Coss Ear2
lakbima.lk
COSS Ear 1

නිවේදකයෙක් විදිහට හඳුනාගන්න කලින් බොහෝ දෙනා ඔබව දැනගෙන හිටියේ රංගන ශිල්පියෙක් විදිහටයි. ඒ අතරිනුත් කෝපි කඩේ ටෙලි නාට්‍යයේ සෝමදාසගේ චරිතය තමයි ප්‍රේක්ෂකයන්ට වඩාත්ම සමීප වුණේ. එහෙම නේද? 
 
ඔව්. නිවේදකයකු වීමේ දොරටුව මට විවර වුණෙත් නළුවෙක් විදිහට මා ලබා තිබු ජනප්‍රියත්වය නිසාම තමයි. ශනිදා වාසනාව ලොතරැයිය මුලින්ම දිනුම් අදින්න පටන් ගනිද්දී මට ආරාධනාවක් ලැබුණා එහි ආරම්භක නිවේදකයා විදිහට එක්කාසු වෙන්න. 'කෝපි කඩේ' මාගේ රඟපෑම් ඒ වෙනකොට ජනප්‍රිය වෙලා තිබුණු නිසා තමයි මට ඒ අවස්ථාව ලබාදෙන්න තීරණය කරලා තිබුණේ. 
 
ඔබ රඟපෑමට විතරක් ‍නෙවෙයි නිවේදන කටයුතු වලටත් දක්ෂයෙක් බව රටම දැන ගත්තේ එතැනින්? 
 
ඔව්. ලොතරැයි නිවේදන කටයුතුවලට එකතු වුණාට පස්සේ ඒ ලබපු ජනප්‍රියත්වය නිසා මට ප්‍රසංග වේදිකාවට නිවේදන ශිල්පියෙකු විදිහට පය තියන්න අවස්ථාව උදාවුණා. මම නිවේදන වෘත්තියට පිවිසිලා දැන් අවුරුදු 30ක් විතර වෙනවා.  අද වෙද්දී මට වෙලාවකට පුදුමත් හිතෙනවා ජනතාව මගේ හඬට මේ තරම් ආදරය කරන්නේ ඇයි කියලා. 
 
ඔබේ ගැඹුරු හඬට දැන්  එළිමහන් ප්‍රසංග වේදිකාවේදී ඉහළ වටිනාකමක් හිමි වෙනවා? 
 
අනිවාර්යයෙන්ම ඔව්. රුපියල් 2500-3000 වගේ මුදලකින් තමයි මම මේ ගමන පටන් ගත්තේ. ඒත් අද වෙද්දී මගේ ගාන ඊට වඩා ගොඩක් වැඩියි. 
 
වෘත්තිය ගරුත්වය හෑල්ලුවට ලක් කරන නිවේදකයොත් වේදිකාවේ ඉන්නවා කියලද ඔබ ඔය නොකියා කියන්නේ? 
 
මම ප්‍රසංග නිවේදකයෙකු විදිහට රටවල් විශාල සංඛ්‍යාවකට ගිහින් තියෙනවා. ඩුබායිවලට විතරක් 37 වතාවක් ගිහින් තියනවා. නමුත් විදෙස් ප්‍රසංගයකට යනවා කියලා මගේ වටිනාකම හෑල්ලුවට ලක් කරගන්න මම කැමති නෑ. හැබැයි විදෙස් සංචාරයක් කියලා කිව්වාම ඒකට කෑදර වෙලා දෙන ඕනෑම ගාණක් බාරගන්නා නිවේදකයොත් ප්‍රසංග වේදිකාවේ ඉන්නවා. 
 
ඇත්තටම ඔබට ප්‍රසංග වේදිකාවේ ඉහළ ඉල්ලුමක් හිමිවෙන්නේ ඔබේ කටහ¾ෙඩ් සුවිශේෂත්වය නිසාම පමණක් ‍නෙවෙයි නේද? 
 
ප්‍රසංග වේදිකාවේදී මම විනය ගැන ලොකු සැලකිල්ලක් දක්වනවා. මම කවදාවත් මත්පැන් බිගෙන වේදිකාවට නැගලා නැහැ. ඒ වගේම ප්‍රසංග සංවිධායකවරයාගේ සිතුම් පැතුම් හොඳින් හඳුනාගෙනයි  මම මගේ වැඩේ කරන්නේ. ප්‍රසංග වේදිකාවේදී මගේම රීති මාලාවක් මට තියෙනවා කියලා කීවොත් වඩාත් නිවැරදියි. 
 
නළුකමට වඩා නිවේදන වෘත්තිය ඔබට ආර්ථික වශයෙනුත් ශක්තියක් වුණා කියලා කියන්න පුළුවන්ද? 
 
රඟපෑමෙන් අපට ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. ප්‍රසංග වේදිකාවෙන් තමයි මේ තරම් කාලයක් මට හොඳ වටිනාකමක් ලැබුණේ. දැනටමත් 2019 වසරේ අප්‍රේල් වනතුරුම ප්‍රසංග සඳහා මගේ දින වෙන් කරලා ඉවරයි. මේ අවුරුදු මාසෙත් මම කවදාවත් රෑට ගෙදර නැහැ.
  1. මගේ හිතේ තිබුණු හීනය ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ
  2. දුලක්ෂි පෙරේරා ස්වාධීන රූපවාහිනියේ පේන්න නැත්තේ ඇයි?
  3. වෙනදාට වඩා සැහැල්ලුවෙන් ගී ගැයුවා ජයග්‍රහණයේ රහස එයයි
  4. ඉදිරියේදී සිංහල හා දමිළ බසින් දැවැන්ත චිත්‍රපටයක් කරනවා
  5. නොයෙල් රාජ් අලුතින්ම සංගීත කණ්ඩායමක් පිහිටුවාගත් හේතුව රටට කියයි
  6. ශ්‍රීදේවී ගැන බොහෝ දෙනෙක් නොදන්නා කතා ටිකක්
  7. හුඟ දෙනෙකුට එදා මම කරපු දේවල් අමතකයි
  8. චිත්‍රපට බෙදාහැරීමේ අර්බුදයට තවම විසඳුම් නෑ
  9. බොරු කතා එපා බොරු සංවාද එපා
  10. ඔබත් මමත් ඇයත් හි ‘මැට්ටි’ නොහොත් සාන්ජ් මාතූර්
  11. උපේඛා අක්කත් එක්කම මංගල ගමන් යයි
  12. මගේ තාත්තාගේ හීනයක් තමයි මම සැබෑ කළේ
  13. විජයබා කොල්ලය වැඩ ඇරඹෙයි
  14. එදා මම හැරිලා ගියා නම් කවුරුවත් මාව දන්නේ නැහැ
  15. 'කෝටිපතියෝ' තුළින් කතා කරන්නේ පාතාලයට එරෙහි සටනක් ගැනයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.