Coss Ear2
lakbima.lk
COSS Ear 1

ප්‍රවීණ සිනමාවේදී බෙනට් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය වන ‘නෙලා’ චිත්‍රපටය අද (14) CBL මණ්ඩලයේ සිනමා ශාලා රැසකදී ප්‍රදර්ශනය ඇරඹේ. මෙහි දැක්වෙන්නේ එම චිත්‍රපටය පිළිබඳව ඔහු සමග කළ සංවාදයකි.
 
මීට පෙර නවකතාවක් ලෙස ජනතාව රසවිඳි කතා පුවතකුයි ඔබ මෙවර ඔබේ සිනමා නිර්මාණය සඳහා පාදක කරගත්නේ?
 
ඔව්. ඒ තමයි ස්පාඤ්ඤ ජාතික ශ්‍රේෂ්ඨ නවකතාකරුවකු වන බෙනිටෝ පෙරොස් ගල්දොස් විසින් 20 වන සියවස මුල් භාගයේදී රචනා කරන ලද ‘මරිය නෙලා’ නවකතාව. ඉන්ද්‍රානි රත්නසේකර විසින් ‘නෙලා’ නමින් එය සිංහල බසට පරිවර්තනය කළා. එය මා හුඟක් ආසාවෙන් රසවිඳි නවකතාවක්. එම ‘නෙලා’ නවකතාව  ඇසුරෙන් තමයි ‘නෙලා’ චිත්‍රපටයේ තිර පිටපත රචනා කළේ. 20 වන සියවසේ මුල් භාගයේදී ලංකාවේ තේ වගාව ආරම්භ කළ ලාංකික සිංහල පවුලක් වටායි මේ කතා පුවත ගෙතිලා තියෙන්නේ.
 
‘නෙලා’ සමග එක්වූ නළු නිළි පිරිස ගැන සිහිපත් කළොත්?
 
උදාර රත්නායක, ශලනි තාරකා සහ තාරුකා වන්නිආරච්චි මෙහි ප්‍රධාන චරිත රඟපානවා. සේමිණී ඉද්දමල්ගොඩ, පුෂ්පරානි සත්‍යා, ට්‍රිනී වාස්, කුමිඳු දොඩන්තැන්න, රොෂාන් පිලපිටිය, පාලිත සිල්වා සහ අනුර ධර්මසිරිවර්ධන වැනි දක්ෂ නළු නිළි පිරිසකුත් මම මීට එකතු කරගත්තා. මම ජනතාව මේ චිත්‍රපටයට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා.
සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපතිවරයා වන ඔබගේ මූලිකත්වයෙන් මීට මාස කිහිපයකට පෙර සිනමාවේ දැනට පවතින අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනාවලියක් රජයට ඉදිරිපත් කළා. තවමත් එහි ඇතුළත් යෝජනා ක්‍රියාත්මක බවක් පේන්නට නැහැ.
ඔව්. අපි බලාගෙන ඉන්නවා ඉක්මනින්ම ඒ ගැන අවධානය යොමුවේවි කියලා. අපි ඉදිරිපත් කළේ චිත්‍රපට බෙදාහැරීම පිළිබඳව යෝජනාවලියක්. බෙදාහැරීම් අර්බුදය වළක්වා ගැනීම සඳහා ගතහැකි විසඳුම් අපි එහි අන්තර්ගත කළා. මොකද, කොහොමද චිත්‍රපට තෝරාගන්නේ, කොහොමද චිත්‍රපට 
බෙදාහරින්නේ කියලා නිශ්චිත වැඩපිළිවෙළක් 
තිබිය යුතුයි. එතකොට තමයි හැම සිනමාකරුවකුටම සාධාරණයක් ඉටුවෙන්නේ.
 
අද පවතින ක්‍රමවේදය අනුව චිත්‍රපට ප්‍රදර්ශනයේදී සිනමාකරුවන් සැමට සාධාරණයක් ඉටුවෙන්නේ නෑ කියලාද ඔබ කියන්නේ?
 
ඔව් මොකද සිනමා පට විශාල සංඛ්‍යාවක් මේ වනවිටත් ‍පෝලිමේ තියෙනවා. දුවනවා කියලා හිතන වණිජ ගණයේ චිත්‍රපටවලට චිත්‍රපට ප්‍රදර්ශනයේදී ප්‍රමුඛත්වයක් ලැබෙනවා. මොකද ප්‍රදර්ශනමණ්ඩල තමයි තීරණය කරන්නේ මොනවද ප්‍රදර්ශනය කරන්නේ කියලා. හරිනම් වාණිජමය වගේම කලාත්මක වටිනාකමක් තියෙන චිත්‍රපට වලටත් නියම ස්ථානය ලැබෙන්න ඕනේ.
 
චිත්‍රපට දෙකක් අතරට තවත් චිත්‍රපටයක් ඇතුළු කරලා 4.15 දර්ශනයක් මේ වනවිටත් නිර්මාණය කරගෙන තිබෙන්නෙත් චිත්‍රපට ‍පෝලිමට විසඳුමක් ලෙසයි නේද?
 
එහෙම කරලා ප්‍රේක්ෂකයන් අතරමං කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒකයි අපි කියන්නේ චිත්‍රපට බෙදාහැරීමේ සිට ප්‍රදර්ශනය දක්වා විධිමත්ව තිබිය යුතුයි කියලා. එහෙම නැතුව ගැප් එකට චිත්‍රපට දාලා චිත්‍රපට ‍පෝලිමට විසඳුම් හොයන එක සාර්ථක කැහැ.
 
සමන්මලී නැලිගම
  1. බොරු කතා එපා බොරු සංවාද එපා
  2. ඔබත් මමත් ඇයත් හි ‘මැට්ටි’ නොහොත් සාන්ජ් මාතූර්
  3. උපේඛා අක්කත් එක්කම මංගල ගමන් යයි
  4. මගේ තාත්තාගේ හීනයක් තමයි මම සැබෑ කළේ
  5. විජයබා කොල්ලය වැඩ ඇරඹෙයි
  6. එදා මම හැරිලා ගියා නම් කවුරුවත් මාව දන්නේ නැහැ
  7. 'කෝටිපතියෝ' තුළින් කතා කරන්නේ පාතාලයට එරෙහි සටනක් ගැනයි
  8. තමන්ගේ බෑණාට ලැබුණු අපූරු තෑග්ග ගැන ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කතාව
  9. දත්වලින් කම්බි නවන, ඇඟිලිවලින් කෝච්චි තල්ලු කරන අපේ කා‍ලේ යෝධයා
  10. පෙම් ජවනිකා රඟපානකොට මුලදී ලැජ්ජාවක් ඇති වුණා
  11. ඒ ලෙවල් පංතියට ළමයි හොයන්න මාස 4ක් රට වටේ ගියා
  12. “පහ සමත්” චිත්‍රපටයෙන් ලංකාවෙන්ම 1 වුණාට ශිෂ්‍යත්වය ලකුණු 2ක් මදි වුණා
  13. සමන් ලෙනින් අන්තර්ජාතික ඇගයුමට පත්වෙයි
  14. මහසෝනාට ජීවිත රක්ෂණයක් දෙන්න ගිහින් දුකාටයි අජිත්ටයි මරණ තර්ජන
  15. උදිත් නාරායන්ගේ පුතා එක්ක සංඛ දිනෙත් මොකද කළේ?

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.