Coss Ear2
lakbima.lk
COSS Ear 1

මෙවර පැවැති සුමති ටෙලි සම්මාන උළෙ‍ලේදී නැගී එන නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ජනප්‍රිය යොවුන් නළුවකු වන සජිත අනුත්තර විසිනුයි. “බොහිමියානුවා” ටෙලි නාට්‍යයේ කල්පගේ චරිතය රඟපෑමේදී දැක්වූ විශිෂ්ටත්වය නිසා තමයි සජිතව එලෙස අගය කිරීමකට ලක් වුණේ. 
 
මුලින්ම අපි ඔබට හිමි වූ සම්මානය ගැන කතා කරමු...
මගේ පළමු ටෙලි නාට්‍ය තමයි “බොහිමියානුවා”. ඒ සඳහා නැගී එන නළුවාට හිමි සම්මානය හිමිවීම සතුටක්. නැගී එන නළුවාට සම්මානය හිමිවීම කවදා හෝ හොඳම නළුවාට හිමි සම්මානය ලබාගන්නවා කියන බලා‍පොරොත්තුව හිතේ ඇති කළා.
 
හොඳම නළුවා සම්මානය ගැන විතරද බලා‍පොරොත්තුව...? ජනප්‍රිය නළුවා වෙන්න කැමති නැද්ද?
ඔය හැම සම්මානයක් ලබා ගන්නම මනා කැපවීමක්, පුහුණුවක් අවශ්‍යයි. ඒ සඳහා අභ්‍යාසයේ යෙදීමත් වැදගත්. හැබැයි ජනප්‍රිය නළුවා වන්න එවැනි අභ්‍යාස අවශ්‍ය වන්නේ නැහැ. ඒක අපි කරන දේවල් තුළින් ජනතා ආකර්ෂණය අසීමිතව ලැබිලා ඒ හරහා හිමිවන සම්මානයක්. ඒ හින්දා ඒ ගැන බලා‍පොරොත්තු තියාගන්න අවශ්‍ය නැහැ. එය ලැබුණොත් භාරගැනීමයි කළ යුත්තේ.
 
අසීමිත ජනතා ආකර්ෂණය ලබන්න කරන දේ විතරද වැදගත්. බාහිර පෙනුමත් ඊට අවශ්‍ය බව කියන පිරිසකුත් ඉන්නවා නේද?
අනිවාර්යයෙන්ම ඔව්. උස මහත කඩවසම් පෙනුම, ආකර්ෂණීය ලක්ෂණ හින්දම අසීමිත ජනතා ආකර්ෂණයක් ලබලා ජනප්‍රිය වූ නළු නිළියන් අප අතර ඉන්නවා. හැබැයි එහිදී විශේෂ දෙයක් කිව යුතුයි. එහෙම බැලුවොත් ඒ සුදුසුකම මට නැහැ.
 
ඒ කියන්නේ සජිත තමන්ගේ රූපය ගැන කනගාටු වෙනවද?
කොහෙත්ම නැහැ. මගේ අම්මට මාව ලස්සනයි. මගේ පෙම්වතියට මාව ලස්සනයි. මට ඒ හොඳටම ඇති.
 
සජිත කාලයක් රංගනය ප්‍රගුණ කරලා දවසක හොඳම නළුවා වෙනවා. එදාට ජනප්‍රිය නළුවා වන්නේ කඩවසම් පෙනුමක් තියෙන ලොකු රංගන හැකියාවක් නැති ඉතාම නවකයෙක්. එහෙම වුණොත් සජිතට මොන විදියේ හැඟීමක් ඇති වෙයිද?
බාහිර ආකර්ෂණයක් නැති කුසලතා පිරි අය හොඳම නළු නිළියන් වෙද්දී රූපයෙන් ඉහළ තැනක ඉන්න අය ජනප්‍රිය නළු නිළියෝ වනවා දැකලා දොස් කියන, ජනප්‍රිය චරිත හෑල්ලු කරන අය ඉන්නවා. මම නම් එයට තදින්ම විරුද්ධයි. සම්මාන උළෙලක හැම සම්මානයක්ම වැදගත්. ඒ හැම සම්මාන ලාභියෙක්ම කලාවට අවශ්‍යයි. කාට හරි උපතින් අසීමිත ආකර්ෂණීය පෞරුෂයක් ලැබෙනවා නම් ඒක එයාගේ වාසනාව. ඒ ආකර්ෂණය මනා ලෙස කළමනාකරණය කරලා ජනතාව අතරට යන්න හැකි නම් ඒක එයාගේ දක්ෂතාවය. අනිවාර්යයෙන් එයාටත් ඇගයීමක් ලැබිය යුතුමයි.
 
මේ දවස්වල සජිත ගැන කියන්නට තිබෙන අලුත් තොරතුරු මොනවාද?
විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන නිසා ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලට දායක වෙන්නේ නැහැ. තව මාස 4කින් අධ්‍යාපන කටයුතු අවසන් වුණාම ආයෙමත් සම්පූර්ණ කාලය රංගනයට යොදවනවා. මම උපාධියට හදාරන්නේ නාට්‍ය හා රංග කලාව නිසා මේ දවස්වල වේදිකා නාට්‍ය 4කට සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ පළමු ගීත වීඩියෝව මේ වෙද්දී ලක්ෂ 6ක් නරඹලා තියෙනවා. ඒ ගැන සතුටුයි. දෙවැනි ගීතයටත් මේ දවස්වල සූදානම් වෙනවා.
 
ආර්යවංශ කුලතිලක

සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම නළුවන්ගේ නාම ‍ලේඛනය තුළ ඔහුගේ නමත් කියැවෙනවා. ඔහු අපි කවුරුත් හොඳින් දන්නා කියන මහේන්ද්‍ර පෙරේරා. විශිෂ්ට රංගනය නිසාම සම්මානයටත් පාත්‍ර වන මහේන්ද්‍ර සමහර වෙලාවට සරල විනෝදාත්මක චිත්‍රපටවලටත් එකතුවනවා. 
එය ඔහුගේ ප්‍රතිරූපයට හානියක්් බව ඇතැමුන් කීවත් අද “කෙළින් කතාවට” එක්වන ඔහු නම් කියන්නේ මේ වගේ කතාවක්. 
 
බොහෝ නළු නිළියෝ් රඟපෑමේදී චරිත තෝරා ගන්නා බව කියනවා. මහේන්ද්‍රත් චරිත තෝරා බේරා ගැනීමක් කරනවාද? 
මා රඟපෑ ඇතැම් ටෙලි නාට්‍ය සමහර හේතූන් මත දවස් 5 පුරා විකාශය වූ අවස්ථා තියෙනවා. ඒත් ප්‍රතිපත්තියක් විදියට මම දවස් 5ම විකාශය වන මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ.
 
සිනමාවේදී ඔබට තෝරා බේරා ගැනීමක් තියෙනවාද? 
අපේ රටේ සිනමාවේදී සිදුවන්නේ අපව තෝරා ගැනීමයි. ඒ හින්දා අපිට තෝරා ගැනීම් කරන්න බැහැ. කොටින්ම කිව්වොත් මේ තත්ත්වය නිසා අපට කේවල් කරන්න බැරි තත්ත්වයකුත් උදා වෙලා. 
 
ඒ කිව්වේ? 
අති සාර්ථක සිනමා කර්මාන්තයක් මේ රටේ තිබිලා, විශාල ප්‍රමාණයක චිත්‍රපට සංඛ්‍යාවක් වසරකදී බිහිවෙලා, ඒ අතරින් බොහෝ සිනමා පට සඳහා මට ආරාධනා ලැබෙනවා නම් මට ඔය තෝරා ගැනීම කරන්න තිබුණා. අවුරුද්දකට මේ රටේ චිත්‍රපට කීයද කෙරෙන්නේ. ඒ අතරින් කීයකට මට ආරාධනා ලැබෙනවාද? 
ඒ වගේ පසුබිමක ලැබෙන ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්න බැහැ. ඕක තමයි ඇත්ත කතාව. 
 
ඒ කියන්නේ මුදල් ලැබෙනවා නම් ඕනෑම කසිකබල් චිත්‍රපටයක රඟපාන්න මහේන්ද්‍ර සූදානම් 
ඔය චෝදනාව මට එල්ල කළ අය ඉන්නවානේ. ඒත් ඒ අය අපේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැනේ. නිවාස ණය, වාහනවලට ගත්තු ණය, දරුවන්ගේ කටයුතු, ඔය කොයි තරම් නම් ප්‍රශ්න අපිට තියෙනවාද? අපි මාසේ අන්තිමට වැටුපක් ලබන අය නමෛයි. අපි අපේ පැවැත්ම සකසා ගත යුත්තේ රඟපාලා. ඒ ගැන කවුද කතා කරන්නේ. ඒ වගේ පසුබිමක තෝරා බේරාගෙන රඟපාන්න බැහැ. හැබැයි මට සල්ලි ලැබෙනවා නම් ඕනෑම කසිකබල් චිත්‍රපටයක රඟපානවා කියලා චෝදනා කරන එක වැරදියි. මම ප්‍රතික්‍ෂේප කළ චිත්‍රපට ඕනෑ තරම් තියෙනවා. 
අධ්‍යක්ෂවරයා ගැන විශ්වාසය, කතාව වගේ දේවල් බලලා තමයි මම රඟපාන්න භාරගන්නේ. 
 
ඔබ රඟපෑ “අප්පට සිරි” චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ චිත්‍රපටය ගැන මොනවාද කියන්න තියෙන්නේ? 
එය ලාල් ප්‍රියදේවගේ සරල විනෝදාත්මක චිත්‍රපටයක්. මම මීට කලිනුත් ඔය වගේ සරල විනෝදාත්මක චිත්‍රපටවල රඟපාලා තියෙනවා. 28 බලලා “ෂා මාරයි මහේන්ද්‍ර විශිෂ්ට රංගනයක යෙදෙනවා...” කියලා කෙනෙකුට කියන්න පුළුවන්. “අප්පට සිරි”, කොස්තාපල් පුඥ්ඥසෝම බලලා “අයියෝ ඇයි මහේන්ද්‍ර මේ වගේ චිත්‍රපටවල රඟපාන්නේ කියලා” කෙනෙකුට බණින්නත් පුළුවන්. ඒත් අපේ සිනමාවේ මේ අර්බුද විසඳෙන තුරු සිනමාව ඔතැනම තියෙයි. අපිට පවතින්න ඔය හැම නිර්මාණයකටම එකතුවෙන්න වෙයි.
 
ආරියවංශ කුලතිලක

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1927

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2946

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3270

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1323

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3181

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2370

Please publish modules in offcanvas position.