Coss Ear2
lakbima.lk
COSS Ear 1

Derana Star city Comedy season Grand final තරගය පසුගිය ඉරිදා ඔබත් නරඹන්න ඇති. කලාලොවේ ජනප්‍රිය තරු ජෝඩු 15 ක් තරග වැදුණු මේ තරගයේ අවසන් වටයට තේරුණේ “ශාන්ත ගාල්ලගේ සහ මහින්ද පතිරගේ” 
“ධනුෂ්කා ඉරෝෂනී සහ ගයාන් මාවලගම”  “වසන්ත දුග්ගන්නාරාල සහ අජිත් ලොකුගේ” යන තරකාවනුයි. මෙහිදී දුකා හා අජිත් ජයග්‍රහණය හිමිකරගත්තා. හාස්‍ය රංගනය තුළින් ජනප්‍රියත්වයට පත් ශිල්පීන් සමග තරග කරලා ජය හිමිකරගත්තු මේ දෙන්නා ප්‍රචලිත වෙලා හිටිය විකට ශිල්පීන් විදියට ‍නෙවෙයි. ඒකත් මේ ජයග්‍රහණයේ ඇති විශේෂත්වයක්.
 
අපේම ක්ෂේත්‍රයේ සමහරු කතා කරලා මේ වැඩසටහනට යන්න එපා කිව්වා
 
අජිත් ලොකුගේ
 
මම ගාල්ලේ දෙරණ නාට්‍යයක් කරද්දී දෙරණින් කථාකරලා මේ වැඩසටහනට මාව තෝරා ගෙන ඉන්න බව දැන්නුවා. ඊට සම්බන්ධ ශිල්පීන් කීප දෙනාගේ නම් කියද්දී මට හිතුණා දුකා එක්ක මේකට සහභාගි වෙන්න. මම දුකාව තෝරාගන්න කැමැතියි කියලා දෙරණට කියලා ඉන්පසුව ඒ වෙලාවේම දුකාට කෝල් කළා. දුකත් වැඩේට කැමැති වුණා.
මම මේ කටයුත්තට දායක වූ බව දැනගත්තම අප් ක්‍ෂේත්‍රයේ සමහරු මට කෝල්කරලා දොස් කිව්වා. විකට වැඩසටහනකට යන එක මහ ලොකු වරදක් විදියටයි ඒ අය දැක්කේ. හැබැයි එහෙම කිව්ව අය මහලොකු දේවල් කරලා නැහැ. එයාලා තුට්ටු දෙකේ කටයුතුවලට දායක වූ අවස්ථාත් තියෙනවා. ඒත් ඔවුන් එක්ක මම තර්ක කරන්න ගියේ නැහැ.
දුකයි මමයි මුලදීම කතාකරගත්තු දෙයක් තමයි මචං අපි අතර මගදී හැලුනත් නිර්මාණාත්මක දෙයක් කරමු කියන එක. Jock කියන්නේ එකක් Comedy කියන්නේ තව එකක්. අපිට අවශ්‍ය වුණේ  Jock කරලා ජෝකර්ලා නොවී Comedy කරන්න. මම හිතන්නේ අපිට ජය ලැබුණේ ඒ හින්දා.
 
ප්‍රවීණයෝ ඉදිරියේ අපි කැපිලා යයි කියලා මුලදී හිතුණා
 
වසන්ත දුග්ගන්නාරාල
 
මුලින්ම මේ තරගයට දෙරණින් ආරාධනා ලැබුණම මට දැනුණේ දෙගිඩියාවක්. මගේ කාර්ය බහුලකම එක්ක මේ තරගයට ඉදිරිපත් වන්න කාලය හොයාගැනීම ප්‍රශ්නයක් වේවි කියලා හිතුණා. ඔය වෙලාවේ අජිත් ලොකුගේ මට කතාකරලා කිව්වා එයා මාත් එක්ක තරගයට එකතුවන්න කැමැතියි කියලා. වේදිකාව කතාව වගේම ටෙලි නාට්‍ය තුළත් කාලයක් රැඳී ඉන්න අජිත් වගේ කෙනෙක් එක්ක එකට කටයුතු කරන එක පහසුවෙයි කියලා මට හිතුණා. ඊට පස්සේ තමයි අපි දෙන්නා තරගයට ගියේ. අපි දෙන්නම හාස්‍ය නළුවෝ නමෛයි. ප්‍රවීණ දක්ෂ හාසේ‍යා්ත්පාදක රංගන ශිල්පීන්, ශිල්පිනියන් තරගයේ ඉන්නකොට මුලදී අපිට හිතුණේ අපිව කැපිලා යයි කියලා. ඒත් පියවරෙන් පියවර ඉදිරියට එද්දී අප දෙදෙනාටම ආත්ම විශ්වාසයක් ඇතිවුණා. Black Box නමැති නාට්‍ය සම්ප්‍රදාය මෙහිදී අනුගමනය කරන්න අපි තීරණය කළේ මුලදීමයි. එතැනදී පසුබිමට අදාළ දේ ප්‍රේක්ෂකයා දන්නවා නළුවන් දන්නේ නැහැ. මම හිතන්නේ අපි කළ දේ සාර්ථක වූ හින්දයි ජයග්‍රහණය ලැබුණේ.
මේ තරගාවලියේ එක අවස්ථාවක රක්ෂණ නියෝජිතයෙක් තමන්ගේ සේවාදායකයා හොයාගෙන යද්දී මහසෝනා ගැටුණ සිදුවීමක් තිබුණා. එතැනදී ඔහු මහසෝනාටත් ජීවිත රක්ෂණයක් ලබාදෙනවා. ඒ ජවනිකාව රඟපෑවට පස්සේ රක්ෂණ නියෝජිතයන්ට අපහාස කළා කියලා ලොකු ප්‍රශ්නයක් අපි දෙන්නාට ආවා. නිර්නාමික කෝල් එන්න ගත්තා. කොටින්ම මරණ තර්ජන පවා ආවා.
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ
  1. උදිත් නාරායන්ගේ පුතා එක්ක සංඛ දිනෙත් මොකද කළේ?
  2. පුතා ගායකයෙක් වෙනවා දකින එකයි මගේ ලොකුම හීනය
  3. අනෝමාගේ ප‍්‍රකාශයට අධ්‍යක්ෂවරයාගෙන් සැර පිළිතුරක්
  4. ළමා චිත්‍රපට හදපු සෝමරත්න වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටයක් හදලා
  5. මාලනී කියන්නේ නවක අධ්‍යක්ෂවරයෙකුට වුණත් මෙහෙයවන්න පුළුවන් නිළියක්
  6. අපි දෙන්නා හමුවුණේ මහ ‍පොළොවෙදී ‍නෙවෙයි
  7. සොඳුරු අතිතයේ නිමල පැතුම වී මග හද තුළ ඔබ ඉන්න ඇති
  8. බර්ත්ඩේ සප්‍රයිස් දෙන්න ගිහින් තව ‍පොඩ්ඩෙන් ඒ පවුල කැඩෙනවා
  9. හිර ගෙදරදී හමු වූ යුවතියක් මට මහ පුදුම කතාවක් කිව්වා
  10. පරපුර හදලා මාව නැති වුණා
  11. සුමති සම්මානයෙන් පිඳුම් ලද හොඳම වෙළෙද දැන්වීමේ කතාව
  12. දසුන්ගේ මරණය පැහැසරාටත් ප්‍රශ්නයක්
  13. ළමා තාරකාව ලෙස ලොකුම සම්මානය ලැබුණා
  14. ඒ සුදුසුකම මට නැහැ
  15. ප්‍රතිපත්තියක් විදිහට මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.