙනස් තේමාවක් තමයි වෛශ්ණාවී චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ. මෙය යථාර්ථයෙන් එහා ගිය එකක් විධියට හඳුන්වන්න පුළුවන්. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ලියූ මෙම කථාව කියැවූ මොහොතේ පටන් මට මේ ගැන කැමැත්තක් ඇති වුණා. ටෝනි රණසිංහ මෙහි තිර නාටකය සකස් කරද්දී ටෝනියි මමයි එකතුවෙලා ගොඩක් කතා බහ කළා. මෙහි චරිත සඳහා නළු නිළියන් තේරීමටත් කලක් ගත වුණා. රුචිරාගේ චරිතයට නිළියන් කීප දෙනෙකුම පරික්ෂා කරද්දී මට සමාධි අරුණචායාගේ වෙනසක් පෙනුණා. ඒ හින්දයි ඒ සඳහා ඇයව තෝරා ගත්තේ. තුමිඳුත් ඔසඳගේ චරිතයට ඉතාමත් ගැළපුණා. යශෝධා රඟපෑවේ සියුම් තැන් බහුල, රඟපෑමට අසීරු චරිතයක්. චිත්‍රපටය නිර්මාණය කරලා වසර ගණනාවක් වෙනවා. මුලින්ම මෙය පෙන්වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාටයි. තරංගනී ශාලාවේදී ඔහුට මෙය නරඹන්න ඉඩ ලබා දුන්නා. එය ඔහු ඉතාමත් ආසාවෙන් රස වින්දා. 6 වැනිදා එතුමන්ගේ උපන් දිනයට ගෙදර කිසිම උත්සවයක් පැවැත්වුණේ නැහැ. උදේ වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙදර ඇවිත් එතුමාට සුබ පැතුවා. හවස උපන් දිනය නිමිති කරගෙන වෛශ්ණාවී තිරගත වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, ඊට එක් වුණා. ඒ හැර තවත් විශේෂ උත්සවයක් සංවිධානය කෙරුණේ නැත්තේ ලෙස්ටර් මහතාව වෙහෙස කරවන්න අකමැති නිසයි.

ආරියවංශ කුලතිලක
 

  1. අධිරජ අශෝක් රජතුමාගේ මව වන රානි ධර්මා නොහොත් සුභද්‍රංග දේවිය
  2. රඟපෑමෙන්වත් මට මේතරම් ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ
  3. මගේ හිතේ තිබුණු හීනය ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ
  4. දුලක්ෂි පෙරේරා ස්වාධීන රූපවාහිනියේ පේන්න නැත්තේ ඇයි?
  5. වෙනදාට වඩා සැහැල්ලුවෙන් ගී ගැයුවා ජයග්‍රහණයේ රහස එයයි
  6. ඉදිරියේදී සිංහල හා දමිළ බසින් දැවැන්ත චිත්‍රපටයක් කරනවා
  7. නොයෙල් රාජ් අලුතින්ම සංගීත කණ්ඩායමක් පිහිටුවාගත් හේතුව රටට කියයි
  8. ශ්‍රීදේවී ගැන බොහෝ දෙනෙක් නොදන්නා කතා ටිකක්
  9. හුඟ දෙනෙකුට එදා මම කරපු දේවල් අමතකයි
  10. චිත්‍රපට බෙදාහැරීමේ අර්බුදයට තවම විසඳුම් නෑ
  11. බොරු කතා එපා බොරු සංවාද එපා
  12. ඔබත් මමත් ඇයත් හි ‘මැට්ටි’ නොහොත් සාන්ජ් මාතූර්
  13. උපේඛා අක්කත් එක්කම මංගල ගමන් යයි
  14. මගේ තාත්තාගේ හීනයක් තමයි මම සැබෑ කළේ
  15. විජයබා කොල්ලය වැඩ ඇරඹෙයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.