Coss Ear2
lakbima.lk
COSS Ear 1

පසුගියදා අවසන් වූ හිරු Super Hero අවසාන මහ තරගයේදී ජයග්‍රාහී කිරුළ හිමිකර ගත්තේ ඇතුගල් පුරයෙන් තරග බිමට ආ චංචලා බණ්ඩාරයි. දක්ෂතම නිළියට හිමි සම්මානයත් හිමි  කරගත්තේත් චංචලාමයි.
තරග ජයත් එක්ක රටේම ඇස් චංචලා දිහාට හැරෙද්දී මේ දරුවා කාගේ කවුද? කියලත් හැමෝම හොයන්න පටන් ගත්තා. අවසාන මහ තරගය දක්වාම රහසක්ව පැවැති  චංචලා කාගේ කවුද? කියන පැනයට එදා පිළිතුරු ලැබුණේ සුවහසක් ජනතාව ඉදිරිපිටදීමයි.
චංචලා අජිත් බණ්ඩාරගේ පුංචි දියණියයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම රියැලිටි තරගය වූ සිරස සුපර් ස්ටාර් තරගයේ කිරුළ හිමිකරගත්තේ අජිත් බණ්ඩාර විසිනුයි. ඒ 2006දී. ඒ වනවිට චංචලා මව් කුසයෙන් මෙලොව එළිය දක්නට සැරසිලයි හිටියේ. ඒ අවුරුද්දේ ඔක්තෝබර් 26 වැනිදා චංචලා මෙලොව එළිය දුටුවා. අද ඇය වසර 12ක පුංචි දැරියක් විදිහට හිරු Super Hero බවට පත් වුණා. 
මම දන්නෙත් නැහැ මාව තරගයට කැඳවනතුරු. අම්මි තමයි ටී.වී. එකේ දැකලා තරගෙට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙන්නේ. හැබැයි මම ගායනයට, රංගනයට, නිවේදනයට ගොඩක් කැමතියි.
කිරුළ හිමිවීමේ සතුට තුළ සිටින පුංචි දෝණි අපිත් එක්ක කතාබහ ආරම්භ කළේ ඒ විදියටයි. දැනට රෝයල් ඉන්සිටිටියුට් ජාත්‍යන්තර පාස‍ලේ 7 වසරේ ඉගෙනුම ලබන චංචලා බණ්ඩාර පාසල තුළදීත් මුලින් කී සියලුම අංශවලින් දස්කම් දක්වනවා. 
කවදාහරි විද්‍යාඥවරියක් වෙන්න ආසයි. හැබැයි රංගනයේ යෙදෙන්නත් කැමතියි. 
අනාගතය ගැන ඈ තුළ තියෙන්නේ ඒ වගේ හීනයක්. දුව ගැන තාත්තගේ හිතෙත් හීන ගොඩක් ඇති. අපි ඒ ගැන අජිත්ගෙනුත් ඇහුවා. තරගය පුරාම වසන් වෙලා හිටියේ ඇයිද කියලා අහන්නත් එහිදී අපි අමතක කළේ නැහැ. 
මම ක්‍ෂේත්‍රයට ආවේ වෙනත් නාලිකාවකින්. ඒක හෙළි කළොත් මේ තරග බිමේ දුවට අසාධාරණයක් වෙයිද කියලා පුංචි බියක් හිතේ තිබුණා. අජිත් බණ්ඩාරගේ දුව කියලා අනවශ්‍ය අවධානයක් ලබනවටත් මම කැමති වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ මගේ දුව සාමාන්‍ය තරගකරුවන් අතර සාමාන්‍ය ළමයෙක් විදියට තරග කරලා දුව ඉදිරියට එනවා දකින්නයි.
ඈත ගම්බිම් දනව්වලත් කලාවට පිවිසෙන අය කොළඹට  සේන්දු වෙනවා. ඒත් අජිත් තවමත් ඉන්නේ කුරුණෑගල. ඔහුගේ නිහැඩියාවට එක් හේතුවක් ඒ.  අජිත් දැන් නෑ කියන කතාව බොහෝ දෙනා කිව්වෙත් මේ නිහැඩියාව හින්දා. අජිත් තමන්ගේ බිරිඳගෙන් වෙන්වූ බවට රාවයකුත් කාලෙකට ඉස්සර වෙලා පැතිර ගියා. ඒ හැමදේටම අජිත් පිළිතුරු දුන්නේ මේ විදියටයි. 
මගේ බිරිඳ නිලූකා නිරෝෂනී තමයි එදා සිරස සුපර් ස්ටාර් තරගයට මගේ නමින් අයැදුම් කළේ. දුවව හිරු සුපර් හීරෝ තරගයට යොමු කළෙත්  නිලූ. මමයි, නිලූයි, දුවයි හරි සතුටින් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි දෙන්නම ඔය කටකතාවලට උත්තර දෙන්න ගියේ නැහැ. ලංකාවේ පැවැත්වෙන ප්‍රසංගවලට වගේම විදෙස් ප්‍රසංගවලටත් මම දිගටම සහභාගි වෙනවා. ඒත් අලුත් නිර්මාණයක් නොකෙරුණු හින්දයි 'අජිත් දැන් නැහැ' කියලා සමහරු කියන්න පටන් ගත්තේ. කොළඹින් දුර හින්දා TV සාකච්ඡාවලින් ආරාධනා ලැබුණත් සහභාගි නොවන අවස්ථා ගොඩක් තියෙනවා. ඒත් මගේ නවතම ගීතය 'හීන යාය' ළඟදී එළිදැක්වූවා. මේ දවස්වල එයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා... 
හිරු Super Hero කිරුළටත් වඩා එහි හොඳම නිළිය වීම චංචලාගේ අපේක්ෂාව බව අපි මුලින් පැවැසුවා. ඒ වගේම මේ වනවිටත් ඇය පාස‍ලේ වේදිකාවේ රංගන කුසලතා පෙන්වා ඇති බවත් පැවැසුවා. ඇගේ හීනය ඉටුකරන්න මේ වනවිටත් අවස්ථාව උදා වෙලා. තරග ජයත් සමගම චංචලාට ටෙලි නාට්‍ය හා චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණු බවත් ඇගේ මව පැවැසුවේ සතුටින්.
උපුල් සර් සහ නෙළුම්, පාලිත, ඉෂාරා ප්‍රදීප්, ශාන්ති සර්ලා සහ ටීචර්ලා මේ තරගයේදී මට දුන් සහයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා...
කතාබහ නිම කරද්දී චංචලා පැවසුවා. 
 
ආරියවංශ කුලතිලක
  1. සුජීවා එක්ක මම සාර්ථක ගමනක් යන එක දරාගන්න බැරි වෙලා
  2. කළුවර වැටෙනවත් එක්කම මේ කියන බය මට දැනෙන්න ගන්නවා
  3. කේන්ති නොගැනීම තමයි හොඳම පුරුද්ද
  4. යශෝධරා සිනමාපටයට පෙනී සිටි නළු නිළියන් ඇත්තටම හිස මුඩු කළාද?
  5. බංග්ලාදේශ තරගයේදී සිදු වූ ගැටුම ගැන තිසර කියපු කතාව
  6. ලෙස්ටර්ගේ 99 වැනි උපන් දිනයට සුමිත්‍රාගෙන් වෛශ්ණාවි
  7. අධිරජ අශෝක් රජතුමාගේ මව වන රානි ධර්මා නොහොත් සුභද්‍රංග දේවිය
  8. රඟපෑමෙන්වත් මට මේතරම් ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ
  9. මගේ හිතේ තිබුණු හීනය ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ
  10. දුලක්ෂි පෙරේරා ස්වාධීන රූපවාහිනියේ පේන්න නැත්තේ ඇයි?
  11. වෙනදාට වඩා සැහැල්ලුවෙන් ගී ගැයුවා ජයග්‍රහණයේ රහස එයයි
  12. ඉදිරියේදී සිංහල හා දමිළ බසින් දැවැන්ත චිත්‍රපටයක් කරනවා
  13. නොයෙල් රාජ් අලුතින්ම සංගීත කණ්ඩායමක් පිහිටුවාගත් හේතුව රටට කියයි
  14. ශ්‍රීදේවී ගැන බොහෝ දෙනෙක් නොදන්නා කතා ටිකක්
  15. හුඟ දෙනෙකුට එදා මම කරපු දේවල් අමතකයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.