Coss Ear2
lakbima.lk
COSS Ear 1

ස්වාධීන රූපවාහිනියයි දුලක්ෂියි අතර තිබුණේ ලොකු බැඳීමක්. නමුත් අද ඔබගේ රුව ස්වාධීන රූපවාහිනියෙන් ගිලිහිලා. ඇයි ඒ ?
 
මගේ කාර්යබහුලකම මත මම එයින් ඉවත්වුණා. ගෘහණියක්, බිරිඳක් විදියට කරන කටයුතු බැංකුවේ මගේ රාජකාරි කටයුතු, එක්ක, ඕනෑවට වඩා කාර්යබහුල වෙන්න මම කැමැති නැහැ. ඒ හින්දයි ඉවත් වුණේ. ඒත් නිවේදනය කියන්නේ මම ගොඩක් ප්‍රියකරන මම කැමතිම දෙයක්. බාහිරව යම් යම් වැඩසටහන් කරන්නේ ඒ නිසා. 
 
ඔබ ස්වාධීන රූපවාහිනියෙන් ඉවත්ව යාම පිටුපස යම් දේශපාලන හේතු ඇති බව ඇතැමුන් පවසනවා.
 
ඒක බොරු කතාවක්. මම දැනට වුණත් විශේෂ වැඩසටහන් සඳහා ස්වාධීන රූපවාහිනියට එකතු වනවා. 
 
දුලක්ෂි ස්වාධීන රූපවාහිනියට එකතු වීම ඔබේ පෞද්ගලික ජීවිතයට පවා බලපෑ රසවත් කතාවක්. එය සිහිපත් කරන්න කැමතිද? 
 
ආධුනික ගී රචනා තරගයකින් ප්‍රථම ස්ථානය මගේ ගී පදමාලාවකට හිමිවුණා. අදාළ උත්සවයේදී ඒ ගීතය ගායනා කළේ එවකට අතිශය ජනාදරයට පත් වී සිටි ප්‍රියංකා වීරසේකරයි. සංගීතවත් කළේ ඉන්ද්‍රචාපා බුලත්සිංහල. ඒ උත්සවය නිවේදනය කළේත් මම. එතැනදී මාව අඳුනාගත්තු ප්‍රියංකා අක්කා එයාගේ ඒක පුද්ගල ප්‍රසංගය නිවේදනය කරන්න මට ආරාධනා කළා. ස්වාධීන රූපවාහිනියේ සුමිත් අයියා ඒ උත්සවයට ඇවිත් හිටියා. ඔහු ඒ වනවිට “වසන්තයේ” කියන වැඩසටහනට නිවේදිකාවක් හොයමින් ඉඳලා තියෙන්නේ. සම්මුඛ පරීක්ෂණ, තිර පරීක්ෂණ තියලා ඔහු අන්තිමට මාවයි එම වැඩසටහන මෙහෙයවන්න යොදා ගත්තේ. ඒ වනවිට මම සිරස ටී.වී. එකේ “ලියතඹරා” වැඩසටහන් දෙකක් විතර කරලා තිබුණා. ස්වාධීන රූපවාහිනියට එකතු වුණාට පස්සේ මම සිරසින් ඉවත්වුණා. ස්වාධීන රූපවාහිනියට මාව තෝරාගත් සුමිත් අයියා සමග තමයි පසු කාලයේදී මම විවාහ වුණේ. 
 
දිගුකාලීන නිවේදන දිවිය තුළ අත්දැකීම් රැසක් ඔබ ලබාගන්න ඇති. අමතක නොවන සිදුවීම් රැසකුත් ඒ අතර ඇති 
 
අත්දැකීම් නම් අති විශාලයි. මට ජන නායකයින්, ප්‍රබල දේශපාලනඥයන්, කලාකරුවන් සමග බොහෝ සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්න අවස්ථා ලැබිලා තියෙනවා. ඇතැම් දේශපාලන චරිත අපි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. ඒ වෙලාවට උපායශීලී විදියට, වක්‍රාකාරව ඒ ප්‍රශ්නය අහලා පිළිතුර ගන්න අප දැනගත යුතුයි. නිවේදක නිවේදිකාවන්ට එම උපායශීලී බව අත්‍යවශ්‍යයි. ඒ වගේ සුවිශේෂී අවස්ථාවක් තමයි 2002 දී සාම ගිවිසුම සම්බන්ධව නාවික හමුදා මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී ඇන්ටන් බාලසිංහම් මහතා සමග මා කළ සම්මුඛ සාකච්ඡාව.
 
මොකක්ද එහි තිබෙන විශේෂත්වය
 
එදා ඒ සාකච්ඡාවට විවිධ මාධ්‍ය ආයතනවල අය සහභාගි වුණා. ඒත් අදාළ අවස්ථාවේදී නිවේදක නිවේදිකාවන්ට තනි තනිව ඔහුව සම්මුඛ සාකච්ඡාවට බඳුන් කරන්න ඉඩදුන්නේ නැහැ. සියලුම දෙනාට ප්‍රශ්න අහන්න ඉඩ දුන්නා.  ඒ වෙලාවේ සියලුම මාධ්‍යවේදීන් ඊට විරුද්ධව නැගිටලා ගියා. මම විතරයි ඉතුරු වුණේ. මම එතුමාගේ ළඟට ගිහින් සුහද කතා බහක් ඇති කරගත්තා. ඒ වෙලාවේ එය පටිගත කෙරෙන බවක් ඔහු දැන හිටියේ නැහැ. ඔහු හෘදයාංගමව සියලුම දේවල් පැවැසුවා. ඒ සාකච්ඡාව රූපවාහිනියේ විකාශය වනවිට තමයි හැමෝම එය දැක්කේ. 
 
ඔබ භයංකාර අත්දැකීම්වලටත් මුහුණ දෙන්න ඇති ?
 
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් “ගෝනගල” ගමේ ගම්වැසියන් තිස් ගණනක් කපලා කොටලා මරලා දාපු වෙලාවේ එය ආවරණය කරන්න ගිය අවස්ථාව කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. අමානුෂික විදියට මරලා දාපු අය දිහා පිරිමි අයවත් බැලුවේ නැහැ. මම ඒ මළමිනී ළඟ වාඩිවෙලා වැඩසටහන කළා. අපි වැඩසටහන අවසන් වෙලා අනෙක් ගමට ගියේ වෙලක් දිගේ. පහුවදා හමුදාව ඇවිත් ඒ වෙ‍ලේ බිම් බෝම්බ ඉවත් කරනවිට තමයි දැනගත්තේ අපි ගමන් කරලා තියෙන්නේ බිම්බෝම්බ වළලපු වළවල් උඩින් කියලා. 
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ
  1. වෙනදාට වඩා සැහැල්ලුවෙන් ගී ගැයුවා ජයග්‍රහණයේ රහස එයයි
  2. ඉදිරියේදී සිංහල හා දමිළ බසින් දැවැන්ත චිත්‍රපටයක් කරනවා
  3. නොයෙල් රාජ් අලුතින්ම සංගීත කණ්ඩායමක් පිහිටුවාගත් හේතුව රටට කියයි
  4. ශ්‍රීදේවී ගැන බොහෝ දෙනෙක් නොදන්නා කතා ටිකක්
  5. හුඟ දෙනෙකුට එදා මම කරපු දේවල් අමතකයි
  6. චිත්‍රපට බෙදාහැරීමේ අර්බුදයට තවම විසඳුම් නෑ
  7. බොරු කතා එපා බොරු සංවාද එපා
  8. ඔබත් මමත් ඇයත් හි ‘මැට්ටි’ නොහොත් සාන්ජ් මාතූර්
  9. උපේඛා අක්කත් එක්කම මංගල ගමන් යයි
  10. මගේ තාත්තාගේ හීනයක් තමයි මම සැබෑ කළේ
  11. විජයබා කොල්ලය වැඩ ඇරඹෙයි
  12. එදා මම හැරිලා ගියා නම් කවුරුවත් මාව දන්නේ නැහැ
  13. 'කෝටිපතියෝ' තුළින් කතා කරන්නේ පාතාලයට එරෙහි සටනක් ගැනයි
  14. තමන්ගේ බෑණාට ලැබුණු අපූරු තෑග්ග ගැන ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කතාව
  15. දත්වලින් කම්බි නවන, ඇඟිලිවලින් කෝච්චි තල්ලු කරන අපේ කා‍ලේ යෝධයා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.