Coss Ear2
lakbima.lk
COSS Ear 1

හොලිවුඩ් බොලිවුඩ් වගේම දමිළ චිත්‍රපට නරඹන්නත් අපේ ප්‍රේක්ෂකයෝ කැමතියි. මේ දිනවල CBL මණ්ඩලයේ සිනමා හල් 50ක රට පුරා තිරගත වන කෝමාලි කිං දමිළ චිත්‍රපටයක් මේ වන විට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තිබෙන චිත්‍රපටයක්. මේ සතියේ 'රිද්ම' තුළින් මේ විදියට දමිළ චිත්‍රපටයක් ගැන ලියන්නේ ඇයි කියලා ඇතැම් විට ඔබ හිතාවි. මෙම චිත්‍රපටයේ විශේෂත්වයක් තියෙනවා. මෙය ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ දමිළ චිත්‍රපටයක්. 1976 දී ‍පෝමාලිගල් චිත්‍රපටය තිරගත වූ පසු සරල විනෝදාත්මක සිනමාව තුළ වාණිජමය ලක්ෂණ සහිත ද්‍රවිඩ චිත්‍රපටයක් නිර්මාණය වුණේ නැහැ. 
පිටරටක පදිංචි ද්‍රවිඩ ජාතික පවුලක් මංගල උත්සවයකට සහභාගි වෙන්න ලංකාවට එනවා. ඒ අය තාවකාලිකව කොළඹ මහල් නිවාසයක පදිංචි තමන්ගේ ඥාති නිවසක තමයි මේ දින කීපයේ ලැඟුම් ගන්නේ. එහෙම කරන්නේ හෝටලයක නවාතැන් ගැනීමේදී වන වියදම වළක්වාගන්න. ඒත් ඔවුන් ඒ සැබෑ හේතුව සඟවලා බොරු රඟපෑමක් කරනවා. මේ පවුල් දෙකේම අය ඔවුනොවුන් ඉදිරියේ කරන්නේ බොරු රඟපෑමක්. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ ඉඳන් මඩකලපුව යාපනය දක්වා විහිදී යන අපූරු කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් දිග හැරෙන්නේ. මේ දෙපිරිස එකිනෙකට කරන අහිංසක වංචාවක් හාස්‍යයෙන් පිරි සිදුවීම් දාමයක් විදියට ගලාගෙන යනවා. 
මම ශ්‍රී ලංකාවේ ඉපදිලා හැදුණු වැඩුණ කෙනෙක්. ඉගෙන ගත්තේ මහනුවර ට්‍රිනිටි කො‍ලේජ් එකේ. 1999දී මම යා ටී.වි. හරහා නිෂ්පාදන සහායකයකු විදියට ක්ෂේත්‍රයට පිවිසුණා. ඉන්පසු නෝර්වේ හා ලන්ඩන්වලට ගිහින් එහි රූපවාහිනී වැඩසටහන් වලට සම්බන්ධ වෙලා වැඩ කරලා බොහෝ අත්දැකීම් ලැබුවා. 2004දී ආයෙම ලංකාවට ඇවිත් තනිවම වාර්තා වැඩසටහන් හා දමිළ ටෙලි චිත්‍රපට හදන්න පටන් ගත්තා. කෝමාලි කිං තමයි මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. 
කෝමාලි කිං අධ්‍යක්ෂ කිංරත්නම් තමන්ගේ නිර්මාණය ගැන විස්තර කරන්න අප සමග කතා බහට එකතුවුණේ ඒ විදිහටයි. මේ චිත්‍රපටයේ තිර නාටකය සහ අධ්‍යක්ෂණය ඔහුගේයි. ඒ විතරක් නොවෙයි. ප්‍රධාන චරිතය රඟපාන්නේත් ඔහුමයි. ඔහු මීට කලින් ඉනි අවන් හා ඇගේ ඇස අග චිත්‍රපටවල රඟපාලා තියෙනවා. 
මේක කිසිම චිත්‍රපටයක කොපියක් ‍නෙවෙයි. මේක මා විසින්ම නිර්මාණය කළ කතාවක්. මේ පිටපත වසර 2ක් තිස්සේ 13 වතාවක් ලිව්වා. අධ්‍යක්ෂණය කරන ගමන් රඟපාන්න මට පුළුවන් වුණේ දර්ශන තලයට එද්දිම එහි හැම රූප රාමුවකම මම සටහන් කරගෙන හිටපු හින්දා. 
 
ලංකාවේ බහුතරයක් ජීවත් වෙන්නේ සිංහල ජනතාව ඒ නිසා මෙය සිංහල හඬ කවා ප්‍රදර්ශනය කරන්න අදහසක් නැද්ද? 
මේ කතාවේ චරිත හැසිරෙන විදියට සහ කතා බහ කරන විදිය අනුව සිංහල දෙබස්වලින් හඬ කැවුවාට ගැළපෙන එකක් නැහැ. ඒ නිසා මෙය රස විඳිය හැක්කේ උප සිරැසි යෙදීමෙනුයි. 
රාජා ගනේෂන්, කිං රත්නම්, නිලංජනි ශන්මුගරාජා, දර්ශන් ධර්මරාජ්,  ගජිනි ගනේෂන්, සත්‍ය ශ්‍රියා රත්නසම් වගේම ප්‍රියන්ත සිරි කුමාර, දයා වයමන් වැනි නළු නිළියන් මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වෙනවා. කෝමාලි කිං නිෂ්පාදකවරු හත් දෙනකු එකතුවෙලා කළ දැවැන්ත නිෂ්පාදනයක්.  
ගනේෂ් දේවනායගම්, ධාරනි රාජලිංගම්, සෙල්වස් නදන් පද්මරාජ්, එස්.බි. ලෝරන්ස් එම්. නාදන් හා නිරංග වීරසිංහ මේ සඳහා එක්වී සිටිනවා. ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් කීපයකත් ඉදිරියේදී කෝමාලි කිං තිරගත වීමට නියමිත බව  කිං රත්නම් පවසනවා. 
 
සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඔබේ අදහසක් නැද්ද? 
මට අවශ්‍ය ශ්‍රී ලාංකීය අනන්‍යතාවය මතු කරලා වාණිජමය ලක්ෂණ සහිත සරල කතාවක් තුළින් චිත්‍රපට නිර්මාණය කරන්නයි. එතකොට ඒවා පිටරටවලත් ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියලා මම හිතනවා. වර්තමාන පරපුර තුළ ඉන්න සිංහල කතා කරන සිංහල පිරිස හා ද්‍රවිඩ බස කතා කරන ද්‍රවිඩ පිරිස චරිත විදියට ඇතුළත් වූ වෙනස්ම නිර්මාණයක් ඉදිරියේදී කරන්න  හිතාගෙන ඉන්නවා. 
 
ආරියවංශ කුලතිලක
  1. නොයෙල් රාජ් අලුතින්ම සංගීත කණ්ඩායමක් පිහිටුවාගත් හේතුව රටට කියයි
  2. ශ්‍රීදේවී ගැන බොහෝ දෙනෙක් නොදන්නා කතා ටිකක්
  3. හුඟ දෙනෙකුට එදා මම කරපු දේවල් අමතකයි
  4. චිත්‍රපට බෙදාහැරීමේ අර්බුදයට තවම විසඳුම් නෑ
  5. බොරු කතා එපා බොරු සංවාද එපා
  6. ඔබත් මමත් ඇයත් හි ‘මැට්ටි’ නොහොත් සාන්ජ් මාතූර්
  7. උපේඛා අක්කත් එක්කම මංගල ගමන් යයි
  8. මගේ තාත්තාගේ හීනයක් තමයි මම සැබෑ කළේ
  9. විජයබා කොල්ලය වැඩ ඇරඹෙයි
  10. එදා මම හැරිලා ගියා නම් කවුරුවත් මාව දන්නේ නැහැ
  11. 'කෝටිපතියෝ' තුළින් කතා කරන්නේ පාතාලයට එරෙහි සටනක් ගැනයි
  12. තමන්ගේ බෑණාට ලැබුණු අපූරු තෑග්ග ගැන ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කතාව
  13. දත්වලින් කම්බි නවන, ඇඟිලිවලින් කෝච්චි තල්ලු කරන අපේ කා‍ලේ යෝධයා
  14. පෙම් ජවනිකා රඟපානකොට මුලදී ලැජ්ජාවක් ඇති වුණා
  15. ඒ ලෙවල් පංතියට ළමයි හොයන්න මාස 4ක් රට වටේ ගියා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.