Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔබත් මමත් ඇයත් හි ‘මැට්ටි’ නොහොත් සාන්ජ් මාතූර්

ඔබත් මමත් ඇයත් කියන නමින් අපේ රටේ විකාශය වන හින්දි මෙගා ටෙලි නාට්‍යය මේ දිනවල ඉතාම ජනප‍්‍රිය වෙමින් පවතී. ඉන්දියාවේ එස්. ඞී. ටී. වී. හි විකාශය වූ එය කොටස් 273 කින් යුක්තය. එහි ප‍්‍රධාන චරිත තුනක් තිබේ. එනම් අර්ජුන්, මායා සහ සාන්ජ් නම් චරිත තුනකි. අර්ජුන් විසින් ‘මැට්ටි’ යන සුරතල් නමින් ආමන්ත‍්‍රණය කරන අර්ජුන්ගේ බාල කාලයේ මිතුරිය වන සාන්ජ්ගේ චරිතය වෙනුවෙන් පණ පොවනු ලබන්නේ නැගී එන ඉන්දියානු තරුණ නිළියක වන අනෙරි වජානි විසිනි.
ගුජරාටි පවුල් පසුබිමකින් පැවැත එන අනෙරි වජානි, දේවේශ් වජානි සහ උර්මිලා වජානිගේ වැඩිමහල් දියණියයි. 
ඇයට ප‍්‍රියා වජානි නමින් බාල සහෝදරියකද සහ රෝහන් වජානි නමින් බාල සහෝදරයෙකුද සිටී. අනෙරි රංගනයෙන් ප‍්‍රසිද්ධියට පත්ව සිටින්නාක් මෙන් ඇගේ සොයුරිය වූ ප‍්‍රියා වජානි මුම්බායි නගරයේ ප‍්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පිනිියකි. ඇය ඉන්දියාවේ ප‍්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙකුගේම ඇඳුම් නිර්මාණ ශිල්පිනිිය ලෙසද කටයුතු කරමින් සිටියි. මේ වනවිට ප‍්‍රියා සිය සොයුරිය අනෙරිගේද ඇඳුම් නිර්මාණ ශිල්පිනිිය බවට පත්ව තිබේ.
1993 වසරේ මාර්තු මස 26 වෙනිදා මුම්බායිහි උපත ලද අනෙරි මූලික අධ්‍යාපනය ලැබුවේ Seth Juggilal Poddar Academy නම් වූ පෞද්ගලික පාසලෙනි. පාසල් අධ්‍යාපනය හමාර කර රංගනයට පිවිසෙන විට ඇගේ වයස අවුරුදු 18 කි. නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරීව සිටියදී ඇයට රංගනය සඳහා පළමු අවස්ථාව ලැබුණේ වෙළෙඳ දැන්වීමකය. ඇය විසින් රංගනයෙන් දායක වූ පළමු ටෙලි නාට්‍ය ස්ටා ප්ලස් නාලිකාවේ විකාශය වූ  Kaali - Ek Punar Avatar නම් සෝප් ඔපෙරාවකි. ඒ 2012 වසරේ දී ය. එහි සහාය චරිතයක් වූ ‘පාකි’ චරිතය අනෙරි විසින් නිරූපණය කරන ලදී. ඉන්පසු 2013 දී චැනල් වී ඉන්ඩියා හි විකාශය වූ  Crazy Stupidishq ෂියු කතා මාලාවේ ‘ෂනායා’ නම් වූ ප‍්‍රධාන චරිතය අනෙරි විසින් නිරූපණය කළේ සිය දිවියේ ර`ගපෑ පළමු ප‍්‍රධාන චරිතය ලෙසය.
තුන්වන වරට ඇය රංගනයෙන් දායක වූ භසිය් Nisha Aur Uske Cousins නම් වූ මෙගා නාට්‍යයේ Nisha Gangwal චරිතය වෙනුවෙන් 2015 වසරේ දී හොඳම නිළිය සඳහා වන ස්ටාර් පරිවාර් සම්මානය ඇය විසින් දිනා ගනු ලැබූවාය. එපමණක්ද නොව මෙම චරිතය සඳහාම සම්මාන උළෙල දෙකකදී හොඳම නිළිය ලෙස ඇය නිර්දේශ වී තිබිණි. මේ වනවිට අනෙරි විසින් රංගනයෙන් දායක වී ඇති මෙගා ටෙලි නාට්‍ය ගණන 6 කි. ඉන් පහකම ඇය පණ පොවා ඇත්තේ  ප‍්‍රධාන නිළි චරිතය වීම විශේෂත්වයකි. පසුගිය නොවැම්බර් මාසයේ ප‍්‍රවීණ අධ්‍යක්ෂවරයෙකු ඇයට ගරු රංගනයක් සඳහා සහභාගි විය හැකිදැයි අසා තිබිණි. එම අවස්ථාව තවත් රංගන ශිල්පීන් රැුසක් ගරු රංගනය සඳහා සහභාගි වන උත්සව අවස්ථාවක් රූගත කිරීමකි. නමුත් කාලය නැති බව පවසමින් ඇය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබුණු බවක් ද මාධ්‍යවල වාර්තා වී තිබිණි.
පසුගිය නත්තල් දින ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය රංගන ශිල්පීන් රැුසකගේ සහභාගිත්වයෙන් පැවැති නත්තල් උත්සවයේදී මාධ්‍යවේදියෙකු අනෙරිගෙන් මෙසේ අසා තිබිණි. ‘ඔබ දැන් භාර ගන්නේ ප‍්‍රධාන චරිතය විතරද? සහාය චරිතවලට යන්නෙ නැද්ද?’. එවිට අනෙරි පවසා තිබුණේ ‘මට කාලෙකින් සහාය චරිතයකට ආරාධනාවක් ලැබුණේ නැහැ. මේක ලොකුකමට කියපු දෙයෙක් කියලා හිතන්න එපා ඔන්න’ යනුවෙනි. එවිට තවත් මාධ්‍යවේදියෙකු ගරු රංගනවලට යන්නෙත් නැත්තේ ආරාධනා නැති නිසාදැයි ඇසූ විට ඇය ‘ඔය ඔක්කොම කරන්න තිබුණා සතියකට තව දවස් දෙක තුනක් වැඩිපුර තිබුණා නම්’ යනුවෙන් පවසා තිබිණි.
 
දුලංජලී මුතුවාඩිගේ
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.