Coss Ear2
lakbima.lk
COSS Ear 1

කලක් මෙරට ගීත ලෝලින්ගේ සිහින කුමරෙකු බවට පත්ව සිටි ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගිය ජුනි මස 08 වැනිදා සදහට මෙලොවින් සමුගත්තා. වසර දෙකක පමණ දැඩි ලෙස රෝගාතුරව සිටි ප්‍රින්ස්ගේ ප්‍රතිකාර වෙනුවෙන් ඔහු ජීවත්ව සිටි කාලයේදීත් විශාල මුදලක් මුදලක් වැය කිරීමට සිදු වුණා. ප්‍රින්ස්ගේ නැඟණිය වන ශිරෝනි ප්‍රියංගිකා ප්‍රින්ස්ගෙ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහගේ ප්‍රතිකාර වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙන මුදල් සම්බන්ධයෙන් විටින් විට මාධ්‍ය ඔස්සේ කරන ලද දැනුවත් කිරීම් වලට අනුව බොහෝ දෙනා ප්‍රින්ස් වෙනුවෙන් මුදලින් උපකාර කිරීමට ඉදිරිපත් වී තිබුණා. කොහොම නමුත් එසේ එක් රැස් වූ මුදල ප්‍රින්ස්ගේ ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. මේ හේතුවෙන්, ප්‍රින්ස් මෙලොව හැර ගිය පසුවත්, ඔහු ප්‍රතිකාර ලැබු පෞද්ගලික රෝහලට ඔහු වෙනුවෙන් එතෙක් කළ ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 25කට අධික මුදලක් ගෙවිය යුතුව තිබුණා. 
එම රෝහල් බිල පියවීමට හැකියාවක් ප්‍රින්ස්ගේ නැඟණියට තිබුණේ නැහැ. එබැවින් එය ඉක්මනින්ම ගෙවා දමන බවට ‍පොරොන්දුවක් රෝහල වෙත ලබාදීමෙන් අනතුරුවයි. අවසන් කටයුතු සඳහා ප්‍රින්ස්ගේ නිසල සිරුර රෝහලෙන් නිදහස් කර ගැනීමට ඇයට සිදු වූයේය. 
මෙසේ ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා ගැනීමට නොහැකිව අසීරු අඩියකට පත්ව සිටි ප්‍රින්ස්ගේ නැඟණියට සහනයක් ලබාදීමට කලාකරුවන් පිරිසක් එක්වූයේ ප්‍රින්ස්ට ගෞරවාන්විත සමුදීමක් ලබාදෙන බවට ‍පොරොන්දු වෙමින්. මෙම කර්තව්‍යයෙහි මූලිකත්වය ගනු ලැබුවේ කීර්ති පැස්කුවල්, ටිරෝන් මද්දුමගේ, සේනක උබේසිංහ, මධුමාධව අරවින්ද සහ නුවන් සමරසිංහ ඒ අනුව ඔවුන්ගේ සංවිධායකත්වයෙන් මහරගම තරුණ සේවා සභා රඟහ‍ලේදී ආදරණීය ප්‍රින්ස් ලෙන්ගතු සහෝදරත්වයේ ගෞරවාන්විත සමුදීම නමින් ප්‍රසංගයක් ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා දැමීම සඳහා මුදල් එක් රැස් කිරීමේ අරමුණ ඇතිව පසුගියදා පැවැත්වුණා. 
ප්‍රසංගයෙන් අනතුරුව සංවිධායක කමිටු සභාපති කීර්ති පැස්කුවල් ඒ පිළිබඳ අප සමග දැක්වූයේ මෙවන් අදහසක්. 
 
'ප්‍රින්ස් වෙනුවෙන් පැවැත්වූ සංගීත ප්‍රසංගය ඉතා සාර්ථකව නිමාවට පත් වුණා. ගීත ගායනයට එක්වීමට ‍පොරොන්දුව සිටි ගායක ගායිකාවන් 29 දෙනාගෙන් 27 දෙනෙකුම එම වේදිකාවේ ගීත ගායනා කළා.'' 
ඔහු පැවැසූ විදිහට බලා‍පොරොත්තු වූවාටත් වැඩි මුදලක් ප්‍රසංගයෙන් එක් රැස් කර ගැනීමට හැකිවී තිබුණා. විසිපන් ලක්ෂ දසදහසක මුදලක් ප්‍රින්ස්ගේ රෝහල් බිල ලෙස ගෙවිය යුතුව තිබුණා. ප්‍රින්ස් ප්‍රතිකාර ලැබූ නවලෝක රෝහලෙන් එයින් ලක්ෂ 10ක මුදලක් අඩු කළා. ප්‍රසංගයේදී පරිත්‍යාග ලෙස සහ ප්‍රවේශ පත් විකිණීමෙන් අපට අවශ්‍යව තිබූ මුදලටත් වැඩි මුදලක් එකතුවී තිබුණා. අපට එලෙස වැඩිපුර ලැබි තිබූ රුපියල් ලක්ෂ 5 1/2ක්. ඒ අනුව මුදලින් ලක්ෂ 4ක් ප්‍රින්ස්ගේ නැඟණියට ලබාදීමටත් ඉතිරි ලක්ෂ 1  1/2ක මුදල අද වන විට අසරණ වී සිටින කලාකරුවන් කිහිප දෙනෙකු අතරේ බෙදා දීමටත් අප තීරණය කළා. 
එම ‍පොරොන්දුව පසුගියදා (25) නවලෝක රෝහල් පරිශ්‍රයේදී එලෙසින්ම ඉටු කෙරුණා. එහිදී ප්‍රින්ස්ගේ රෝහල් බිල සඳහා හිඟ මුදල ගෙවා දැමීමෙන් අනතුරුව ප්‍රින්ස්ගේ නැඟණිය වෙත ලක්ෂ 4ක මුදලක් ප්‍රදානය  කෙරුණ ඉතිරි මුදල කලාකරුවන් 6 දෙනෙකුට රුපියල් 25.000 බැගින් පරිත්‍යාග කෙරුණා. එම කලාකරුවන් වූයේ අයිරින් ද අල්විස්, බර්ටි ගුණතිලක, ධම්මික පී. රත්නායක සමන්ති ලැනරෝල්, සුමින්ද සිරිසේන, සහ රුවන් වීරසේකර ප්‍රින්ස්ගේ නැඟණියගේ අතින්මයි එම මුදල් කලාකරුවන් වෙත ප්‍රදානය කෙරුණේ. 
මෙය කලාකරුවන් ගේ එකමුතුකම විදහා දැක්වුණු අවස්ථාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ එකතුමුතුකම සහ ප්‍රින්ස්ට ගෞරවාන්විත සමුදීමක් ලබා දීමට අපට හැකියාව ලැබුණා. අද අසරණව සිටින කලාකරුවන් වෙත කරන ලද පරිත්‍යාගයේ පින් බලයෙන් ජාති ජාතිත් ප්‍රින්ස්ට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. ප්‍රින්ස් වෙනුවෙන් කළ මෙම උතුම් කාර්යය නිම වීමෙන් පසු කීර්ති පැස්කුවල් මහතා එලෙස කියා සිටියා. 
 
කිෂාන් කනංකෙ

Music video කලාවට සරාගී දසුන් එක් කරමින් ආන්දෝලනාත්මක පෙරළියක් ඇති කළ ඉරාජ්ගේ නවතම Music video එක ක්ලියෝපැට්රා යනුවෙන් ජූලි 18 එළියට ආවේ විශාල පූර්ව ප්‍රචාරයකින් පසුවයි. ඉරාජ්ගේ video වටා ලක්ෂ ගණන් නරඹන්නන් පැය 24කින් එක්වීම සිදු වුණත් ක්ලියෝපැට්රා ඒ අභියෝගය ඒ විදියටම ජයගත්තේ නැහැ. ඉරාජ්ගේ මුල්           video තිබූ සරාගී දසුන් ප්‍රචණ්ඩත්වය, විකෘතිතාවය හා මිනීමැරුම් පවා ක්ලියෝපැට්රාට ඇතුළත්ව ඇති නිසා මෙය නැරඹීමට පවා පුළුවන් වුණේ වයස 18න් ඉහළ අයට විතරයි. ඉරාජ්ගේ ක්ලියෝපැට්රා ප්‍රතික්‍ෂේප වුණේ ඒ හින්දද? එහෙමත් නැත්නම් ජනතා විරෝධය නිසාද? අපි ඒ ගැන ඉරාජ්ගෙන් කෙළින්ම ප්‍රශ්න කළා. 
 
ඉරාජ් සරාගී දර්ශන ඇතුළත් ගීත රූපරචනා ඇතුළත් නිර්මාණ කරලා පහුගිය කා‍ලේ බොහෝ දෙනාගේ චෝදනාවට ලක් වුණා. ඔබ මෙවර you tube වලට නිකුත් කළ ක්ලියෝපැට්රා එතැනින් එහා ප්‍රචණ්ඩතාවය දක්වාම දිව ගිහින්. 
සේයා සදෙව්මි දැරියට වූ ඛිෙදවාචකය අපිට අමතක නැහැ. සමාජයට හෙළිදරව් නොවූ ඒ වගේ දේවල් බොහෝ තියෙනවා. කොළඹ සමාජය තුළ රහසේ සිදුවන සිදුවීම් තමයි මම ක්ලියෝපැට්රා Music video එකෙන් පෙන්නුවේ. 
 
මේ ගීත රූප රචනය ඔබේ වෙනත් නිර්මාණවලට වඩා ආන්දෝලනාත්මක වන බව ඔබ පූර්ව ප්‍රචාරය ලබා දුන්නේ 
කුමන පරමාර්ථයකින්ද?
මේ ගීත රූප රචනය විනාඩි 10ක් දිගයි. ඇත්තටම එය ගීත රූප රචනයකටත් වඩා කෙටි චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. මෙය සෑම අතින්ම වාගේ අනිත් නිර්මාණවලට වඩා ප්‍රබලයි. ඒ නිසයි මම ඒ ගැන වැඩිපුර ප්‍රචාරයක් ලබා දුන්නේ. 
 
ඒත් ඔබ හිතූ ප්‍රතිඵල ලැබුණේ නැහැ නේද?
ප්‍රතිඵල ලැබුණා. තවමත් ලැබෙමින් පවතිනවා. මෙය නිකුත් කළේ ජූලි 18 වැනිදා. මේ වන විට විශාල පිරිසක් මෙය නරඹලා තිබෙනවා. 
 
ඔබ ඔය ප්‍රමාණය ගැන කතා කරන්නේ ප්‍රේක්ෂකයා එය නරඹන තරමට ඔබට වැඩිපුර මුදලක් එකතුවෙන නිසා නේද ?
මගේ වස්සානේ හීනේ Video එක පැය 48ක් තුළ ලක්ෂ 5ක් නරඹලා වාර්තාවක් තැබුවා. මගේම රෙකෝඩ් එක මම කඩන්න අවශ්‍ය නැහැ. ක්ලියෝපැට්රා බලන ප්‍රමාණය දවසින් දවසට වැඩි වෙනවා. ඒ තුළින් මට මුදලකුත් ලැබෙනවා. ඒ කියන්නේ මම youtube එකට නිර්මාණ කරලා සල්ලි හොයනවා තමයි. 
 
ක්ලියෝපැට්රා 18න් ඉහළ අයට පමණක් නැරඹීමට හැකි නිසා මේ තත්ත්වය උදා වී ඇති බවට මේ දවස්වල FB තුළින් කතාබහක් ඇති වෙලා.
ඒකත් මට ප්‍රචාරයක්. මගේ ගීතය youtube වාරණය කළේ නැහැ. මම මයි ඒ වාරණය යොදාගත්තේ. youtube සඳහා video දානකොට පවතින නීති රාමුව ගැන මට බොහෝම පැහැදිලි වැටහීමක් තියෙනවා. ක්ලියෝපැට්රාරූප රචනාවේ ඇති යම් ප්‍රචණ්ඩකාරි දර්ශන සුදුසු 18න් ඉහළ අයටයි. ඒ හින්දා මෙය youtube එකට දානකොට එය 18න් ඉහළ අයට පමණක් සීමා කළේ මම විසින්මයි. 
 
ඒත් ඒ video එක ඩවුන්ලෝඩ් කරලා තමන්ගේ FB එකට දාන අය ඉඳියි. ඒ හරහා 18න් පහළ අය අතරත් මෙය හුවමාරු වෙන්න පුළුවන් නේද? 
අනිවාර්යයෙන්ම එසේ විය හැකි බව දන්න හින්දා තමයි මම ඊට අදාළ නීතිමය හා තාක්ෂණ ක්‍රමවේද සැකසුවේ. කවුරුන් හෝ ක්ලියෝපැට්රා ඩවුන්ලෝඩ් කරලා තමන්ගේ FB එකට දාගන්න ගියොත් සමහර විට ඒ අයට තමන්ගේ FB ගිණුම පවා අහිමි වී යා හැකියි. 

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 564

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1427

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3260

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2624

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3803

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4795

Please publish modules in offcanvas position.