Coss Ear2
lakbima.lk
COSS Ear 1

චක‍්‍රවර්ති අශෝක් සම්රාත් නම් වූ ඉන්දියානු ටෙලි නාට්‍යයේ, එනම් අධිරජ ධර්මාශෝක නාට්‍යයේ පේ‍්‍රක්ෂකයන් මේ දිනවල පසුවන්නේ සිත් තැවුලිනි. එයට එක් හේතුවක් වන්නේ අශෝක රජතුමාගේ මව වූ රානි ධර්මා දේවියගේ අභාවයයි. චරිතයට අනුව වයස අවුරුදු 50 ඉක්මවා සිටින ධර්මා දේවියගේ චරිතය සඳහා රංගනයෙන් දායක වී තිබෙන්නේ මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන ඉන්දියානු රංගන ශිල්පිනි පල්ලවි සුභාෂ් විසිනි.
පල්ලවි සුභාෂ් 1984 වසරේ ජුනි 9 වන දා ඉන්දියාවේ මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ උපත ලබන අතර පාසැල් අධ්‍යාපනයෙන් පසු ඇය මුම්බායි විශ්වවිද්‍යාලයෙන් වාණිජ විෂය ධාරාව සඳහා උපාධිය ද හිමි කර ගනු ලබයි. ඉන් අනතුරුව සිය අධ්‍යාපන මට්ටමට උචිත රැකියාවක් ලැබෙන තුරු ඇයට කෙටි කාලයක් බලා සිටින්නට සිදු වේ. පල්ලවිට නිරූපණ ක්ෂේත‍්‍රයේ දොරටු විවර වන්නේ ඒ අතරතුරේදීය. සිය අධ්‍යාපන මට්ටමට සුදුසු රැකියාවක් ලැබෙන තුරු නිරූපණ ක්ෂේත‍්‍රයේ නිරත වන ඇයට පසු කාලයේ විදේශ බැංකුවක රැකියාවක් ලැබුණද නිරූපණ ක්ෂේත‍්‍රයේ කටයුතු සමග කාර්ය බහුල වන ඇයට බැංකු රැුකියාව මග හැරී යන්නේ නොදැනුවත්වමය. නමුත් ඉන් පසුතැවිල්ලට පත් නොවන පල්ලවි නිරූපණ ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යා හැකි මාර්ග සඳහා මංපෙත් සාදා ගනු ලබන්නීය.
පළමු වරට 2004 වසරේ දී Tumhari Disha නාට්‍ය මාලාවට රංගනයෙන් දායක වන ඇයට ඉන් අනතුරුව Karam Apna Apna" Basera" Char Diwas Sasuche වැනි ඉන්දියානු රූපවාහිනී නාට්‍ය මාලාවන්හි ප‍්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නට අවස්ථාව උදා වේ. 2014 වසරේ දී ඇයට ඓතිහාසික කතාවක් ඇසුරින් නිර්මාණය කරනු ලැබූ Chakravartin Ashoka Samrat හි අශෝක රජතුමාගේ මවගේ චරිතය සඳහා දායක වන්නට ලැබීමත් සමග ඇය සම්මානනීය නිළියක බවට පත් වන්නට පවා අවස්ථාව ලැබේ. එයට හේතුව මේ වනවිට Chakravartin Ashoka Samrat හි ධර්මාගේ චරිතය වෙනුවෙන් ඇය රූපවාහිනී සම්මාන කීපයක් සඳහා නිර්දේශ වී තිබීමත් ඉන් සම්මාන දෙකක් දිනාගෙන තිබීමත් යන කරුණු නිසාය. මීට අමතරව ඇයට රූපවාහිනී සම්මාන උළෙල දෙකකදී හොඳම දුෂ්ඨ චරිතය සඳහා වන සම්මානද ලැබී තිබේ.
මේ වනවිට වෙළඳ දැන්වීම් 28 ක, රූපවාහිනී නාට්‍ය 15 කට අධික ප‍්‍රමාණයක සිය රංගන කුසලතාව දක්වා ඇති ඇය මරාති, තෙළෙ`ගු සහ කන්නඩා චිත‍්‍රපට 16ක සහ එක් සිංහල චිත‍්‍රපටයක ර`ගපා තිබේ. ඇගේ රංගන කුසලතාව ශ‍්‍රී ලාංකේය සිනමා පේ‍්‍රක්ෂකයන්ට දැක ගැනීමට අපේ‍්‍රල් මාසය අවසානයේ දී එනම් අපේ‍්‍රල් මස 26 වනදා සිට භාග්‍ය උදා වේ. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ එච්. ඞී පේ‍්‍රමසිරි මහතාගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ බිම්බා දේවි නොහොත් යශෝධරා සිනමා නිර්මාණයෙනි. පල්ලවි සුභාෂ් මෙම සිනමා නිර්මාණයෙහි ප‍්‍රධාන චරිතය වන බිම්බා දේවිය නොහොත් යශෝධරා දේවියගේ චරිතය සඳහා රංගනයෙන් දායක වී තිබේ. 
 
දුලංජලී මුතුවාඩිගේ

නිවේදකයෙක් විදිහට හඳුනාගන්න කලින් බොහෝ දෙනා ඔබව දැනගෙන හිටියේ රංගන ශිල්පියෙක් විදිහටයි. ඒ අතරිනුත් කෝපි කඩේ ටෙලි නාට්‍යයේ සෝමදාසගේ චරිතය තමයි ප්‍රේක්ෂකයන්ට වඩාත්ම සමීප වුණේ. එහෙම නේද? 
 
ඔව්. නිවේදකයකු වීමේ දොරටුව මට විවර වුණෙත් නළුවෙක් විදිහට මා ලබා තිබු ජනප්‍රියත්වය නිසාම තමයි. ශනිදා වාසනාව ලොතරැයිය මුලින්ම දිනුම් අදින්න පටන් ගනිද්දී මට ආරාධනාවක් ලැබුණා එහි ආරම්භක නිවේදකයා විදිහට එක්කාසු වෙන්න. 'කෝපි කඩේ' මාගේ රඟපෑම් ඒ වෙනකොට ජනප්‍රිය වෙලා තිබුණු නිසා තමයි මට ඒ අවස්ථාව ලබාදෙන්න තීරණය කරලා තිබුණේ. 
 
ඔබ රඟපෑමට විතරක් ‍නෙවෙයි නිවේදන කටයුතු වලටත් දක්ෂයෙක් බව රටම දැන ගත්තේ එතැනින්? 
 
ඔව්. ලොතරැයි නිවේදන කටයුතුවලට එකතු වුණාට පස්සේ ඒ ලබපු ජනප්‍රියත්වය නිසා මට ප්‍රසංග වේදිකාවට නිවේදන ශිල්පියෙකු විදිහට පය තියන්න අවස්ථාව උදාවුණා. මම නිවේදන වෘත්තියට පිවිසිලා දැන් අවුරුදු 30ක් විතර වෙනවා.  අද වෙද්දී මට වෙලාවකට පුදුමත් හිතෙනවා ජනතාව මගේ හඬට මේ තරම් ආදරය කරන්නේ ඇයි කියලා. 
 
ඔබේ ගැඹුරු හඬට දැන්  එළිමහන් ප්‍රසංග වේදිකාවේදී ඉහළ වටිනාකමක් හිමි වෙනවා? 
 
අනිවාර්යයෙන්ම ඔව්. රුපියල් 2500-3000 වගේ මුදලකින් තමයි මම මේ ගමන පටන් ගත්තේ. ඒත් අද වෙද්දී මගේ ගාන ඊට වඩා ගොඩක් වැඩියි. 
 
වෘත්තිය ගරුත්වය හෑල්ලුවට ලක් කරන නිවේදකයොත් වේදිකාවේ ඉන්නවා කියලද ඔබ ඔය නොකියා කියන්නේ? 
 
මම ප්‍රසංග නිවේදකයෙකු විදිහට රටවල් විශාල සංඛ්‍යාවකට ගිහින් තියෙනවා. ඩුබායිවලට විතරක් 37 වතාවක් ගිහින් තියනවා. නමුත් විදෙස් ප්‍රසංගයකට යනවා කියලා මගේ වටිනාකම හෑල්ලුවට ලක් කරගන්න මම කැමති නෑ. හැබැයි විදෙස් සංචාරයක් කියලා කිව්වාම ඒකට කෑදර වෙලා දෙන ඕනෑම ගාණක් බාරගන්නා නිවේදකයොත් ප්‍රසංග වේදිකාවේ ඉන්නවා. 
 
ඇත්තටම ඔබට ප්‍රසංග වේදිකාවේ ඉහළ ඉල්ලුමක් හිමිවෙන්නේ ඔබේ කටහ¾ෙඩ් සුවිශේෂත්වය නිසාම පමණක් ‍නෙවෙයි නේද? 
 
ප්‍රසංග වේදිකාවේදී මම විනය ගැන ලොකු සැලකිල්ලක් දක්වනවා. මම කවදාවත් මත්පැන් බිගෙන වේදිකාවට නැගලා නැහැ. ඒ වගේම ප්‍රසංග සංවිධායකවරයාගේ සිතුම් පැතුම් හොඳින් හඳුනාගෙනයි  මම මගේ වැඩේ කරන්නේ. ප්‍රසංග වේදිකාවේදී මගේම රීති මාලාවක් මට තියෙනවා කියලා කීවොත් වඩාත් නිවැරදියි. 
 
නළුකමට වඩා නිවේදන වෘත්තිය ඔබට ආර්ථික වශයෙනුත් ශක්තියක් වුණා කියලා කියන්න පුළුවන්ද? 
 
රඟපෑමෙන් අපට ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. ප්‍රසංග වේදිකාවෙන් තමයි මේ තරම් කාලයක් මට හොඳ වටිනාකමක් ලැබුණේ. දැනටමත් 2019 වසරේ අප්‍රේල් වනතුරුම ප්‍රසංග සඳහා මගේ දින වෙන් කරලා ඉවරයි. මේ අවුරුදු මාසෙත් මම කවදාවත් රෑට ගෙදර නැහැ.

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1191

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1055

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1651

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3174

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4023

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4154

Please publish modules in offcanvas position.