Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපි කොයි කාටත් පුංචි සන්දිය සිහිපත් කරන එක සතුටක් ගෙන එන හැඟීමක්. ඔබටත් එහෙමද? 
අ‍පොයි ඔව්. මගේ ගම සුන්දර නුවරඑළියේ පිහිටි හාවා එළියයි. මම ඉගෙන ගත්තේ ගාමිණී මහ විදුහලින් මගේ තාත්තා (ගුණසේකර අ‍පෝන්සු) සිනමාවේ මුල් යුගයේ ජනප්‍රිය නළුවකුව හිටි එඩී ජුනියර්ගේ තාත්තා යටතේ සංගීතය හදාරලා තියෙනවා. අම්මා (ප්‍රේමාවතී පීරිස්) නවකතා ‍පොත් කියවන්න පිස්සු වැටුණු කෙනෙක්. අපි සාමාන්‍ය පවුලක්. මට නංගිලා හතර දෙනෙක් හිටියා. මමයි පවු‍ලේ වැඩිමලා. 
සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කළත් මට කැම්පස් යන්න බැරි වුණා. දෙවැනි පාර විභාගේ නොකර කොළඹ මාලිගාවත්තෙ ලියවන පට්ටල් වැඩ ‍පොළකට මම ආවේ රැකියාවක අවශ්‍යතාවය වගේම නළුවකු වීමේ සිහිනයත් සැබෑ කර ගන්නයි. 
 
නළුවෙක් වෙන්න ඔබ දුෂ්කර ක්‍රියා කරද්දී දුක්බර අත්දැකීම්වලට මුහුණ දෙන්න ඇති. ඒ දුක තුළින් සතුටක් උදාවන්න ඇති. මම කියපු දේ හරිද? 
සියයට සීයක් ඇත්ත. මම මුලින්ම රඟපාන්න අවස්ථාවක් ඉල්ලලා අධ්‍යක්ෂවරු හොයාගෙන. ගෙවල් ගානේ ගියා. චිත්‍රාගාරවලට ගියා. මේ විදියට යද්දී මාව රස්තියාදු කරවලා අන්තිමට අවස්ථා නොදී මගහැරවූ බොහෝ දෙනෙක් හිටියා. එක   අධක්ෂවරයෙක් මට කීවා., නළුවෙක් නොවී ගමට ගිහින් අල වවනවා කියලා. ඔහොම ගිහින් එම්.ඩබ්. කරුණාරත්නගේ සමන්මලී කියලා 16 ථථ චිත්‍රපටයක රඟපාන්න මට අවස්ථාවක් ලැබුණා. ඒත් එය අතරමග නැවතුනා. එතැනදී අඳුනා ගත්තු කිංස්ලි රාජපක්ෂගේ සිනාවයි ඉනාවයි චිත්‍රපටයේ එම්. එස්. ප්‍රනාන්දු ගයන සිනාවයි ඉනාවයි සදා වාසනාවයි ගීතය ඇතුළත් ජවනිකාවේ පෙනී සිටින්න මට වාසනාව තිබුණා. ඔය විදියට පුංචි පුංචි චරිත රඟපාලා සුහද පැතුම චිත්‍රපටයේ විකට ජවනිකාවක් රඟපාන්න ලැබුණා. ඒ තුළින් විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. 1975 රන් ලන්තෑරුමවේදිකා නාට්‍යයේ රඟපාලා හොඳම නළුවා ලෙස සම්මානත් දිනා ගත්තා. එදා මා එක්ක සම්මානයට තරග කරන්න විජය නන්දසිරි, රවීන්ද්‍ර රන්දෙනිය, නීල් අලස්, වික්‍රම බෝගොඩ, සිරිල් වික්‍රමගේ වැනි ප්‍රවීණයන් හිටියා. 1984 මා නිර්මාණය කළ පාතා‍ලේ සොල්දාදුවෝ නාට්‍යය සම්මාන 13ක් ලබලා රාජ්‍ය නාට්‍ය උළෙ‍ලේ වාර්තාවකුත් පිහිටෙව්වා. 
 
ඔබේ කලා දිවිය දුකින් සතුටට හැරෙද්දී පෞද්ගලික ජීවිතය සතුටින් දුකට පත් වුණා නේද? 
මම 1975 දී විවාහ වුණා. ඒත් 1978දි ඒ විවාහය බිඳ වැටුණා. ඉන්පසු මම දෙවැනි වතාවට විවාහ වුණා. ඇය මාව හැර දමා විදෙස් ගත වුණා. තුන්වැනි වතාවට විවාහ වුණත් ඒ විවාහයත් බිඳ වැටුණා. 
 
ජීවිතයට ළංවූ ඒ කාන්තා චරිත සිහිපත් කරද්දි අද ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්ද? එහෙමත් නැත්නම් ඒ අය ගැන වෛරයක් තරහක් වැනි හැඟීමක්ද? 
ඒ තිදෙනාම පිළිබඳ මා තුළ තිබෙන්නේ ගෞරවයක්. පිළිගැනීමක් ඕනෑම ගැහැනියක් තමන්ගේ සැමියා ස්ථාවර වෙනවා දකින්න කැමතියි. මම කලාවටම බිහි වූ කෙනෙක්. වෙන කිසි දෙයක් කරලා නැහැ. අඩුම තරමින් දේශපාලනඥයන් හා හිතවත්කම් ඇතිකරගෙන ප්‍රතිලාභ ලබලත් නැහැ. මම කලාවෙන් හම්බ කරලා හදපු ගේයි ඉඩමයි සින්න වෙලා පාරට බහින්න වුණෙත් රෑ රූචිත්‍රපටය කරන්න ගිහින්. පවුල් ජීවිත දෙදරා යන්න බලපෑ එක හේතුවක් තමයි මගේ ආර්ථිකය. මොකද මට ළංවූ හැමෝටම ඕන කළේ සල්ලි විතරයි. 
 
අද ගෙවන හුදකලා ජීවිතය ඔබට සතුටක්ද දුකක්ද? 
අද මම බෝඩිං කාමරයක හුදකලාව, නිර්මාණ කරමින් ජීවත් වෙනවා. නංගිලා මා ගැන සොයා බලනවා. ඒත් මම කැමති නැහැ කාටවත් කරදරයක් වෙන්න. මම මේ බෝඩිමට වෙලා සුපුරුදු විදියට කලාව කරගෙන ඉන්නවා. මේ දවස්වල මගේම වේදිකා නාට්‍ය කිහිපයක පුහුණුවීම් පටන් අරගෙනයි තියෙන්නේ. සිනමා පටයක් අවසන් අදියරේ තියෙනවා. තවත් චිත්‍රපටයක් කරන්නත් සූදානමින් ඉන්නවා. 
 
ජීවිතය පිළිබඳ ආපසු හැරී බලද්දී මොකද හිතෙන්නේ? 
මම ජීවිතේ කිසිම දාක අනියම් සබඳතා පවත්වලා නැහැ. රඟපාන්න චාන්ස් දෙන්නම් කියලා ගැහැනු ළමුන්ට අයුතු යෝජනා කරලා නැහැ. කොටින්ම කියනවා නම් ගණිකාවන් හොයාගෙන ගිහිල්ලත් නැහැ. මම හැමදාම බලා‍පොරොත්තු වුණේ ආදරෙයි. බිරිඳයි දරුවොයි එක්ක ගෙවන ලස්සන පවුල් ජීවිතයකට මම හැමදාම හීන මවනවා. සමහර විට හතරවැනි වතාවටත් මම විවාහ වෙන්න බැරි නැහැ. ඒත් කලාව හැර වෙන කිසිම වෘත්තියකට හිත හදාගන්න මට පුළුවන්කමක් නැහැ. 
ඒත් කලාවම වෘත්තිය කරගත්තු කෙනෙකුගේ ආර්ථිකය ස්ථාවර නැහැ. එය විඳ දරාගන්න බිරියක් කැමති වන්නේ නැහැ. ඒකට ඔවුන්ට දොස් කියන්න බැහැ. ගැහැනියක් විදියට බිරිඳක් විදියට ඒ අය සාධාරණයි. ඉතින් මම මොකද කරන්නේ?
 
ආරියවංශ කුලතිලක

කාලයක් නිහඬව ඉඳලා සජිත් කලා ජීවිතේ අලුත් පිටුවක් පෙරළුවා නේද? 
මම හිතන්නේ ඔය අහනවා ඇත්තේ මගේ අලුත් ගීතය ගැන වෙන්න ඇති.
 
ඔව්. කවුරුත් බලන් හිටියේ සජිත් නිහැඩියාව බිඳලා සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයා හමුවෙයි කියලා?
ඇත්ත. අධ්‍යාපන කටයුතු නිසා මට සිනමාවට දායක වෙන්නම බැරි වුණා. ඉන්නවා කියලා පෙන්නන්න බොහීමියානුවෝ වගේ නාට්‍යයකට ඉඳලා හිටලා දායක වුණාට දිගටම ඒකත් කළේ නෑ. ඒ අතරේ තමයි ගීතයක් කරන්න ඕනෑ කියලා හිතුවේ.
 
සජිත් ‘ස්වර්ණපාලියෙ’ ගීතයෙන් උඩුගම් බලා යන්න උත්සාහ ගන්නවා. ඇත්තටම මේ අදහස කාගේද? 
මේ ගීතයේ මුලින්ම නිර්මාණය වෙන්නේ සංගීතය සහ තනු. සනුක වික්‍රමසිංහ කියන මගේ මිත්‍රයාට මාව මුණ ගැහෙන්නත් කලින් තමයි ඔහුගේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් විදිහට ජ්ච්ර් සම්ප්‍රදාය යටතේ සංගීතය සහ තනු නිමැවෙන්නේ. සනුක එය පෙන්නලා මට ආරාධනා කළා ගයන්න. මට ඕනෑ වුණා මම නවත්තපු තැනින් පටන් ගන්න. අපි දෙන්නා තනුවට ගැළපෙන්න පද ගොතන්න සෑහෙන්න උත්සාහ කළා. ඒත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ. ඊට පස්සේ තමයි අපිට අප්පච්චිගේ පිහිට පතන්න වුණේ.
 
ඒ කියන්නේ ස්වර්ණපාලියේ පද ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ?
ඔව්, සිනමාවෙන් අබා ගොඩනැගුව ඔහුටම ගීතයෙන් නැවතත් අබාව ගොඩනගන්න සිද්ධ වුණා. 
 
ස්වර්ණපාලියේ පද රචනාවෙන් විතරක් ඔහුගේ කාර්ය නිමා වී නෑ. ගීතයට අතිශය සාධාරණයක් ඉටුකරමින් අතීතය වත්මන යාවෙන අපූරු රූප පෙළක් නිර්මාණයටත් ඔහුව පෙළඹුවේ ඔබද?
මම ජැක්සන් ඇන්තනීගේ පුතා කියන එක පැත්තකින් තියමුකෝ. මම මහා වාසනාවන්තයෙක්, ඔහු වගේ කෙනෙක්ගෙන් ගීතයකට රූප රචනාවක් කර ගන්න. අපේ කාලයේ නිර්මාණකරුවෝ ගීතයක් කරන්න කොයි තරම් මහන්සි වෙනවද? ඒ තරමටම රූප රචනාවටත් මහන්සි වෙනවා. ඒත් ඔහු නිසා මගේ හිසට ලොකු නිදහසක් ලැබුණා. 
 
 “ස්වර්ණපාලියේ” ජැක්සන් ඇන්තනී නම් අධ්‍යක්ෂවරයාගේ පළමු රූප රචනාව?
මම හිතන්නේ ඔව්, අම්මගේ වෙරළු මල් සුවඳ ගීත එකතුවේදී අප්පච්චි ඒ නිර්මාණයට අදහස් දුන්නා. නමුත් ස්වර්ණපාලියේ ඔහුගේ ප්‍රඩක්ෂන් එකක් විදිහට කරපු පළමු අවස්ථාව. ඒකනේ මම වාසනාවන්තයි කිව්වේ. 
 
ඒ වගේම මේ සජිත්ගේ කුළුඳුල් ගීතය?
මීට කලින් පුංචි කා‍ලේ චිත්‍රපටයකට පසුබිම් ගීතයක් ගැයුවා. මගේම කියලා නිර්මාණයක් කළ පළමු අවස්ථාව තමයි මේක. 
 
මේ ඔක්කොම හේතු සාධක වගේම සජිත්ට මේ ගීතය තවත් විදියකින් වැදගත් වෙනවා නේද?
ඒ කිව්වේ
 
රූප රචනාවේ අබාගේ පෙම්වතිය ස්වර්ණමාලි වෙන්නේ සජිත්ගේ පෙම්වතිය බුවිනිකා?
ඔව්නේ. මම අබා නම් මගේ ස්වර්ණමාලි බුවී වෙන්නම ඕනෙනේ. ඒ නිසයි මම හිතලා හිතලා අප්පච්චිට යෝජනාව ගෙනාවෙ බුවීව ස්වර්ණමාලි කරන්න. 
 
අනාගත ‍ලේලි ‍පොඩ්ඩ නිසා මාමණ්ඩි එක පයින්ම කැමති වෙන්න ඇති ? 
එකපාරටම කැමති වුණේ නෑ. ඔඩිෂන් එකක් තියන්න ඕනේ කිව්වා. පාස් වුණොත් ගන්නම් කිව්වා.
 
ඒ කියන්නේ සුදුසුකම නැත්නම් අප්පච්චිගෙන් නෑකමටත් තැනක් ලැබෙන්නෙ නෑ ?
ඔව්, මමත් ඔඩිෂන් කීයක් ෆේල් වුණාද? පුතා නිසාවත් ගත්තෙ නෑනේ මාව ඒවට.
 
යාන්තමට ‍ලේලි මාමණ්ඩිගේ ඔඩිෂන් එක පාස් වුණා ? 
ඔව්, ඔය බුවනි අප්පච්චිට මුහුණ දුන්න දවෛනි ඔඩිෂන් එක. පළවෙනි එක පාස් වුණ නිසා මගේ පෙම්වතිය හැටියට පිළිගත්තා. දෙවැනි ඔඩිෂන් එක පාස් වෙලා අබාගෙ පෙම්වතිය ස්වර්ණමාලි වුණා. 
 
හිමේෂා සවන්තී රාජපක්ෂ

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 306

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 413

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 733

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2655

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3590

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3788

Please publish modules in offcanvas position.