Coss Ear2
lakbima.lk
COSS Ear 1

හා හා පුරා රිද්ම කතාබහට එකතු වන මේ මොහොතේ අනුත්තර විදියට අපිට හමුවන සචිරගේ තොරතුරු ටිකක් කියන්න ?
මගේ ගම නුවර, කටුගස්තොට. මම ඉපදුනේ 1998 අගොස්තු 17 වැනිදා. මම ඉගෙන ගත්තේ මහනුවර, කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ.
 
දැන් පාසල් අධ්‍යාපනය නිමා කරලද ඉන්නේ ? 
2017 උසස් පෙළ විභාගයට පෙනී සිටියා. වාණිජ අංශයෙන් තමයි විභාගය කළේ. දැන් ඉන්නේ මාලබේ අයියලගේ ගෙදර.  Audit firm එකක රැකියාවක් කරනවා. තවම ප්‍රතිඵල ආවේ නැහැනේ. කැම්පස් යන්න තමයි හීන මවන්නේ.
 
එතකොට නළුවෙක් වෙන්න හීනයක් හිතේ තිබුණේ නැද්ද? 
පුංචිම කා‍ලේ නම් පාස‍ලේ විවිධ ප්‍රසංගවල රඟපාලා තිබුණා. ඒත් ඉස්කෝ‍ලේ ලොකු පන්තිවලට එනකොට පාසල් වේදිකා නාට්‍යයකවත් රඟපාලා තිබුණේ නැහැ.
 
එතකොට ඒලෙවල් චිත්‍රපටයේ අනුත්තර වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද? 
රොහාන් පෙරේරා සර් චිත්‍රපටයට නළු නිළියන් හොයන්න අපේ ඉස්කෝලෙට ආවා. අපේ ඉස්කෝ‍ලේ නාට්‍ය හා රංගකලා ටීචර් එදා උදේ ඇවිත් අපිට කිව්වා ඉස්කෝ‍ලේ ඇරිලා ඉන්න. චිත්‍රපටයකට නළු නිළියන් තෝරන්න එනවා කියලා. ඒත් දවල් වෙද්දී අපිට ඒක අමතකයි. මමයි මිතුරෝ දෙන්නෙකුයි වෙන වැඩකට එළියට ගියා. ආයෙම ඉස්කෝලෙට එද්දී රොහාන් සර් ඇවිත් කට්ටියව ඉන්ටර්විව් කරනවා. මාත් එතැනට ගියා. මාව දැකලා රොහාන් සර් මට කතා කළා. 
 
ඒ වෙලාවෙම සචිරව අනුත්තරගේ චරිතයට තෝරා ගත්තද? 
මගෙන් සාමාන්‍ය තොරතුරු, පවු‍ලේ තොරතුරු ගොඩක් ඇහුවා. ඊට පස්සේ කිව්වා චිත්‍රපටයට නළු නිළියෝ තෝරා ගන්න ඉන්ටව්වි කරන්න ඉස්කෝලෙට ආව සිදුවීම තාත්තට කියන විදියට කියන්න කියලා. දුකක් දැනුණම, තරහක් දැනුණම මූණේ ඉරියව් පෙන්නන්නත් කිව්වා. ඊට පස්සේ නම්බර් එක ඉල්ලා ගත්තා. පස්සේ තමයි කෝල් කරලා කිව්වේ මාව චිත්‍රපටයට තෝරා ගත්තා කියලා. හැබැයි මාව තෝරාගෙන තියෙන්නේ ප්‍රධාන චරිතයකට කියලා දැනගත්තේ පස්සේ. 
 
පාසල් යන අතරේ ප්‍රේමවන්තයෙකුගේ චරිතයක් රඟපාන්න වුණාට පාසලෙන් ගෙදරින් තහංචි ආවේ නැද්ද?
පෙම් චරිතයක් වුණාට ඒකේ ලොකුවට ප්‍රේම ජවනිකා තිබුණේ නැහැ. මූණෙන් ඉරියව් මතුකරන කතා කර කර ඉන්න ජවනිකා තමයි තිබුණේ. ඒ හින්දා ගැටලුවක් වුණේ නැහැ. ඒත් රඟපාන්න ගියාම මුලදී ඒ වගේ ජවනිකා රඟපාන කොට ‍පොඩි ලැජ්ජා ගතියක් දැනුණා. ඒත් පස්සේ ටිකෙන් ටික හරි ගියා. 
 
ඒලෙවල් එක්ක යාළුවෝ ගොඩක් මුණගැසුනලු නේද?
ඔව්, අපි කට්ටියම එක වයසේ අය. හැමෝගෙම පළමු රඟපෑම. කට්ටියම හොඳ යාළුවෝ වුණා. අදටත් ඒ යාළුකම තියෙනවා. 
 
පාසල් අවධියේදීම චිත්‍රපටයක ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණා. දැන් ඔබ ජනප්‍රිය නළුවෙක්. මේ ජනප්‍රියත්වයත් එක්කම දිගටම නළුකමේ රැඳිලා ඉන්නද කල්පනාව.
ඔව්, තවත් චිත්‍රපටයකට ආරාධනාවක් නම් ලැබුණා. ඒත් ඒ ගැන වැඩිවිස්තර දන්නේ නැහැ. අධ්‍යාපනය දියුණු කරගෙන පරිපාලන සේවයේ රැකියාවක් කරන්න තමයි මම ගොඩක් කැමති. ඒ අතරේ හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණා. රොහාන් සර්ගෙනුත් අහලා රඟපාන්න යනවා. 
  1. ඒ ලෙවල් පංතියට ළමයි හොයන්න මාස 4ක් රට වටේ ගියා
  2. “පහ සමත්” චිත්‍රපටයෙන් ලංකාවෙන්ම 1 වුණාට ශිෂ්‍යත්වය ලකුණු 2ක් මදි වුණා
  3. සමන් ලෙනින් අන්තර්ජාතික ඇගයුමට පත්වෙයි
  4. මහසෝනාට ජීවිත රක්ෂණයක් දෙන්න ගිහින් දුකාටයි අජිත්ටයි මරණ තර්ජන
  5. උදිත් නාරායන්ගේ පුතා එක්ක සංඛ දිනෙත් මොකද කළේ?
  6. පුතා ගායකයෙක් වෙනවා දකින එකයි මගේ ලොකුම හීනය
  7. අනෝමාගේ ප‍්‍රකාශයට අධ්‍යක්ෂවරයාගෙන් සැර පිළිතුරක්
  8. ළමා චිත්‍රපට හදපු සෝමරත්න වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටයක් හදලා
  9. මාලනී කියන්නේ නවක අධ්‍යක්ෂවරයෙකුට වුණත් මෙහෙයවන්න පුළුවන් නිළියක්
  10. අපි දෙන්නා හමුවුණේ මහ ‍පොළොවෙදී ‍නෙවෙයි
  11. සොඳුරු අතිතයේ නිමල පැතුම වී මග හද තුළ ඔබ ඉන්න ඇති
  12. බර්ත්ඩේ සප්‍රයිස් දෙන්න ගිහින් තව ‍පොඩ්ඩෙන් ඒ පවුල කැඩෙනවා
  13. හිර ගෙදරදී හමු වූ යුවතියක් මට මහ පුදුම කතාවක් කිව්වා
  14. පරපුර හදලා මාව නැති වුණා
  15. සුමති සම්මානයෙන් පිඳුම් ලද හොඳම වෙළෙද දැන්වීමේ කතාව

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.